(බන්ධුල ඉලේපෙරුම)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට ගෙවීම් සිදුකරන ක්‍රමවේදයක් ඇති බවත් ඊට පිටින් ගෙවීම් කළ නොහැකි නිසා චමින්ද වාස් සිය ඉල්ලා අස්වීම ලබාදී ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස බඳවාගත් චමින්ද වාස් ඉල්ලූ පරිදි ගෙවීමක් සිදුනොකළ නිසා ඔහු ඉවත්වීම ගැටලුවක් බවත් වෙනත් විදේශීය පුහුණුකරුවන්ට විශාල මුදලක් ගෙවද්දී ජාතික අනන්‍යතාවයකින් යුත් චමින්ද වාස් වැන්නකුට එසේ ගෙවීම් නොකරන්නේ මන්දැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විමසූ පැනයකට පිළිතුරු දෙමිනි.
“මේ සඳහා ක්‍රමවේදයක් තියෙනවා. අපිට ඕන විදයට ගෙවීම් කරන්න බෑ. පුහුණුකරුවාගේ දක්ෂතාවය මිසක් ජාතිය, ආගම, කුලය අපි බලන්නේ නෑ. ක්‍රිකට් ආයතනයට ඕනෑ විදියට ගෙවන්න බෑ. ඒ ක්‍රමවේදය සඳහා යා යුතුයි.” යැයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
අනේ ඔව්...!!! මෙච්චර කල් නාමල් සර් ගෙවීම් කරේ ක්‍රමවේද වලින්මයි...
ඒකනේ මැණික් මල්ලක් හම්බ වෙනවා වගේ ගෙවීම් කරන්න බැහැ...!
ඒ කියන්නේ වාස් කළදුටු කල වල ඉහගන්න ජාතියේ වගේ... ඔහොම අය කීයටවත් ගන්නෙපා...
රට විතරක් නෙමේ, ක්‍රිකට් ක්‍රීඩාවත් කාලා තමයි පස්ස බලන්නේ... කරන වැඩවල හැටියට, අනාගතයේදී ක්‍රිකට් පුහුණු කරුවන්ව යුක්රේනයෙන් ගෙනාවත් මම නම් පුදුම වෙන්නේ නැහැ. කොහොමත් ඉතින් මහත්වරුන්ගේ ක්‍රීඩාව මහත් හොරුන්ට ගැලපෙන්නේ නැහැ.
අනේ ඔව්.., ක්‍රමවේදයටම වඩා වැඩ කරලා වෙන්න ඇති තාත්තා, බාප්පලා කෝටිපතියන් වුණේ කොහොමද? නැතිනම් ඒකත් ඇමැති පඩියෙන් කියලා කියයිද දන්නේ නැහැ. මොකද බොහෝමයක් දේශපාලකයෝ හිතන් ඉන්නේ අපි කොණ්ඩේ බැඳපු චීන්නු කියලා. ඒකනේ චීනෙට මෙච්චර ආදරේ.
"දක්ෂතාවය මිසක් ජාතිය, ආගම, කුලය අපි බලන්නේ නෑ" මේ වගේ රටම හිතන්න ගත්ත දවසට නාමල්ලා වගේ ගොඩක් අය ගෙදර. වාස්ලාත් තව මීට වඩා රට ගැන හිතලා තීරණ ගන්නවා නම් වටිනවා..
වාස්ගෙ දහසෙන් එකක්වත් වටින්නේ නැත. එබැවින් ඔබේ කතා පිළිගැනීමට මා සූදානම් නැත...
ඉතින් සර්ට පුලුවන්නේ ඕකටත් බ්‍රිගේඩියර් හරි, ජෙනරාල් කෙනෙක් හරි පත්කරලා ප්‍රශ්නේ ඉවර කරන්න. දැන් ලොකු සර් එහෙම ප්‍රශ්න කීයක් ඉවර කළාද? එහෙම නැත්තන් මහේල, සංගා දෙන්නගෙන් උපදෙසක් අරන් වැඩේ ගොඩදාගන්න..
අපෝයි ඔව්... ක්‍රමවේදවලටම මේ මිනිස්සු වැඩ කළේ.. ඔය ක්‍රමවේදයටමද දන්නේ නැහැ හොරකම් කරන්නේ? ඒවාට ඕනෑ තරම් ක්‍රම තියෙනවනේ නේද?
මේ වැඩේට නුවන් කුලසේකරව යොදාගන්න බැරිද? ඔහු කාලයක් ලෝක පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ අංක 01ට හිටියා. අත්දැකීම් සහිත නිහතමානී, මිත්‍රශීලී පුද්ගලයෙක්.. ඇහුවොත් බෑ කියන එකක් නැහැ.
කොහෙන්ද හිනාවෙන්න ඕනෑ...?
ඔව් දැන් ඉතින් ඔය කියන ක්‍රමවේදයට විදේශිය පුහුණුකරුවෙක් ගෙනැල්ලා කරන විදිහ බලන්න පුළුවන්. තාත්තලා, බාප්පලා, පුත්තු රටේ දක්ෂ ක්‍රීඩකයින්ට පල නොකියා පලා බෙදනවා. නාමල් ඔය කියන ක්‍රමවේදය හොඳයි රාජපක්ෂවරුන්ට තව පරම්පරා ගාණකට ගොඩ යන්න. තමුන්නාන්සේලා පටන් ගත්තා දවසේ සිට හරි ක්‍රමවේදයකට කළා නම් අද අපේ රට විකුණාගෙන කන්න ඕනෑ නැහැ මහත්තයෝ. තාත්තා කියන දේ නොකරන පුතා නොටිටිගෙ පුතා කියන්නේ නිකම් නෙවෙයි.
ශම්මි සිල්වා බැණ වැදුණු නිසා වාස් අස්වුණු බවත් එය වසා ගැනීමට වාස් මුදල් මත ඉල්ලා අස්වුණු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනය කරන බවත් මාධ්‍ය වාර්තා කරලා තිබ්බා.
කණ්ඩායම ආයෙත් පෙර තිබුණු තත්වයට ගෙන ඒමට අවශ්‍ය දේශපාලන ශක්තිය ඔබතුමාට තියනවා. අපිට විශ්වාසයක් තියනවා. ඔබතුමා ඒක කරයි කියලා...
සුද්දාට ගෙවපු ගාන වාස්ට ගෙවන් නැත්තේ ඇයි? වාස් ඇහුවා ශම්මිට මාටියා ගහගන්න බැරිවුණා. එයා බැන්නා වාස් අයින් වුණා සරල කතාවක්නේ...
අද රටේ හැම දෙයක්ම සිද්ද වෙන්නේ පවුල් පාලනේ අයගේ ක්‍රමවේදයට කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
අපි දැන් වාස් කියන්නේ මොකක්ද කියලා දැනගන්න කැමැතියි. මොකද දේශපාලකයින් කියන්නෙම ටොම් පචනේ...
අර එයාර් ලංකා එකේ කෙනෙකුට පඩි ගෙවලා තිබ්බේ ක්‍රමවේදය අනුවද?
අශ්ව ගාලක ක්‍රිකට් ගහන්නේ කොහොමද?
මෙතැනදී වාස් කට ඇරියොත් අර රගර් ගහපු කෙනාට වුණු දේම තමයි වෙන්නේ...
අනේ අම්මපා නාමලුත්, අපේ සජී මලයා වගේම ඇට්ටි හැලෙන්න විහිළු සපයනවා නොවැ..
මෙතන මොකක් ද අවුල මම දන්නේ නැහැ. හැබැයි ගෙවීම් ප‍්‍රශ්නයක් නම් තියෙන්නේ, පැති 02ක් තියෙනවා. එක, වාස් වැඩට ගන්නවා නම් ඔහු ඉල්ලන ගණන අනිවාර්යයෙන්ම ලබාදිය යුතුමයි. අපේ ලංකාවේ ගොඩක් අය කරන දෙයක් තමයි අඳුරනවනේ.. රටේනේ, පොඩ්ඩක් නිකන් කරලා දුන්නාම මොකද, කියලා හිතන එක. වෘත්තියකදී, ඒ දේවල් අදාළ නැහැ. ඒවා අදාළ කරගන්න ගිහින් තමයි අද මේ වගේ තැනකට අපි වැටිලා ඉන්නේ... දෙක, ඒ වගේම අනෙක් පැත්තෙන්, කණ්ඩායම රට යන්න ඔන්න මෙන්න තියෙන අවස්ථාවක වාස් මේ වගේ එක සැරේ ඉල්ලා අස්නොවී ඉන්න තිබුණාය කියන එකයි මගේ හැඟීම... වරදක් වුණානම් එය නිහතමානීව බාරගෙන, වැඩේ හරියට කරලා පෙන්වලා, මහත්මයෙක් වගේ ඉවත් වෙන්න තිබුණා. ඒක අමාරු දෙයක්. නමුත් කළ හැකිව තිබුණා...
ඔය කියන ක්‍රමවේදය අනුව වැඩ කරලා වෙන්න ඇති... තමුන් පෙරකදෝරු විභාගේ පාස් කරන්න ඇත්තේ... නේද?
මෙයා ඔහොම කිව්වාට වාස් අයින්වුණේ මොකද කියලා වාස් මොනවද කියලා තියෙන්නේ?
හතුරුට කෝටි ගණන් තාමත් ගෙවනවා නම් වාස්ට ගෙවපුවාම අගුණයිද?
ඇත්ත කතාව මෙන්න... වාස් ඉල්ලුවේ ඩේවිඩ් ශේකර්ට දීපු පඩිය එයාට දෙන්න කියලා. මේ දෙන්නගේ දක්ෂතාව මොකක්ද කියලා බලාගන්න පුළුවන් සයිට්වලට ගියාම. වාස්ටත්, ඕස්ට්‍රේලියානු පාස්පෝර්ට් එකකුයි, ඉංග්‍රීසි නමකුයි, සුදු හමකුයි තිබ්බා නම් සර් කියලා පිළිගන්නවා. වාස්ට වඩා නාමල් වේග පන්දු පුහුණු කරුවන් ගැන දන්නවා ඇති.
අන්න එහෙම සෘජුව ඉන්න. එයා හිතන්න ඇති අන්තිම මොහොතේ ඉල්ලීම දුන්නේ නැත්තම් අපිව බකල් කරන්න. දඬුවමක් වශයෙන් ලංකාව ඇතුළත කිසිම වැඩකට එයාව ගන්න එපා.
චමින්ද වාස් ඔහුගේ සමීප හිතවතුන්ට දන්වා ඇත්තේ සිය දීමනාව සම්බන්ධ ගැටලුව සාධාරණ එකක් බවයි. ඔහුට එක්වරම අස්වෙන්නට හේතුවූ අප්‍රසන්න සංවාදය ගැනද ඔහු හිතවතුන්ට දන්වා ඇත. කළමනාකරණ අංශයේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පසුගිය කාලය පුරා සේවය කරන වාස්ට මේ කියන නව පත්වීම ලැබෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරය පිටත්ව යාමට පැය 11 ක් තිබියදී වන අතර ඔහු පැය 7 ක් (වරුවක් පමණ ) තිස්සේ තමන්ගේ වේතන සම්බන්ධ ගැටලුව නිරාකරණයට උත්සාහයක නිරත වී තමන්ට එකඟවන්නට නොහැකි තැන පත්වීම ප්‍රතික්ෂේප කළ බව කියයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි ද සිල්වා තමන්ට බැනවැදීමක් කළ බව ඔහු හිතවතුන්ට පවසා තිබේ. මින් පෙර වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේවිඩ් ශේඛර් එකදු ටෙස්ට් හෝ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කළ අයෙක් නොවූ පසුබිමක ඔහු ක්‍රිකට් ආයතනය මගින් මාසිකව ඇමරිකානු ඩොලර් 10,000 ක වැටුපක් ලබා තිබුණි. මේ අතරවාරයේ කළමනාකරණ අංශයේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස වාස් සේවය කරමින් සිටියේ ඩොලර් 3000ක මාසික වැටුපකටය.