(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට ඉදිරි දිනවලදීත් සවස් කාලයේ වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අන්තර් මෝසමේ බලපෑමෙන් මෙම වැසි ඇතිවන අතර ඒ අනුව දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට සවස 2'00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
සබරගමුව සහ උතුරු-මැද පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
වයඹ, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප‍්‍රදේශයන්හි තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව ද ඔහු කීවේය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප‍්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර එම අවස්ථාවල මුහුදු ප‍්‍රදේශ ක්ෂණිකව රළු විය හැකි බැවින් ධීවර සහ නාවුක ප‍්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර අද (22) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 ක කාලයේදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර 114.3 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ වාගොල්ල ප‍්‍රදේශයෙනි.
2025 නොවැම්බර් මස 21
165
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
235
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වැස්ස දිගටම