(ඩයනා උදයංගනී)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දස දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබේ.

එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස, මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, උප සභාපතිවරුන් වන අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා, ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, උප ලේකම්, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාරථී දුෂ්මන්ත මිත්‍රපාල, නීතීඥ සංජය ගමගේ, ආචාර්ය චමිල් ලියනගේ යන මහත්වරු මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.
මෙම කමිටුව මගින් ඉදිරියේදී ලබාදෙන නිර්දේශයන් සලකා බැලීමෙන් අනතුරුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අදහස් යෝජනා ඉදිරිපත් කරන බව ශ්‍රී.ල.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
එම යෝජනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කර තිබෙන කමිටුව වෙත භාරදීමට කටයුතු කරන බව ද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
COMMENTS
මෙම ජනාධිපති හැමදාම ඉන්නවා කියා නොසිතා අපේ කරුමෙකට සජිත් ජනාධිපති වී බදියුදීන් අගමැති වුණොත් රටට වෙන දේ ගැන හිතලා ඒ සඳහා ඇති ඉඩකඩ වසා දමන්න. සුළු ජාතිකයින්ට අගමැති, ඇමැතිකම්... ජනාධිපති වීමේ අවස්ථා ව්‍යවස්ථාවෙන්ම නැවත දමන්න.
හොයලා බලලා හොඳ නැතිනම් ඡන්දෙ නොදී ඉන්නද? එහෙම නැතිව ඇමැතිකම් වැඩිකරගන්න ඩීල් එකක් ගහගන්නද?
මෙයාලා මොනවා කිව්වත් ආවා... අපේ සර් සතේකට ගණන් ගන්නේ ඒ අයත් නිදහස් පක්ෂය අත උස්සනවා 20 ඔන්න බලන්නකෝ...
බොරු සෝබන කමිටු. 20 ට අනුමැතිය දීම ශ්‍රීලනිපයට සිදුවන්නේ ඇමති තනතුරු ටික බේරගන්න නේද?
බමුණුආරච්චිගේ අදහස එකහෙළා පිළිගනිමි. සහරාන් විධායක ජනාධිපති වුණත් කමක් නැහැ. ගෝඨාභයට විධායක බලතල නොදී කියලා හිතන්න තරම් කුහක සුළුතරයක්ද සමාජයේ සිටින බව අවබෝධ කරගෙන ඉන්න එක හොඳයි.