'ශ්‍රීලනිපයට 68 යි. මටත් 68 යි. 68 කියන්නේ පරිණතයි. අපි යෝධ බල යෝධ ශක්තියක් යොදවා දේශපාලන පරිවර්තයක් කර 20 – 20 අලුත් ආණ්ඩුවක් හදනවා' යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
‘තීන්දුව හරි අතට‘ නමින් නම් කර ඇති මෙම සමුළුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
(28535)
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)





COMMENTS
ඒ කියන්නේ අලුත් ආණ්ඩුව හදන්නේ මහජන ඡන්දෙන් නෙවෙයිද?
දවල්ද?
මොන ආණ්ඩුවක් හැදුවත් වැඩක් නැහැ. ජනතාවට සහනයක් නැත්නම්...
පරිණතයි නායක සිරිසේන... ප්‍රජාතන්ත්‍රවාදී නායක රනිල්.. මිනිස්සුන්ට නම් මේවා විහිලු වගේ...
අපි කියන්නේ කවුද? ඔය හිටපු 225 මද? එහෙනම් මොන පරිවර්තනයක්ද? වෙන නමකින් ඇවිත් අායෙත් හොරාකන එකනේ වෙන්නේ?
හරිනේ කොහොමත් මොන අපේක්ෂකයෙක් දිනුවත් එක අලුත් ආණ්ඩුවක් වෙනවනේ...
හදන කෙනෙක්ට හදාගන්න දීලා ඔය පාඩුවේ ගෙදර යන්න. පව් දුන්නා හොඳටම ඇති...
ඕක කියන්න දෙයක් නොවෙයි 20යි20 ඡන්දයක් තිබ්බොත් අලුත් ආණ්ඩුවක් තමයි. අලුත් ආණ්ඩුවක් අලුත් ජනාධිපති කෙනෙක්... කියලා වැඩක් නැහැ. සජිත් වගේ කෙනෙක් ජනාධිපති කරගන්න හිතුවොත් රටම ඉවරයි.
ඔබතුමන්ලා කොච්චර පරිණත වුනත් කුමකටද රට තව තවත් වලපල්ලට යනවා නම්...
මොන ආණ්ඩුව හැදුවත් වැඩ කරන්න බෑනේ. බැරි වුණාම කියන්න නිදහසට හේතුත් තියෙනවනේ... එදා ගේන්න බැරිවුණු අර්ජුන් මහේන්ද්‍රන් වසලයා ඡන්දෙ ලං වෙද්දී ගෙනෙයිනේ... කොහොම කළත් මං මේ පාර මං කාටවත් ඡන්දෙ දෙන්නේ නෑනේ..
කියන කතා කියවනකොට, වඩා ගන්න හිතෙනවා. ඔය පරිණත කතාවට 225 නඩේ... ඊට ප්‍රථම හිටිය කවුරු හෝ බලන්න. වැඩ බාරගන්න කොට ඉලන්දාරි වයසෙන් අවේ.. දැන් මහල්ලන් වයසට ගිහින්..., ආපසු හැරිලා බලන්න රටට කරලා තියෙන විනාසේ.., සුද්දා හදපු දේත්, කඩලා විනාශ කරලා දැම්මා බස් කොන්දොස්තර ගන්න ආදර්ශයට කොයිතරම් දුකක් විඳිනවද? බස් එකට සෙනඟ පටවන්න... කොපමණ දැම්මත් මදි.. වයසට නෙමේ වැඩ... කට කොහොමද? සල්ලි ටිකත් ඇඟිලි අස්සේ ගහගෙන සතයක් වට්ටනවද? අනේ ඒකට මේ අයියලා සීතල කාමරෙන් , වාහනයට , සැපට කකා බිබී. රටට මොනවද කෙරුවේ? අසරණ කාන්තාවන් පිටරටවල පටවල ඒවායිනුත් කොමිස් ගහනවා... 68 නෙමේ වැඩ දිහා බලනකොට.. අලුත උපන් බේබිලා වගේ. කතාවට කියන්නේ හැට පැන්නත්, වඳුරා බිමින් යන්නේ නැහැ කියලා මෙයාටයි ආණ්ඩුවටයි 68 ක්ලු, බාලගිරි දෝසේ අරින්න... වැඩ ඉක්මන් වෙන්න..
පරිණතයි කියන්නේ වයස යන එකට නොව දැනුමෙන් හා අත්දැකීම් වලින් සන්නද්ධව ඉදිරි දැක්මක් ඇතිව වැඩකිරීම. අවුරුදු ගණනාවක් දේශපාලනේ නිරතව ඉඳලත් ඉංග්‍රීසි වචනයක් බෑ.. තාක්ෂණික දැනුම බින්දුවයි. අවුරුදු 70ක් මේ රට කාල කාලා දැන් කියනවා පරිණතයි කියලා. කොහෙන් හිනා වෙන්නද කියලා මට තේරෙන්නේ නෑ.
2015 හදනවා කියාපු අලුත් එක වගේ එකක්ද? රටකට ඕනෑ මෛත්‍රී යුගයක් කියලා සින්දු කියාලා හදපු එක වගේ එකක්ද?
අනේ මෙයාගේ "බලාපොරොත්තු සිහිනය" ! කාපු දේවල රස මතක් වෙනකොට තව තවත් ඒවම කන්න "දොලදුක" හැදෙන එක සාධාරණයි තමා. සමහර ඒවා දවල් හීන පමණක් බව ලොක්කට දැනෙන්නේ ප්‍රතිඵල ආවාට පස්සේ තමයි..! එතකන් බලාඉන්න.
කාත් එක්කද? අර මෙයාව මරන්න හැදුවා කියලා මෙයාම කිව්වා... කට්ටිය එක්ක වෙන්නැති.. විලිලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයිලු නේද? මෙයා ඉල්ලුවොත් නම් ලැජ්ජා සහගත පරාජයකට පත්වීම ස්ථිරයි.
ඔබතුමාලා කවුරු මොනවා කිව්වත් දැන්නම් මේ රට හදන්න ඔයාලා කාටවත්ම බැහැ. මේ රට හදන්න නම් අඟහරු ලෝකෙන් කෙනෙක් ගේන්න ඕනෑ..
මාලා! චන්ද්‍රිකාත් එන්න හිතන් ඉන්නවද ඒ ආණ්ඩුවට? එහෙනම් ඉතින් ඇප බේරුනොත් ලොකු දෙයක්...
පරිණත මිනිසා ලංකාවට නිදහස ලැබිලා ගතවුණු අවුරුදු ගණන දන්නේ නැහැ. ජාතික ගීය වැයෙන විට කරන්නේ මොනවද කියා දන්නේ නැහැ. මාර පරිණතයක්...
මේ දේශපාලන විෂබීජය ස්පර්ශ කරමින් වැදෙන සුළඟත් ඇති, පුද්ගලයෙක් නොවේ... රටක් පවා විනාශ වෙන්න..?
මේ පාර ලොක්කා එන්නේ වෙනමම පොටකට...
පසුගිය 29 වෙනිදා සහ 30 වෙනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ශ්‍රී ලංකාවේ 9 වන කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයේ දී ලෝක ආරක්ෂක ප්‍රජාව ශ්‍රී ලංකාවේ සේනාධිනායක පල්ලෙවත්ත ගමරාළගේත් ඔහුගේ යුද අපරාධකාර යුද හමුදාපතිවරයාගේත් කණට ගසා පාඩමක් කියා දී තිබේ ඒ නම් ලෝක ආරක්ෂක බලවතුන් එකී සම්මන්ත්‍රණයට සහභාගී වීමට එවන ලද ආරාධනාව පිළිගෙන නමුත් අවසානයේ යුද අපරාධකාරයෙකු ලංකාවේ හමුදාපති කිරීම නිසා අවසාන මොහොතේ කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයට සහභාගී වීම වර්ජනය කිරීම ය.
හා හොඳයි. අමරදේවගේ සිහින හතක් දුටුවෙමි. මට ගීතය මතක් වුණා.
68 නෙමෙයි 86 වුනත් මේ අය මේ අයම තමයි. වයස වර්ධනය වෙනවා පරිණතභාවය පිරිහෙනවා. මට නම් පේන්නේ ඒ අකාරයටයි.
හදාගන්න ආණ්ඩු වලින් මේ වෙන කම ජනතාවට නම් වෙඩක් වෙලා නේ වෙඩක් කරගන්න තම තමන්ගේ පඋල් වලට නේද
පවු මේගොල්ලෝ නෙමේනේ මෙච්චර කල් ආණ්ඩු කලේ දැන් ඉතින් අලුතින් පත්වෙලා ඇවිල්ල හොඳටම රට කරයි.
මේ ලොකු උන්නැහේ! මේකේ දාලා තියෙන අදහස් ටික කියෙව්වා නම් 2020 දි තමුන්ට ලැබෙන චන්ද ප්‍රතිඵල ටිකත් අනුමාන කරගත හැකි නොවැ. අනික එකක් හදලා කොරපු හරිය හොඳටම මදෑ.
පරිනත බව මනින එකම මිනුම් දණ්ඩ වයස විතරක් නොවේය කියලා හිතන්න තරම් පරිනත නොවීම ගැන කණගාටුයි... වයසින් පරිනත වුවත් ක්‍රියාවෙන් තවමත් ලා බාලයි..
හිත හදාගන්න ඔබතුමා සුදුසුකම් අහොසි වී අවසානයි... ඉන්න මාස ටික සතුටින් ඉන්න. මෙයා කොහොම කිව්වත් ගාල්ලේ මෙයගේ බලෙන් රක්ෂිතයක් කපන් පාරක් ගාන්‍ෙ ගහනවා හෝටල්...
නටමු සර් ආපහු තොවිලයක් - අර පහුගිය දා නැටුවා වගේ - හදමු සර් අලුත් ආණ්ඩුවක් - ඒකත් අර මේ ආණ්ඩුවම වගේ... ඔබතුමාට එකක් කියන්නම් මේ රටේ ඡන්දෙකට ඔබතුමා අාවොත් මිනිස්සු දෙන්නේ දුවන්න... ඒක මතක තියාගන්න ඔය වටේ ඉන්න පණ්ඩිතයන් මවපු හීන ලෝකෙන් බහින්න..
බොරු පුරාජේරු... කයිය තමා, වැඩ බෑ... 1. බැඳුම්කර හොරුන්ගේ නාමලේඛනය ප්‍රසිද්ධ කරනවා කිව්වා... කෝ කළාද? 2. කුඩුකාරයෝ එල්ලනවා කිව්වා... කෝ කළාද? 3. පාස්කු ඉරිදා ප්‍රහාරයේ ජනපති සමීක්ෂණ වාර්තාව ප්‍රසිද්ධ කරනවා කිව්වා... කෝ කළාද? 4. හොරු අල්ලනවා කිව්වා... කෝ කළාද? 5. රාජ්‍ය දේපොළ විකුනන්නේ නැහැ කිව්වා... කෝ කළාද? 6. මිනීමරපු අය අල්ලනවා කීව... කෝ කළාද? 7. ජනතාවට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නිර්මාණය කරනවා කිව්වා... කෝ කළාද? 8. රත්තරන් අශ්වයෝ එලියට දානවා කිව්වා.... කෝ කළාද? 9. දූෂණ, වංචා අවම කරනවා කිව්වා... කෝ කළාද? 10. යහපාලනයක් ඇතිකරනවා කිව්වා... කෝ කළාද?
ඔබතුමාට මොලේ කළඳක් වත් තිබෙන මිනිහෙක් ඡන්දයක් දෙන්නේ නැහැ. එක ඉරහඳ වගේ ශුවර්... ඔබ ඔබව විනාශ කර ගත්තා. රට විනාශ කළා. පක්ෂය විනාශකර... ඔබව ලංකාවේ ඉහළම තනතුරේ ඉඳපු මිනිසුන්ව විනාශ කළා. මෙයින් පෙනෙන්නේ ඔබගේ අපරිණත භාවයේ තරමයි.
මේ මිනිහගේ කියුම් අහලා ඇතිවෙලා. කිසිම කමකට නැහැ. මොකට පුරාජේරු වෙනවද මන්දා. ඇත්තටම මේ මනුස්සයාට වේලපහින් අස්වෙන්න බැරිද?
රටට වැඩක් කරන ඔබ සමගින් රටේ ප්‍රගතිශිලි ජනතාව ඉන්නවා ජනපතිතුමනි....
හීන දකින්න.......ඒත් ඒව සැබෑ නොවන බව දැන දැන මෙහෙම හැසිරෙනවනම්. ..උන් මිනිස්සු වෙන්න බෑ......
ඒගොල්ලෝ පරිනතවෙලා ඉන්නේ ඒගොල්ලොම අපායක් කරපු රටක කියල හිතන්න බැරි අපතයෝ .හරියට අසූචි ගොඩේ ඉන්න උරෝ වගේ .
ඔව් ඔව් රට හදන්න එපා ඔයාල ආණ්ඩු හද හද ඉඳපල්ලා ඔබල හැදියල්ල.දැන් කී කාලයද ඉතින් ආන්ඩුම හදනවා පැරදිච්ච උන් ආණ්ඩු පෙරලන්න හදනවා එකෙක් වත් අයින් වෙන්නේ නැහැ හැට පැනල හොට බිම ඇනිලත් ඉන්නවා.කන්නේ බොන්නේ හොද කෑමබීම බෙහෙත් ගන්නේ ඇමරිකාවේ සිංගප්පුරුවේ මොන සැපද
සිහින මවන්න කාටත් පුළුවන් ,නමුත් සැබෑ වෙන්නේ කලාතුරකින් තමයි.
යූ.එන්.පි. යට ගොට්ට අල්ලලා 19අත උස්සලා අපිව අනතුරේ දාලා වරෙල්ලකෝ ඡන්දෙ දෙන්න.. අලියට දුන්නත් නුඹලාට දෙන්නේ නැහැ නැහැ නැහැමයි.
සබීතත් ඉස්සරහින්ම ඉන්නේ..
ඔය හතර වන පොටෝ එකේ හිස්බුල්ලත් යසඅගේට ඉන්නේ.. ඉතින් මේ අය එක්කද අලුත් ආණ්ඩු..? මිනිස්සු මෙන්න කියලා එකතු වෙයි..!!!