
(ඩයනා උදයංගනී)
දැනට ගැසට් කරනු ලැබ ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය විසින් භාරගන්නා බව සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව කී ඇමතිවරයා එය අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් පත්කළ කමිටුවේ වාර්තාව ද ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බව කීවේය.
මෙම සංශෝධනය විනිවිද භාවයකින් ඉදිරියට ගෙන යන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
මෙම සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ගැටලු පවතී නම් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළු කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධාකරණය හමුවට යාමට හෝ පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේදී සංශෝධනය කළ හැකි බව ද ඇමතිවරයා කීවේය.
COMMENTS
වගකීම බාරගන්නවා කියලා මෙයා අදහස් කරන්නේ මොකද හැබෑටම?
20 සම්මත වුණාම අප කාටද බය? අපිට කවුද බය? ඉතින් වගකීම බාරගන්න එක මහලොකු කජ්ජක්ද?
කවුද 20 හැදුවේ? හැමෝම අහන්නේ සරල ප්‍රශ්ණයක්. කෙලින් උත්තරයක් දෙන්න බැරි ඇයි? ජනාධිපතිතුමාවත්, අගමැතිතුමාත් කැබිනට් එකවත් 20 හැදුවේ නැහැ කියන එක දැන් රටටම පැහැදිලියි. 20 හදලා තියෙන්නේ වෙන කවුරු හරි ඉතාම රහසිගතව, කිසිම විනිවිද භාවයක් හෝ සම්මුතියක් හෝ සාකච්ඡාවක් නැතුව. මේක ලැබුනේ තෑග්ගක් විදිහටද, නැත්නම් ආනයනය කළාද? අපේ උත්තරීතර ව්‍යවස්ථාවට කරන සංශෝධන තෑගි විදිහට බාරගන්න හෝ ආනයනය කරන්න පුලුවන්ද? මහත්වරුනි, බරපතල ආර්ථික අවපාතයක් ඇති වෙන්න නියමිතයි. මාර්තු මාසේමයි ලිව්වේ... රටේ ප්‍රධාන ආදායම් මාර්ග ඇහිරිලා. කොරෝනා වෛරසයක් ගැන හාන්කවිසියක් නොදැන හදපු සෞභාග්‍යයේ දැක්ම අද තත්වයට ගැලපෙන්නේ නැහැ. සාතන් පය ගහපු රටවල් ඔක්කොම අද විනාශ වෙමින් පවතිනවා. අල්ලපු රටටත් ආවා. සමහරු උත්සාහ කළත් වාසනාවට අපේ රටට ගෙන්න ගන්න බැරි වුණා. ඒ හින්දා අපේ රට බේරුණා. හැබැයි නොවැම්බර්වලට ඉස්සෙල්ලා ගිවිසුමක් ගහලා මේ රටටත් එන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඒකට පාර කපන නිසා සහ කලින් ලියපු තවත් බොහෝ හේතු නිසා 20 දැන් අකුලා ගන්නවා හැර වෙන විකල්පයක් නැත...
දන්නේ නැති නිසයි අහන්නේ... වගකීම බාර ගන්නවා කියන්නේ වචනයක් විතරද? කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙනවද?
කාට හරි බලතල ලබාදෙද්දී වගකීම බාරගන්න ඕනේ.... බලතල බාරගන්න පාර්ශවය නොවෙයි... ඒ බලතල බාරදෙන උදවියයි. ඒ කියන්නේ ජනතාවයි. බලතල බාරගන්න කෙනා අකමැතිවෙයිද තමන්ට දෙන දේ ගැන වගකීම ගන්න...?
මේකත් NGO මර උගුලක් වගේ තවම කරළියට ආවේ නැති.
ගෝඨාගේ ගෙදර රෙදි හෝදන වගකීමක් ඔයගමන්ම ගන්න.
මේ දවස්වල අපිට හරිහැටි නිදාගන්නවත් බැහැ 20 නැතුව.. කරුණාකර ඉක්මණින්ම ක්‍රියාත්මක කරන්න.
අනේ මම ඡන්දෙ දුන්නේ පොහොට්ටුවට... ඔය සංශෝධන කරන්න නෙමෙයි. මගේ ගේ හදාගන්න සිමෙන්ති කොට්ට 2 ලැබුණු නිසා අපේ මන්ත්‍රීතුමාගෙන්..
ඕක විසිවන නොවේ.. වීසිවන එකක් වෙන්නත් බැරි නැහැ ඇමැතිතුමෝ...