වාර්ෂිකව රුපියල් බිලියන 250 (රුපියල් කෝටි 25,000 ක්) වැයවන පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නැයි හිටපු අමාත්‍යවරයකු වූ මිලින්ද මොරගොඩ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මහ මැතිවරණයට තරග කරන සියලු දේශපාලන පක්ෂ, දැනට අක්‍රීය වී ඇති පළාත් සභා ක්‍රමය ගැන සිය පැහැදිලි ස්ථාවරය ජනතාව හමුවේ තැබිය යුතු බවත් ඒ මහතා පැවසීය. පළාත් සභා අහෝසි කිරීමෙන් මෙම වියදමෙන් සෑහෙන කොටසක් ඉතිරි කරගත හැකි වනු ඇති අතර අතරමැදි ක්‍රමය තුරන් කිරීමෙන් ජනතා සේවය වඩාත් කාර්යක්ෂම කළ හැකි බව ද හෙතෙම පෙන්වා දෙයි.
මොරගොඩ මහතා 2002-2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ සහ 2005-2010 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිකම් දැරූවෙකි. ඊට අමතරව ඔහු බොහෝ අවස්ථාවන්හිදී පාලක පන්තියේ ආර්ථික-දේශපාලන පිලිවෙත් සම්බන්ධව ප්‍රමුඛ උපදේශකයකු වූ අතර ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරන ප්‍රවර්ධනය කිරීමේ සෘජු සහ උත්ප්‍රේරන භූමිකාවක් ඉටුකරන පාත්ෆයින්ඩර් ආයතනයේ නිර්මාතෘවරයාද වෙයි.
පළාත් සභා අහෝසි කිරීමෙන් පසු පළාත් පාලන ආයතන ශක්තිමත් කළ හැකි අතර මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා ඉටුකරන සමීප පරිපාලන ව්‍යුහයන් වශයෙන් පවත්වාගෙන යා හැකි බව ද පෙන්වා දෙයි. පළාත් සභා අහෝසි කර ඒ වෙනුවට සෙනෙට් මණ්ඩලයක් පත් කළහොත් අඩුම තරමින් බෙදීම් තුරන් කරන විද්වත් මණ්ඩලයක් වශයෙන් ක්‍රියා කරනු ඇති බව ද මිලින්ද මොරගොඩ මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.
ඔහු විසින් කරුණු දෙකක් දේශපාලන පක්ෂ වල අවධානයට ඉදිරිපත් කර තිබේ. වසර දෙකකට ආසන්න කාලයක් පලාත් සභා විසුරුවා හැර අක්‍රීයව ඇති බව පළමු කාරණයෙන් පෙන්වා දෙයි.
සබරගමුව (2018 සැප්. 26), නැගෙනහිර (2018 සැප්.30), උතුරු මැද (2018 ඔක්. 01), මධ්‍යම ( 2018 ඔක්. 08), වයඹ (2018 ඔක්. 10), උතුර (2018 ඔක්. 25), දකුණ (2019 අප්‍රි. 10), බස්නාහිර (2019 අප්‍රි. 21) සහ ඌව (2019 සැප්.08) වැනි දින නිල කාලය අවසන් වීමෙන් හෝ විසුරුවා හැරීමෙන් පසු ජනතා නියෝජනයක් රහිතව පවතී.
මෙම කාලය තුළ ජන ජීවිතයට අපහසුතාවයක් වී තිබේදැයි මහජනතාව තීරණය කළ යුතු බව මොරගොඩ මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලාංකික පුරවැසියන්ගෙන් 90%කට වැඩි පිරිසක් පළාත්සභාවලට විරුද්ධය. 88-89 කාලයේ පළාත් සභා එපා කියමින් උද්ඝෝෂණය කළ මහින්ද මහත්මයත් මොකද මේ බලෙන් අපේ කරපිට පළාත් සභා පටවන්න හදන්නේ? පළාත්සභා, MCC ගිවිසුම වැනි ඔය ආන්දෝලනයට පත්වෙලා තිබෙන කරුණු පිළිබඳව අපට ජනමත විචාරණයක් දෙන්න. එතකොට ජනතාව නිසි පිළිතුරු දේවි...
ඕක තමයි අපි කිව්වේ... අපට ඕනෑ නැහැ කිව්වේ...
අනිත් පක්ෂ සහ ජනපතිතුමා කෙසේ වෙතත්. මහින්දට නම් ඕක අහෝසි කරන්න ඕනකමක් නෑ. ඔහුට ඕන කඩින්කඩ හරි ඡන්ද තියන්න. මතකයිනේ හිටපු කාලේ තිබුණු බලපේරේතකම... ජනපතිතුමාට අලුත් ගමනක් යන්න ඕනෑ නම් අලුත් කෙනෙක් අගමැති කරගන්න ඕනෑ.
සත්තකින්ම.. පළාත් සභා එපා.. පළාත් සභා ජනතාව වෙනුවෙන් නොව, දේශපාලකයින් වෙනුවෙන් පමණයි...
පළාත්සභා අවශ්‍ය නැත. අහෝසිකරන ආණ්ඩුවකට පක්ෂව මැතිවරණයේදී ඡන්දය දෙමි...
ඔන්න රටේ අනාගත දියුණුව වෙනුවෙන් කළයුතු තවත් අත්‍යාවශ්‍ය දෙයක්. පළාත් සභාවලිනුත්, පළාත් බබාලාගෙනුත් අපේ රටට කිසිම ප්‍රයෝජනයක් නැත.
පළාත් සභා ක්‍රමය ඇතිකර අවුරුදු 33ක් ගතවී ඇතත් 1987 දී ප්‍රකාශකළ හෝ දැනුවත්කළ පරිදි පළාත්සභා අවශ්‍යද, නැත්නම් අනවශ්‍යද විමසන ජනමත විචාරණයක් මෙතෙක් පවත්වා නැත. පළාත් සභා අවම වශයෙන් අවුරුදු දෙකක් ගතවූ පළාතකවත් පළාත්සභා නැතැයි කිසිම ගැටළුවක් ඇතිවීද නැත. මේවා අහෝසි කිරීමට යම් ගැටළුවක් වේ නම් නොපමාව ජනමත විචාරණයක් පවත්වා පළාත් සභා අහෝසි කිරීම කාලෝචිතයි...
මෙයා කවුද? මොනවද රටට කරල තියෙන්නේ? හිස් මිනිස්සු නේද?
හොඳ අදහසක්.... කාලෙකට පස්සේ...
එ්ක හොඳ වැඩක්...
සල්ලි ගිලින සුදු අලියව, පන්නා දමමු. ඕක වැඩක් නැති පරිපාලනයක්...
වහල්ලුන්ට, පාතාලයින්ට, දූෂිතයින්ට, මැරයින්ට අපරාධ කරන්න ලැයිසන් දෙන පළාත් සභා ඡන්දය නැවතත් මේ ලංකාවේ පැවැත්වීම අනවශ්‍යයි. එවිට අපිට බයෙන්, සැකයෙන් තොරව නිදහසේ ජීවත් විය හැක. මහජන මුදල් කෝටි ගණනින් ඉතිරි වේ. පළාත් සභාවලින් කරපු අපරාධ කියනවා නම් මේ පත්තරේ මට මදියි. මුලදී නම් ආණ්ඩුකාරවරු ගැනවත් විශ්වාසයක් තිබුණා. ජනතාවට සාධාරණයක් ඉටුවේවි කියලා. දැන්නම් එහෙමවත් නැහැ. ඒ නිසා පළාත් සභා නැවතත් අවශ්‍ය නැහැ. අනික මේ පුංචි ලංකාව බෙදලා පාලනය කරන්න දෙයක් නැහැ. විධායක බලතල ජනාධිපති අතට ගන්න. ඒකට උචිත ජනාධිපතිවරයෙක් දැනට පත්වෙලා ඉන්නවා. හැබැයි කොහොම වැඩ කරන්න ඉඩකඩ දේවිද දන්නේ නැහැ. අැද්දොත් පස්සට අදින්නේ තමන්ගේම කට්ටිය තමයි. වටේට ඉන්න හොර නඩේ නම් සත පහකට වැඩක් නැහැ. ගරු ජනාධිපති දැනට යන පාර නම් හරියටම හරි. ඔහුගේ නිර්මාණය හමුදා පාලනයක් නොවෙයිනේ. නීතිගරුක හමුදා නිලධාරින් අවශ්‍ය තැන්වලට පත් කිරීම. අපි වගේ උදවියට මොකවත් අවශ්‍ය නැහැ. අවශ්‍ය කරන්නේ නීතිය පමණයි. ඒක නිසා ටොපියක් හොරා කෑවත් දඬුවම් කළයුතු යුගයක් උදා කළ යුතුයි.
මෙයා කවුද? ඇමෙරිකන් පුරවැසියෙක්නේ... මොනවද මෙයා ලංකාවේ දියුණුවට, රට වෙනුවෙන් යමක් කළේ...?
හපෝ එහෙම කලොත් ජනතා ඡන්දෙන් පත්වුණු රට වෙනුවෙන් මහගු සේවයක් කරන වැදගත්, උගත්, බුද්ධිමත් විද්වතුන් රැසකට රස්සාව නැතිවෙනවනේ.
දවස පුරා ඉගෙන ගන්න ළමයින්ට යකඩ කෑල්ලක ලෑල්ලක් තියලා තමයි පුටුව හදන්නේ. ජාතියක ඇස් පාදන ගුරුවරුන්ට සාමාන්‍ය වේවැල්, පුටු... පළාත් සභා මන්ත්‍රීලාට ලක්ෂ හයහමාරක් වැයකරලයි පුටුව ගෙන්වා ගත්තේ. ඒකෙත් වාඩිවෙලා වැඩක් ඇති දෙයක් කළා නම් කමක් නැහැ.. කප්පරක් පාසල් වහලා දැම්මා. විවිධ දූෂිත වැඩවලට රජයේ මුදල් වැයකළා. ඒවා නීත්‍යානුකූල බව පෙන්වූවා. පළාත්සභා අහෝසි කළත් නොකළත් ඡන්ද තියන්න අවශ්‍ය නැහැ. ආණ්ඩුකාරයෙක් දාලා වැඩ ටික කරගෙන ගියාම හරි. හැබැයි ඔය ඒන්.ජී.ඕ. කාරයින්ට නම් ආණ්ඩුකාරකම් දෙන්න එපා. හොඳ, උගත්, බුද්ධිමත් සාධාරණ මිනිස්සු ඕනෑතරම් මේ රටේ ඉන්නවා. නීතියට අනුව වැඩ කරන්න කියන්න. හොර සහතික දීලා පත්වීම් ගත්තු අයට ඇතැම් පළාත් ආණ්ඩුකාරවරු සමාව දෙනවා.. දේශපාලන හේතුමත... අනවසරයේ පවත්වාගෙන ගිය පන්තිවලට අවසාන අනුමැතිය දෙනවා ආණ්ඩුකාරවරු. මේවා මහ අපරාධ. නොදැන කරන වැරදි නොවෙයි මේවා. මේ අපරාධ වලට මුල දේශපාලනය...
පාර්ලිමේන්තුවේත් 225ම ඕනේ නැහැයි කියන අපිට පළාත් සභා මගේ බල්ලාටවත් එපා.
පළාත් සභා අවශ්‍ය නැහැ. පළාත් සභා අහෝසි කරනකම්, හොඳ නීතිගරුක විනිසුරුවරයෙක්ට හෝ හමුදාවේ නීතිගරුක උසස් නිලධාරියෙක් ආණ්ඩුකාර තනතුරට පත්කරන්න. ආණ්ඩුකාර කාර්යාලයේ ඉන්න පරිපාලන සේවයේ නිලධාරින් පට්ට දූෂිතයි. සත 5ක විශ්වාසයක් නැහැ. පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුලු පළාත්සභා වලින් පාලනය කරන සියලු ආයතන ඉතා දූෂිත තත්වයට පත්ව ඇත. පත්වීම් දෙන්නෙත් පගාවට කියලා ආරංචියි. මේවා ගැන ලියන්න මේ ඉඩකඩ මදියි. මේ සම්බන්ධයෙන් දකුණු පළාත් අති විශේෂයි. පසුගිය වසර 25 ක කාලයක් පුරා හොඳ විමර්ශණයක් කළොත් නාස්ති කරපු මුදල කෝටි දහස් ගණනක් විය හැකියි. ඒ නිසා පළාත් සභා හැකි ඉක්මණින් අහෝසි කරන තෙක් හොඳ නීතිගරුක ආණ්ඩුකාරවරු පත් කරන්න. නීතිය නොදැන නීතියට අවනත නොවන නීතියට වැඩ නොකරන ආණ්ඩුකාරවරු අනවශ්‍යයි. කවර දේශපාලනයක් කළත් ජනතාවට සේවය කිරීමේදි දේශපාලනය ඔලුවේ තියාගන්න හොඳ නැහැ. එබැවින් පළාත් සභාව අහෝසි කරනතෙක් ඉතා වැදගත් හොරු නොවන ප්‍රසිද්ධ දේශපාලන තලයේ නිරත නොවන කෙනෙක් ආණ්ඩුකාර තනතුරුවලට පත් කරන්න. මේ පිළිබඳ මගේ අත්දැකීම් ඉතා බහුලයි.
මම අම්බලන්ගොඩ. මෙන්න දකුණු පළාත් සභාවෙන් අම්බලන්ගොඩ වෙච්ච සේවයෙන් බිඳක්. අපේ මිලකළ නොහැකි ඓතිහාසික තානායම රුපියල් 75000කට කඩා අලෙවි කිරීම. නැවතත් තානායමක් හදනවා කියල අවස්ථා ගණනාවකදී තවත් රුපියල් කෝටියකට වැඩි මුදලක් ගසා කෑම. මේ වාර්තා සියල්ල පළාත් සභා හැන්සාඩ් එකේ ඇත. අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයෙන් පාලනය කළ පාසල් 38ක් නීතියට පටහැනි ලෙස වසා දැමීම සහ ඇතැම් පාසල් ඉඩම් දේශපාලකයින් විසින් අත්පත් කර ගැනීම සහ එසේ අත් පත්කර ගැනීමට කරන ලද කටයුතුවලට අධිකරණයෙන් බාධා කිරීම. වසර 25කට පෙර මියගිය තැනැත්තන්ගේ නමට තවමත් රජයේ මුදලින් ඡන්දය ඉල්ලා ලිපි තැපැල් කිරීම... දේශපාලන බලපුලුවන්කාරකම් මත රජයේ ගොඩනැගිලි අනවසරයෙන් කඩා ඉවත් කරගෙන යාම සහ එම ගොඩනැගිලිවල වටිනා සියලු දේ දේශපාලකයින් විසින් අධික මුදලකට විකිණීම... අසාධාරණ ලෙස සිය හිතවතුන්ට හොර උසස්වීම් ලබාදීම. ළමයි නැති බව කියමින් ඇතැම් පාසල්වලට වැසිකිළි පහසුකම් දෙන මුවාවෙන් මුදල් ගසාකෑම. පළාත් සභාව වහාම අහෝසි කොට ඉතා වැදගත් නීති ගරුක නිලධාරියෙක් ආණ්ඩුකාර තනතුරකට පත්කරන්න. පළාත් සභාවල ඇතැම් නිලධාරීන්ද දේශපාලකයින් හා එක්ව මුදල් ගසා කනවා.