(තරිඳු ජයවර්ධන)
එක්සත් ජාතික පෙරමුණ පැත්තේ සිට මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්වීම නිසා හෝ එම ආණ්ඩුවේ සිට යළිත් එක්සත් ජාතික පෙරමුණට පැමිණීම නිසා හෝ කිසිවකුගේ හිත් රිදීමක් වූවා නම් ඊට සමාව ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පැවසීය.
ආණ්ඩු මාරු චිත්‍රපටයේ තමාද ප්‍රධාන චරිතයක් වූ බව කී සේනානායක මහතා මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කළ යුතු වේලාව බැවින් පක්ෂය සමඟ සිටින බව ප්‍රකාශ කළේය.
වසන්ත සේනානායක මහතා මේ බව පැවසුවේ අද (26) රාත්‍රී කොළඹ අරලියගහ මැදුරේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. එම මාධ්‍ය හමුවට පෙර එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමද පැවැති අතර සේනානායක මහතා ඊටද සහභාගී විය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සේනානායක මහතා මෙසේ ද කීවේය.
‘‘මම පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළ පසුගිය කාලේ මටත් මේ පක්ෂය ඇතුළේ අසාධාරණකම් වුණා. එය මුළු රටම දන්නවා. මම මහින්ද රාජපක්ෂ මහත්මයාගෙත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේත් ආරාධනය මත ඒ ආණ්ඩුවට එකතු වුණේ මගේ පාක්ෂිකයන්ට යම් වැඩක් කිරීමේ උවමනාවෙන්. අවුරුදු තුනක් ඒ මිනිස්සු වෙනුවෙන් මට කිසිම දෙයක් කරන්න බැරි වුණා. රැකියාවක් දෙන්න බැරි වුණා. කිසිම ප්‍රතිපාදනයක් දෙන්න බැරි වුණා. ඉතින් මට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකුට දෙන තනතුරක් දෙන්න කතා කළාම ඒ තනතුර බාර ගත්තේ මගේ මිනිස්සුන්ට වැඩ කරන්න. අමාත්‍යංශ දෙකක් එක අමාත්‍යංශයක් කරලා දුන්නේ. මට තනතුරක් දීම ගැන ජනාධිපතිතුමා හා අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා.
හැබැයි අද වෙනකොට මට තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නයක්. පාර්මේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි. පහුගිය දිනවල මම පාර්ලිමේන්තුවට ගියේ නෑ. මම ගෙදර ඉඳන් රූපවාහිනියෙන් බැලුවා. පාර්ලිමේන්තුවේ හැසිරීම දැක්කම මට සමහර දිනවල ඇඬෙන්න යනවා. එම තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදයට හොඳත් නෑ. රටට හොඳත් නෑ. මෙය එක පක්ෂයකින් කළ වැරැද්දක් නෙමෙයි. තත්ත්වය ඇති කරන්න පක්ෂ දෙකෙන්ම යම් එකතු කිරීම් කළා මේ.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයත්, රනිල් වික්‍රමසිංහ මහත්මයත්, මහින්ද රාජපක්ෂ මහත්මයත් ඇරෙන්න ආණ්ඩු මාරු චිත්‍රපටයේ මමත් ප්‍රධාන චරිතයක් වුණා කියලා මම හිතනවා. මමත් ප්‍රධාන නළුවෙක් වුණා. මම දාලා ගියා කියලා හිතලා මගේ පාක්ෂිකයන්ට යම් හිත් රිදීමක් වුණා නම් මම සමාව ඉල්ලා සිටිනවා. මට තනතුරු දුන්න ජනාධිපති සහ අගමැතිගෙන් සමාව ඉල්ලනවා. මම බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය. මම බොහොම අමාරුවෙන් මේ තීරණයට ආවේ. එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එකතු වුණෙත් බොහොම අමාරුවෙන්. හිත් වේදනාවෙන්. මේ ආණ්ඩුවෙන් මට කරපු ගෞරවය පැත්තකින් තියලා එය දාලා යන්නෙත් හිත් රිදීමෙන්. මට පාර්ලිමේන්තුවේ කවදාවත් පක්ෂ විපක්ෂ හතුරො හිටියේ නෑ. මගේ මේ ක්‍රියාවලියෙන් යම් හිත් රිදීමක් වෙනවා නම් මම සමාව ඉල්ලනවා. ‘‘
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවල පිළිතුරු දුන් වසන්ත සේනානායක මහතා -
ප්‍රශ්නය - ඔබ එදා කැබිනට් රැස්වීමෙදි අස්වීමේ ලිපිය දුන්නද?
පිළිතුර - මම එදා අස්වීමේ ලිපිය ගෙනිච්චා. ජනාධිපතිතුමා කාර්යබහුලව හිටියේ. ඒ නිසා මට දෙන්න බැරි වුණා.
ප්‍රශ්නය - හෙට කැබිනට් රැස්වීම තිබ්බොත් ඔබ යනවද?
පිළිතුර - මගේ ඉල්ලා අස්වීම දැන් දීලා තියෙන්නේ. ඉතින් මට යන්න බැහැනේ.
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද පැවසීය.
‘‘වසන්ත සේනානායක මහත්මයා කිහිප වරක් එහාට මෙහාට ගියාද කියලා ඔබ කල්පනා කරන්න පුලුවන්. ගියවර පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවෙත් අපිට එකතු වෙන්න දිවුරුම් ප්‍රකාශයක් දීලයි තිබුණේ. මෙතුමාට අනිත් පැත්තෙන් ලොකු පීඩනයක් තිබ්බා. එතුමාට ගෙදරවත් ඉන්න බැරි තැනට පත්වුණා. අපි තීරණය කළා එතුමාට අපට අවශ්‍ය වෙලාවේ ඡන්දය දෙන තෙක් ඒ පැත්තේ රැඳී ඉන්න කියා කියන්න. එතුමා විතරක් නෙමෙයි තව අපේ මන්ත්‍රීවරුන් රැසක් මේ තත්ත්වයට මුහුණ දීලා ඉන්නවා. අද අපේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙදි මේ බව කිව්වා. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීරයකුගේ ගෙදරට ලක්ෂ 2000ක් අරගෙන ඇවිත් තිබ්බා. ඉතුරු ගණන ඡන්දෙන් පස්සේ දෙනවා කියලා තිබුණා. මේ වගේ බරපතල ප්‍රශ්නය තිබෙනවා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ට.
වසන්ත සේනානායක මහත්මයා ගිය පාර්ලිමේන්තු ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ දිවුරුම් ප්‍රකාශ දීලා කණ්ඩායම් රැස්වීමට එන්න කැමැත්ත දීලා තිබ්බා. තියන පීඩනය හමුවේ , එතුමාගේ ගෙදර ඇවිත් කරන පීඩනය හමුවේ අපිටවත් පුලුවන් කමක් නෑ බලා ගන්න. ඒ නිසයි අපි කියලා තිබ්බේ ඡන්දය ප්‍රකාශ කරන තුරු ඒ පැත්තට වෙලා ඉන්න කියලා. ඡන්දෙදි අපිට සහෝගය දෙනවා කියලා එතුමා තියලා තිබ්බා. එදා කැබිනට් රැස්වීමට ගිහින් තිබුණේ අස්වීමේ ලියුම දෙන්නයි. මෙතුමාගේ පැමිණීම එක්ක අපට 123ක් වෙනවා. හෙට අනිද්දා වෙද්දි තවත් අපේ මන්ත්‍රී ප්‍රමාණය වැඩි වෙනවා.‘‘
මෙම මාධ්‍ය සාකච්ඡාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුනානායක මහතා සහ දයා ගමගේ මහතා ද එක්ව සිටියේය.





(ඡායාරූප - ප්‍රදීප් පතිරණ)
වීඩියෝ (356)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිතුල් ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තියනවලු . ශ්‍රී ලංකාවේ දේශපාලන කාරයන්ගේ හැටි කොහොමද කියල පිටරට කෙනෙක් ඇහුවොත් වසන්ත සේනානායක පෙන්නුවාම හොදම උදාහරණය .
මොහු ඔත්තු බලන්න ඇවිල්ල ඉන්නේ. අනේ යුන්පී එකේ ඉන්න කට්ටියට මොලේ නැති හැටි. එන ඕනෑම කෙනෙක් බාරගන්නවා. ආණ්ඩුව බහුතරය පෙන්නුවාම තමයි මොවුන්ට තරු පෙන්නේ.
ඉතිහාස පොත් වලින් කියවලා තියන රටට නිදහස අරන් දුන්නයි කියන ඩී. එස් .සේනානායක මහත්තයාගේ පරම්පරාව ගැන අපට නිකමට හිතාගන්න පුළුවන්. එකනේ අද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ? ලජ්ජා නැතිකම ඔය කියන කළු සුද්දෝ ළඟ නැහැයි කියල අපි දැනගෙන නම් ගොඩක් කල්. සුදු මහත්වරු මේ වෙනතෙක් හිටියා නම් මේ වගේ අයට තලන්නේ මඩු වලිගෙන්.
මේක හරියට අර ගම්වල පවුල් අවුල් උනහම දමල ගහල යනවා අපහු ටිකදවසක් ගිහින් හෙමි හෙමින් එනවා මෙහෙමද තමා ඡන්ද දායකයන්ට වැඩකරන්නේ.....
අපේ ගමේ පොල් කඩන ජේමිස් මාමාටද ප්‍රතිපත්තියක් තිබුණි. ඒ ඔහු කොළඹ රෝයල් කොලීජියට නොගිය නිසාද යන්න මම නොදනිමි. උදෙන්ම පළමු පොල් ගසට නඟින්නට පෙර එයට වඳිනවා මම බොහෝ විට දැක ඇත්තෙමි. පුරුද්දට වගේ එය කරනවාය කියා මා සිතුවත් ඇත්තටම එය ඔහු යෙදෙන කාරියට ගරුකිරීමේ ප්‍රතිපත්තියක් නිසා කරන බවට අද මට සිතේ. අපේ ජනතා නියෝජිතයන් ජේමිස් මාමාටත් වඩා පහළට වැටි ඇති බවකි මේ මොහොතේ පෙනෙන්නේ.
මෙතුමාගේ කතාවේ එකම එක සත්‍යක් තියනවා. අවුරුදු 3 ඉඳලා ඡන්දය දීපු මිනිස්සු වෙනුවෙන් මුකුත්ම කරන්න බැරිවුණා නම් එතන ඉදලා ඇති වැඩේ මොකක්ද?
මේ වගේ අය ආයෙමත් ගන්නනම් එපා.
අපිට විනෝද සමය බලන්න හොඳ අවස්තාවක්. ඇනස්ලි බර්ටි සැමුවෙල් මහත්වරු කරලියේ නැති එකේ මෙහෙම කෙනෙක් හරි ඒ අඩුපාඩුව පුරවන්න එපාය. රුපියලත් අවප්‍රමාණ වෙලා හොට දික් කරගෙන ඉන්න රටට හිනාවෙන්න සලස්වන එක ලොකු දෙයක් !
ඔය තමන් ගැන තමන් හිතාගෙන සිටින විදිහ තමයි. ආණ්ඩු පෙරලි චිත්‍රපටියේ ඔබ ප්‍රධාන චරිතය නොව වඳුරු චරිතයකි. ඔබලා වැන්නවුන් පසුපස එන මිනිසුන් කොටසකුත් ඉන්නවා. කිසිම පැත්තකට වටින්නේ නැති කෙනෙක්.
පහලම පොටෝඑකේ අනික් ගොයියන්ගේ මුහුණුවලින් පෙනෙනවා ඔබට තිබෙන පිළිගැනීම. ඔය පැත්තෙනුත් තැනක් හම්බවෙයි කියලද හිතන්නේ?
චිම්පන්සියෝ ඔබ තුමාගේ නෑදෑයෝ ද ?
කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි....
මෙයාගෙ වැඩ ගැන මොකට පත්තරවල දානවද මන්දා, හැම පක්ෂයකම ජනතාවට නම් මේ ජොකර් එපා වී හමාරය...
මම මේ පින්තුර දිහා හොදට බැලුව.මෑන් රෙදි ඇදගෙනනේ ඉන්නේ.
අනේ මන්දා.. සර් ඒ පීඩනය බෙංගාල බොක්කෙ එන වායු ගෝල පීඩනය වගේ එකක් ද?.
ඔය ජනතාව ඔබ වගේම නිසා ඔබට සමාව දෙවි.
මම දාලා ගියා කියලා හිතලා මගේ පාක්ෂිකයන්ට යම් හිත් රිදීමක් වුණා නම් මම සමාව ඉල්ලා සිටිනවා. නමුත් වසන්ත මුලදී ගුවතොටුපලේ සිට කිවේ පොළොන්නරුවේ පාක්ෂිකයෝ කියන දේ තමයි ඔහු කරන්නේ කියලා. පාක්ෂිකයා කියන ආකාරයට වැඩකරන වසන්ත පාක්ෂිකයන්ගෙන් සමාව අයදීන්නේ මොකටද ?
එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ලේකම් වරයා වෙනස් කලයුතු නොවේද?
මොනා කිව්වත් කෙටියෙන් මෙයා මොන පැත්තටද වාසි කියා කියා බල බලා ඉන්න කෙනෙක්.
මේ කරුමයා වද්ද ගන්න නම් එපා.මේ මිනිසා 2020 ටෝකියෝ ඔලිම්පික් තුන් පිම්ම තරගයට යෝජනා කරමි.අකිල සහ හර්ෂ මහත්වරුන්ගේ දැනගැනීම ම පිණිසයි.මේ අය බුදුන් වැඩ සිටි සමයේ වසලයෝය.
මේ අයව ගෙදර යවන්න ඕනි
මෙයා කන්නේ බත්ද නැත්නම් පුන්නකුද? නැත්නම් මෙයා හිතන් ඉන්නේ එයා බත් කාල මහජනතාව පුන්නක්කු කනවා කියලද? කෙනෙක් ඉන්නවනම් ටිකක් පහදලා දෙන්න..
මේකට කාගෙන්වත් සමව ගන්න ඕනේ නැහැ ඔය සේනානායක කියන පරම්පරාව එදා ඉදන්ම වාසියට කත් ඇද්ද ඕනෙම වැඩක් කලා හා එසේ කර සුද්දන්ගේ පඩුරු පාක්කුඩම් ගත්ත කඩයෑමක් බව රටම දන්නවා අප්පල කල දේ පුතා නොකලොත් වූ නොට්ටිගේ පුතා බව කියමනක් තිබෙනවා....... එනිසා ඔයිට එහා දෙයක් කලත් ජනතාව ගන්න ගන්නේ නැහැ ජනතාවට තියෙන්නේ සිරිකිතයක් රෙදි ඇදගන ද මෙහෙම කරන්නේ කියල
දැන් සමාව ඕන පැනපු පැනිල්ලටද නැවතිල්ලටද
එයා රටට විහිලුවක් වෙලා ඉවරයි .හැබයි ජනාධිපතිට වඩා ටිකක් හොඳයි...
පනින අය ගැන විශ්වාසය තැබිය නොහැකියි එවැනි අය සංවිධායක හෝ ජාතික ලැයිස්තුවට පත් නොකරනු.
ඩොලර් මිටි දීපු ඇයටත්, දුරකථන බ්‍රෝකර්ටත් හිත් රිදීමක් වෙලා ඇති. ජනාධිපතිත් ආවේ පොළොන්නරුවෙන්, ඔයත් ආවේ පොළොන්නරුවෙන්. ඒ නිසා පොළොන්නරු ජනතාව ඉදිරියේදී බුද්ධිමත්ව කටයුතු කලයුතුයි. මෙවැනි ප්‍රතිපත්ති නැති බොරු කාරයන් ගැන අවබෝධයෙන් සිටියයුතුයි.
හරියට කියපු විදියට ගාන බේරුවා නේද?
දැන් ගත්ත සල්ලි දෙන්නේ කවදද ?
මේ අර පැනපියා නේද?