(ඩයනා උදයංගනී)
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පොළොන්නරුව දිස්ත‍්‍රික් මන්ත‍්‍රී වසන්ත සේනානායක මහතා ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (29) දිවුරුම් දුන්නේය.
මීට අමතරව තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ විෂයන් සංශෝධනයක් ද කර ඇති අතර ඒ අනුව රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ අමාත්‍යවරයාව සිටි රංජිත් මද්දුම බණ්ඩාර මහතා යටතට ග‍්‍රාමීය ආර්ථික කටයුතු විෂය ද පවරනු ලැබ තිබේ.
ඒ අනුව රංජිත් මද්දුම බණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙසත් කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළ පී. හැරිසන් මහතා කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
COMMENTS
මෙතුමා විශ්වාස බංගයෙන් ගොඩ ගියා එහෙනම්.
සතේකට විස්වාස කොරන්න එපා.
ජය වේවා!!!
කාටද මොලේ අමාරුව? ඡන්දය දුන්නු අයටද ? ලබා ගත්තු උදවියටද?
පැන්න කෙනානේ මේ... මරු.. මොනවහරි දෙන්න ඕනේ .. ඉස්සෙල්ල වනජීවී දැන් ජාත්‍යන්තර.. රටට වෙච්ච දෙයක්...
මෙයා දැන් ඉන්නේ කොයි පැත්තේද?
ඉදිරිය ගැන හිතල ගත් වැදගත් තීන්දුවක්.
රටකට ගිය කලක්
මොනවා වුණත් අපි එක ගමේ, එක ජාතියේ අය නොවැ...
සත්තු බලන්න වනාන්තර ගානේ යන්න අවශ්‍ය වෙන එකක් නැහැ එහෙනම්.. ඕකනේ කියන්නේ කිරි එරෙන්න නම් අඬන්නත් ඕනෑ කියලා.
ඔයිට වැඩිය හොඳ නැද්ද හිඟන්නන්ට බෙදන විදියට බෙදුව නම් , මහජන බදු මුදල් නිස්කාරනේ දෙන්නම ඕනම නම්.
අනේ.. එච්චරයි. මේ වෙලාවේ අඩුවකට තිබුනේ.. දැන් ඉතින් අපි තවත් ඇමතියෙක් නඩත්තු කරපල්ලකෝ.. රටේ ආර්ථිකය බින්දුවෙනුත් පහළට වට්ටලා තියෙන හැතිකරේ..
ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමතිලා නම් එමටයි. හැබැයි රට නම් එතනමයි.
අනේ අම්මපා ..... අපි මේ සියලුම දෙවි දේවතා වහන්සේලාට කන්නලව් කරමින් සිටියේ හැමදාම මේ විදේශ කටයුතු රාජ්‍ය ඇමතිගේ පුරප්පාඩුව ඉක්මනින් පුරවා දෙන ලෙස, මොකද එය තමා අපිට දැනට තිබෙන එකම එක අඩුව... ඉතින් මේ ඇමති ට අපි කියන්නේ හැකි ඉක්මනින් ( ඇමතියෙක් උනාම හොදම හොද වාහනයක් තියෙන්න එපෑය) තවත් හොදම හොද වාහනයක් තීරු බදු රහිතවම ගෙන්න ගන්න කියලා.
මොහු සේනානායක පරම්පරාවේ නෙවේ. ගෙඹි පරම්පරාවේ.. කිසි දැක්මක්, ප්‍රතිපත්තියක් නැහැ.
මෙයා නම් දිවුරුම් දෙනවිදිය බැලුවොත් හකීම්, රිෂාර්ඩ්, තොන්ඩමන්, රාජිත, චම්පික ඔය සේරම පරද්දලා. හෙට උදේ අලුත් ආණ්ඩුවක් පත්වුණොත්, ඔතැනත් මෙයා ඇමති. හරියට ක්ෂණික නූඩ්ල්ස් වගේ...
ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුයි කියල ඒ කාලේ මිනිස්සු කිව්වේ කට කහනවට නෙමෙයි.
මේ මූණ දකින්නවත් අාස නැහැ.