IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විවෘත කිරීමට නියමිත කාර්යාල සංකීර්ණයක් ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

(බිඟුන් මේනක ගමගේ)
 
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යාබදව අභිනවයෙන් ඉදිකර ඇති සිව්මහල් කාර්යාල සංකීර්ණය, මැතිවරණ ප්‍රචාරණය සඳහා අනිසි වාසියක් ගැනීමේ අරමුණෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 2 වැනිදා විවෘත කිරීමට නියමිත යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කරමින්  අද (30) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම කාර්යාල සංකීර්ණය විවෘත කිරීමට නියමිතව තිබුණ ද අද පස්වරුව වනවිටත් එහි ඉහළ මහල්වල පලංචි පවා ඉවත් කර නැතැයි ද ජනතා අයිතියට පැවරීමට පෙර ලබාගත යුතු ඉංජිනේරුවන්ගේ අනුමැතිය නිල වශයෙන් ඊට හිමිව නැතැයි ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ජනාධිපතිවරයා ප්‍රචාරණ ව්‍යාපාරයෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කරන බව පැවසුවද ඔහු විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරුන් බහුතරයක් තමන්ට අභිමත පරිදි දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කරමින් අගතිගාමීව හැසිරීම විශාල ගැටලුවක් යැයි ද වැඩ අවසන් නොකර ජනතා අයිතියට පැවරීමට සූදානම් මෙම ගොඩනැගිල්ල එවැනි දේශපාලන ප්‍රචාරණ උපක්‍රමයක්ද යන පැනය මතුව ඇතැයි ද එම සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතාගේ අත්සනින් යුතුව කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ ගොඩනැල්ලේ ඡායාරූප ද පැමිණිල්ලට අදාළ සාක්ෂි හැටියට  මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කොමිසමට ලබාදීමට කටයුතු කර ඇත. 



අදහස් (0)

විවෘත කිරීමට නියමිත කාර්යාල සංකීර්ණයක් ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 432 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site