(වියලුවේ නිශාන්ත කුමාර)
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක් ඉදිරිපිටට අද (28) උදෑසන හිටි හැටියේම කඩා වැදුණු වල් ඌරු රංචුවක් නිසා රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගිය මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී වේල්ලක හැපි යළි මාර්ගය හරහා පෙරළී අනතුරට ලක්විය.
අනතුරට පත්ව ඇත්තේ බදුල්ල වීරියපුර ප්‍රදේශයේ එකම පවුලක පිරිසක් ගමන් ගත් මෝටර් රථයකි.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර මෝටර් රථයට දැඩි අලාභහානි සිදුව ඇත.
අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලිස් රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේගය නිසා අනතුරු 70%ක්...
ඒ අය ජීවත්වන ප්‍රදේශවල නීතිගරුකව රිය පදවන්න ඕනේ.
ත්‍රස්තවාදීන් එන්න එන්නම වැඩිවෙනවා....
" අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර " වාහනේ ලාන්සර් එකක් නිසා හොඳයි..
වල් ඌරු මස් දඩයම් කරගන්න බැරි වෙච්ච් එකට සමහරුන්ට අවුල් ඇති...
වල් ඌරු රංචුවට නඩුදායිද දන්නේ නැහැ..
ලංකාවේ ඌරන් දැන් පාර්ලිමේන්තුවට යැව්වා නම් හොඳයි..
උෟරන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි, ඩ්‍රයිවින් බැරිකමේ ප්‍රශ්නයක්...
හොඳ වැඩේ...
ඌරන් වල් කියලා දැනගත්තේ කොහොමද?
එක්කෝ රියදුරු පළපුරුද්ද මදි කෙනෙකු නිසා අධික වේගයෙන් ගොස් පෙරළුණු බවයි අපිට පෙනෙන්නේ. ඌරන් පිටින් වැරැද්ද යවන එක සුදුසු නැහැ. සෙමෙන් යන වාහන අලියෙකු හැපුණත් පෙරලෙන්නේ නම් නැහැ.
වේගයෙන් යන වෙලාවට සත්තු බේරගන්න ගියොත් වෙන්නේ ඔය වගේ අනතුරු තමයි. අධිවේගී එකෙත් කීප සැරයක් රිය අනතුරු වුනේ ඔය වගේ ඒවා නිසා. මොලේ පාවිච්චි කරලා වාහන එලවන්න ඕනෑ.
අලි ගෙදරටම ඇවිත් ගහලා යනවා. උෟරන් පාරක්, පාරක් ගානේ රැකගෙන ඉන්නවා. මේවා දැකපු සංචාරකයින් කිව්වේ, හුඟාක් සත්තු ඉන්න ලස්සන රටක් කියලා...!
වල් ඌරු මස් ටිකක් ගන්න බැරිද?