(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප‍්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස කර්මාන්ත හා වාණිජ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ නඩුවේ වැඩිදුර විභාගය ලබන 19 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද ( 12) තීන්දු කළේය.
මෙම පෙත්සම ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ (12) කැඳවූ අතර එහිදී පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය එදිනට කල් තැබිණි.
පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්, කර්මාන්ත හා වානිජ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නමදෙනෙක් නම් කරනු ලැබ සිටිති.
ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදු කෙරෙන මෙම එළිපෙහෙළි කිරීම් නිසි එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා තිබිණි.
මෙම පෙත්සම් විභාගය අවසන් කොට එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට දින නියම කර තිබියදී ඉකුත් වසරේ අගෝසතු මාසයේදී එම නඩු තීන්දුව ප‍්‍රකාශ කිරීමට විනිසුරු මහින්ද සමයවර්ධන මහතා අකැමැති බව අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ මහතා වෙත දැනුම් දුන්නේය. ඉන්පසුව මෙම නඩුව යළි මුල සිටම වෙනත් විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා තීන්දු කළේය.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් විණි.
ලංකාවේ ජාතික වන උද්‍යාන වලින් එකක් වන විල්පත්තු වනයේ අධිරක්ෂිත කලාපයට අයත් අක්කර දහස් ගණනක් එළිපෙහෙළි කොට නීතිවිරෝධි ලෙස පුද්ගලයින් පදිංචි කර තිබේ. වගඋත්තරකාර අමාත්‍ය අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන මෙම නැවත පදිංචි කිරීම් යටතේ පවුල් 1500 ක් මේවන විට එම වනරක්ෂිතය තුළ නැවත පදිංචි කරවා ඇතැයිද පෙත්සමේ සඳහන් වේ .
මෙම නැවත පදිංචි කිරීම් ජාතින පාරිසරික පනත උල්ලංඝනය වන පවත්, වියළි කලාපයට අයත් භූමි ප‍්‍රදේශයක පිහිටා ඇති මෙම වන රක්ෂිතය මනුෂ්‍යය වාසයට නුසුදුසු භූමි ප‍්‍රදේශයක් යැයි ද පෙත්සම්කරු කියා සිටී.
පාරිසරික පනත හා පවතින නීතියට පටහැනි ලෙස සිදුකර මෙම වන එළිපෙහෙළි කිරීම්, නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහි අදාල නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට දන්වමින් බලධාරීන්ට නියෝග නිකුත් කරන්නැයි පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.
පෙත්සම්කාර ආයතනය වෙනුවෙන් නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මනෝහාර ජයසිංහ මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසර සම්බන්ධ නඩුවලට බාලගිරි දෝෂය ඇතිවෙන්නේ ඇයි?
ඡන්දෙ පහු වෙනකම් කල් දාමු. අපිට සහාය දුන්නොත් නඩුව දිනවලා දෙන්නම් කියලා ඡන්දෙට සහාය ගනිමු. ඡන්දෙ ඉවර වුණාම මොනවා හරි බලමු.
අනේ මං දන්නේ නෑ... මම මේ ගරු අධිකරණයට කිසිම අපහාසයක් කරන අදහසින් නෙවෙයි, දැනගන්නයි අහන්නේ... නඩුවක් ඉවර වෙනකම්ම අහලා තීන්දුව දෙන්න අකමැතියි කීම අධිකරණ පද්ධතියේ නීතිරීති වලට, ක්‍රමවේද වලට, තමන්ගේ රාජකාරිය ඉටුකිරීමේ වගකීමට, මූලික ආචාර ධර්මවලට, කොයිතරම් එකඟද? එය තමාගේ රාජකාරිය පැහැර හැරීමක් ලෙස සැලකෙනවාද? එහෙම ප්‍රතික්ෂේප කිරීම ගැන හේතු විමසීම සහ සුදුසු පියවරක් ගැනීම පිළිබඳ වගකීම දරන්නේ කවුද? නඩුව සම්පූර්ණයෙන්ම මුලසිට අලුතෙන් ඇසීම කොපමණ කාලයක්, ජාතික ධනයක් විනාශ කිරීමක් බව වගකිවයුත්තන් හට වැටහෙන්නේ නැද්ද?
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අක්කර දහස් ගණනක භූමි ප‍්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කිරීමක් සිදුවූයේ කොහේද..? වනාන්තර විනාශය හොඳ නෑ වගේම, වැරදි තොරතුරු ප්‍රචාරයත් හොඳනෑ.. මෙතැනදී එළිකෙරුනේ විල්පත්තු ජාතික උද්‍යානයට උතුරින් තිබෙන කල්ආරු කියන අභය භුමිය... කිසිම වනාන්තරයක් හෙළිකිරීම වැරදියි. ඒ ගැන කතා දෙකක් නෑ... හැබැයි මෙතැනදී එළි කෙරුනේ ජාතික වනෝද්‍යානය නෙමෙයි.
"ප්‍රභාත්" කියන හොර ගිණුමකින් අදහස් පළකරන්නේ කවුද?
'ජගත්', පුළුවන් නම් පෙන්නන්න විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කොතැනද ඔය කියන ආකාරයේ වන සංහාරයක් වෙලා තියෙන්නේ..? ජාතික වනෝද්‍යානය ඇතුලේ ඒ වගේ එළිකිරීම කළ තැන් කීපයක් ගැනවත් හරියට විස්තර දෙන්න පුළුවන් නම්.. ආයිත් කියන්නේ කැලය කැපීම වැරදියි. ඒ වගේම නිවැරදි තොරතුරු ඉදිරිපත් නොකිරීමත් වැරදියි. මොකද එ්කෙන් වාසිය වෙන්නේ කැලය කපාපු හොරුන්ටම තමයි. මොකද එතකොට උන්ට පුළුවන් කියන්න 'විල්පත්තු ජාතික වනෝද්‍යානය කැපුවේ නෑ. ඒ තොරතුරු වැරදියි' කියලා ඇයි අපි බය සත්‍යය ඒ විදියටම කියන්න..? අපි කියමු මේ කපලා තියෙන්නේ විල්පත්තු ජාතික වනෝද්‍යානයට උඩින් තියෙන කල්ලාරු රක්ෂිතය කියලා... මොකද ඒ රක්ෂිතයේ කැපීමත් වැරැදියි...