(ඩයනා උදයංගනී)
වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආනයන අපනයන පාලක ජනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂ ජනරාලවරයාට නියෝග කර ඇත.
ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව අද (24) සූම් තාක්ෂණය ඔස්සේ රැස්වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මෙම නියෝගය කර තිබේ
ජනතාවගේ ජීවන වියදම් පිළිබඳ අවාධනය යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා මෙම නියෝගය නිකුත් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව සූම් තාක්ෂණය ඔස්සේ අද (24) රැස්විය.
එහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත්තේ, එලෙස නිදහස් වන ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ අත්‍යාවශ්‍ය ආහර ආනයනකරුවන් හරහා ජනතාවට බෙදා හැරීමට කටයුතු කරන ලෙසයි.
සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීමේ වගකීම වෙළෙඳ අමාත්‍යංශයේ සහ කෘෂිකර්ම නිලධාරීන් විසින් දැරිය යුතු බව ද එහිදී සඳහන් වී ඇත
COMMENTS
කියනකන් වෙන්න ඇති බලන් ඉන්න ඇත්තේ
මේව හිරවෙලා තිබුනෙ ඩොලර් නැති නිසා කියල තමයි බඩු ගෙන්වපු අය පත්තරේට කියල තිබුනෙ. රේගුව බඩුන නිදහස් කරන්නෙ පිටරට ඉන්න සැපයුම්කරුවට මුදල් ගෙව්වයින් පස්සෙ.
අද දිනය වනවිට නාඩු කිලෝවක් සිල්ලරට අලෙවි වන්නේ රුපියල් 115 කටය. ගැසට් පිට ගැසට් නිවේදන නිකුත් කළත් මේවා පාලනයක් වී තිබේද ? අද පාරිභෝගිකයන් සිටින්නේ කර කියාගත නොහැකිව දැඩි කළකිරීමෙන්ය.
අගමැතිතුමනි, වෙළෙඳ පොලේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයට සහ කළුකඩ ඇතිවීමට ප්‍රධාන හේතුව තමයි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වීම තහනම් කිරීම... එපමණක් නොවෙයි ආනයනය සීමා කිරීම සහ ඩොලර් අගය පහළ මට්ටමක පවත්වාගෙන යාම අපනයන පහළට යෑමට හේතුවෙනවා වගේම විදේශ විනිමය ආදායම පහළට වැටේ. තවද ඩොලර් අගය ඉහළ යාමට ඉඩ හරින්න. ඵවිට අපනයනය ඉහළ යාවි අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ මිල යාම හේතුවෙන් ආනයනය අඩු වේවි...
පෝර නැවක් ණයට ගෙනැල්ලා මෙතුමට කියලා නිදහස් කරගනිමු.