
(විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල පසුගියදා පැවැති රැස්වීමේදී ප්‍රංශ තානාපතිවරයා සිය කතාව ආරම්භ කරන විට ඇමෙරිකානු දූත පිරිස ප්‍රංශයට විරෝධයපාමින් රැස්වීමෙන් නැගිට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් නැවතත් මහ කොමසාරිස් ධුරය සඳහා පත්කර ගැනීමට පසුගිය 24 වැනිදා පැවැති ඡන්ද විමසීමේදී රුසියාව සහ උතුරු කොරියාව සමග එක්වී ඇමෙරිකාවද ටර්ක් නැවත පත්වීමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ප්‍රංශය සහ ඇමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයේ ආරම්භය එය වී ඇත.
එහිදී එක්සත් ජාතීන්ගේ ප්‍රංශ තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ලෝකයටම මානව හිමිකම් පිළිබඳව ආදර්ශයක් සැපයීමට මීට පෙර ඇමෙරිකාවට හැකියාව ලැබුණත් වර්තමානය වනවිට එය වෙනස් වී ඇති බවයි. ඊට පිළිතුරු දෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති මයික් වෝල්ට්ස් ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ ඊශ්‍රායලය වැනි ප්‍රජාතාන්ත්‍රික රටවලට බණ කියන අතරතුර ලෝකයේ දරුණු රටවලට සහාය දක්වන මානව හිමිකම් මහ කොමසාරිස්වරයෙකුට ප්‍රංශය ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය තවත් දැඩි කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල රැස්වීමෙන් නැගිට යාමට පෙර ඇමෙරිකානු විකල්ප නියෝජිත ඩෑන් නෙග්‍රියා ප්‍රකාශ කර සිටියේ ප්‍රංශය සිය අවමන් සහගත මෙන්ම අගෞරවාන්විත ප්‍රකාශ නතරකර ගන්නා තෙක් ඇමෙරිකාව ප්‍රංශය කතා කරන අවස්ථාවලදී ආරක්ෂක කවුන්සිලයේ රැඳී නොසිටිනු ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd