
(අංජුල මහික වීරරත්න)
කොළඹ හුණපිටිය ගංගාරාම විහාරාධිපතිව වැඩ විසූ ගල්බොඩ ඥාණිස්සර නා හිමියන්ගේ දෙවන වාර්ෂික අනුස්මරණය සහ නැණ ඉසුර ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අගෝස්තු 2 දා පස්වරු 2ට පැවැත්වේ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්ගේ මග පෙන්වීම යටතේ මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය සංවිධාන කෙරෙයි.
නැණ ඉසුර ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් ශ්‍රී ලංකාව පුරා ග්‍රාමීය සහ අඩු පහසුකම් සහිත ප්‍රජාවන්ගෙන් සුදුසුකම් ලත් සිසුන් 420 දෙනෙකුට මූල්‍යමය හා අධ්‍යාපනික ආධාර ලබා දෙයි. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසුන්ට අ.පො.ස. උසස් පෙළ දක්වා අධ්‍යයන කටයුතු කරගෙන යාමට මෙම වැඩසටහනෙන් සහාය වෙයි.
මොනරාගල, කිරින්ද, පාදුක්ක, මැදගම, රිදීමාලියද්ද, සූරියවැව, අකුරැස්ස, කළුතර සහ තවත් ප්‍රදේශ කිහිපයක සිසුන් මෙහි ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා ඇත.
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය, පොලිස් සේවා වනිතා ඒකකය සහ ත්‍රිවිධ හමුදා සේවා වනිතා ඒකක මගින් සහාය ලබන පවුල්වල සිසුන් ද ශිෂ්‍යත්ව වැඩසටහනේ ප්‍රතිලාභීන් අතර වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd