
(අනීෂා මානගේ)
කොළඹ වරායේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ තංගල්ලේ දී පැවැති සාකච්ඡාවෙන් සාර්ථික පිළිතුරක් ලැබුණු බව කොළඹ වරාය වෘත්තීය සමිති එකමුතුව කියයි.
වරාය සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අද (2) තංගල්ල කාල්ටන් නිවසේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ කොළඹ වරායේ වෘත්තීය සමිති 14කට අයත් නියෝජිතයන් පිරිසක් සාකච්ඡා කළහ.
මෙම සාකච්ඡාවෙන් සාධනීය පිළිතුරක් ලැබුණු බවද වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වරායේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත සාමාජිකයන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද එම නියෝජිතයෝ පැවසූහ.
COMMENTS
තංගල්ලට ගෙන්නලා හොඳට නෙලන්න ඇති ලොක්කා මේ අයට....!!! සාර්ථක පිළිතුර..
බමුබුව තමයි. ඕකේ නායකයන්ට කප්පම් දෙන්නම් කියන්න ඇති. ඡන්දෙන් පස්සේ ඕක විකුණනවා. අපි දන්නේ නැද්ද මහින්ද ගැන...?
තවත් නාටකයක් වත්ද?
ඡන්දෙ කිට්ටු කරලා දුන්නු මරු ගේමක්නේ... දැන් ඡන්ද ටික හරි... මේ වහල්ලුන්ට නොතේරෙන්නේ මන්ද? අපි නම් ඊයේ රෑම ඕක ඔහොම විසඳා ගන්නා බව දන්නවා. මරු විකට ජවනිකාව... මහින්ද හොඳට ආණ්ඩුව කරනවා... හරිම හොඳයි...
මෙයාට අහුවෙන්න එපා. ඔය වෘත්තීය සමිති නායකයින්ට වාඩිවෙන්න තියෙන පුටුවල මතුරපු තෙල් ගාන්න පුළුවන් තරමේ මිත්‍යා දෘෂ්ටිකයෙක් ... අතේ තියෙන නූල් කන්දරාවෙන් රටටම ඇතිවෙන්න රෙදි හදන්න පුළුවන්.. තව මොකක්ද වලල්ලකුත් තියෙනවා.. මේ දවස්වල ඒක පෙනෙන්න නැහැ. සමහරවිට කලිසම් සාක්කුවේ ඇති.. මොනවා වුනත් මේ ගොල්ලන්ට වරාය ඉන්දියාවට විකුණන්න දෙන්න එපා. වෘත්තීය සමිතිවල මේ සටනට ජයවේවා...!!!
මනප්පුවාගේ කඩවුණු පොරොන්දුව වගේ..
මෙකත් අපිට කොකා පෙන්නන්න කරන නාටකයක්ද?
ඔබේ වර්ජනය එපා නවත්වන්න. රාජපක්ෂලා බොරු කරන්නේ මේ ඡන්දෙ නිසා .. ජොනීලා, මහින්දලා, වීරවංශලා, ඔබතුමන්ලාව නොමග යවනවා. රැවටෙන්න එපා..
අපි හිතුවේ නැහැ මේ රට කොළනියක් බවට පත්කරයි කියලා.