(ඩයනා උදයංගනී )
ලංකාවේ මෙතෙක් සිදුවූ විශාලතම මුදල් මංකොල්ලය බවට සැලකෙන මහ බැංකු වංචාව ගැන සෙවීමට තමන් පත්කළ කොමිසම මගින් එහි වැරදිකරුවන් රටට හෙළි කර ඇති නමුත් ඔවුන්ගේ ආණ්ඩුවක් තිබෙන තුරු ඒ වරදකරුවන්ට දඬුවම් දීමට නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජීවිත ගණනාවක් අහිමි කළ කොළොන්නාවේ කුණු කන්දටත් වැඩි කුණු කන්දක් මහ බැංකු මංකොල්ලය හරහා ආණ්ඩුව ඇඟට දමා ගත් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වීමට කටයුතු කරන ආණ්ඩුවක් නොමැති නම් ඔහු ගෙන්විය නොහැකි බව ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් සෙවූ කොමිසම මගින් වෝහාරික විගණනයක් කරන ලෙස නිර්දේශ කර ඇතත් එවැන්නක් තවම ආරම්භ වී නැතැයිද ජනාධිපතිවරයා කීවේය.
රටට ලැබිය යුතු විශාල ආදායමක් දෙපාර්තමේන්තු, ආයතන, සංස්ථා කිහිපයක් විසින් රටට අහිමි කරන බවත් ඒවා රජයටවත් පාලනය කළ නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවත්ජනාධිපතිවරයා කීවේය.
එම ආයතනවල සිදුවන දූෂණ අක‍්‍රමිකතා පාලනය කරන්නට යන විට ඔවුන් වෘත්තීය සමිතිවල බලය පෙන්වන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ජාතික විගණන කාර්යාලයේදී අද (27) පැවති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වැනි සංවත්සර උත්සවයට ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
වාර්ෂික අයවැය පරතරය පියවීම සඳහා විදේශීය, දේශීය ණය හා රාජ්‍ය බැංකුවල මුදල් සූරාගන්න සිදුව තිබෙන්නේ ආයතන කිහිපයක් විසින් රාජ්‍ය ආදායම් අහිමි කරන නිසා බව ද මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
රටේ එක් කොටසක් අවංකව සේවය කරද්දී තව කොටසක් හොරකම් කිරීම ඛේදවාචකයක් බව කී මෛත‍්‍රීපාල සිරිසේන මහතා වංචා කරන දේශපාලඥයාගෙන් බැහැරව මේ රටේ රාජ්‍ය ආදායම අහිමි කරන ආයතන ගැන කවුරුත් කතා නොකිරීම කණගාටුවට කරුණක් බව ද කීවේය.
(ඡායාරූප - ගයාන් අමරසේකර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටක රජය තුළ සැඟවී සිටින හොරුන්ට, දූෂකයින්ට කළහැකි දෙයක් නොමැත ..!!! ඇමෙරිකාවේ, බිල් ක්ලින්ටන්ටවත් අධිකරණය ඉදිරියට ගෙනැල්ලා වරද පහදාදීලා, දඩත් ගහලා.. තමයි ගෙදර ඇරියේ.. තව හුඟක් රටවල් දිහා බලනකොට ඒ හැම රටකම නීතිය ක්‍රියාත්මක වෙනවා.. ඇයි අපේ රටේ විතරක් නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ.?
පසුගිය රජයේ අල්ලස් චෝදනාවලට දඬුවම් දුන්නාද?
හොරු ආරක්ෂා කරන කෙනෙක් වූ ඔබතුමාට, හොරු ගැන කතා කරන්න සදාචාරත්මක අයිතියක් නැහැ. අපි ඔබතුමා හිතන තරම් මෝඩයෝ නෙවෙයි.
කතාව ඇත්ත. ඒක අප පිළිගන්නවා. ඒත් ඔබතුමා වැරදිකරුවන්ට දඬුවම් දෙන්නේ කොහොමද? ඔබතුමා එකතුවෙලා ඉන්නේ ඊටත් වඩා කප්පරක් වැරදි තියෙන වැරදිකරුවන් සමගනේ... මොනවද මේ රට හිනස්සන කතා?
ඔබතුමා බලය ඉල්ලුවෙ රාජපක්ෂල කරපු වැරදි ජනතාවට කියමින් හොරු අල්ලන්න නේද?
හොරකමේ ලොකු පොඩි කියලා දෙයක් නැහැ. පක්ෂ දෙකම කෙරුවේ වංචාව... දැන් මහින්ද එක්ක එකතු නිසා මහින්දගේ වැරදි කිසිවක් කියන්නේ නැහැ.. හොර නඩේත් එක්ක එකතුවෙලා ඊළඟ මැතිවරණය කරන්නත් ලෑස්තියි... දැන්ම පොතක් අරන් ලියාගන්න රනිල්ගේ වැරදි බෙරිහන් දීලා කියන්න මෙදා පාර හොඳ ගුණ්ඩුවක් අඹරනවා කියලා ජනතාවට කිව්වේ... මහින්දව ආව ගමන් හිරේ දාන විදියට හරි මහන්සි ඇති නේද? හොරු අල්ලලා, ඔබත් යන්න. මහින්දගේ පා ගමනට. ඉවසුව ඇති කියලා බෝඩ් උස්සන් එක්සත් ජාතික පක්ෂය කරපු ලොකුම ගොන්කම තමයි ඔබව ලංකරගත් එක... නමුත් ඔවුන් තමන්ගේ පක්ෂේ කෙනෙක් විදියට සැලකුවේ... ඔබ කෙරුවේ කොන්ද පණනැති දියයටින් ගින්දර ගෙනියපු, සක්කිලි වැඩ....
මේ ටික දෙනා මේ දෙතුන් දෙනාගේ පිට කස කස ඉන්නවා හැරෙන්න වෙන මොකුත්ම නැහැ. අපි ජීවතුන් අතර සිටිනකම් මේ කිසිම හොරෙක් කුඩු රජෙක් මිනිමරුවෙක් කුඩුවකට යන්නේ නැහැ. එකතුවෙන කට්ටියත් එහෙම තමයි. ඒ නිසා සත්වයා වෙනස් වුනාට චක්‍රය ඒකමයි. මේක 100% කෝටියක ලාභයක් උපයන්න පුළුවන් සුදුවක්. දේශපාලනය කියන්නෙම සුදුවක්.
හරිනේ... එතකොට බරපතල වංචා විමර්ශන කොමිසමෙන් වැරදිකරුවන් ලෙස හඳුනාගෙන, ප්‍රජා අයිතිය පවා අහෝසි කළ යුතු බවට නිර්දේශ කළ, චෝදනාවලට ලක්වූ අය එක්ක සංධාන හදලා ආණ්ඩු කරන්න හදන එක හරිද?
ජනාධිපතිතුමනි, කතාව කිව යුත්තන්ට කීමෙන් ඔබ ඔබේ කාර්යය ඉටුකර ඇත. ස්තුතියි! නැතුව ඔය කතාව සමෘද්ධි ලාභීන්ට කියා වැඩක්, ප්‍රයෝජනයක් නොමැත. දැන් මෙතනටත් ගොන්තර්ක ඕනෑතරම් එ්වි. කියවා රසවිඳිමු.
සහතික ඇත්ත 2015දී එම වැරදිකරුවන් එකතුවෙලා ඔබතුමා පත්නොකළා නම් තත්වය කොහොම වෙයිද?
සිද්දවෙන දේවල් දකිනකොට, අහනකොට.. ආණ්ඩුව හමුදාවට බාරදීමට හෝ හමුදාවත් සමග රජය පවත්වාගෙන යාමට කාලය පැමිණ ඇතැයි අපි විශ්වාස කරමු.
වෙලාව ආවම අපි නියම තීරණය ගන්නම්.
රට්ටු රවටන්නේ මොකටද? කොමිසම් පත් කරකර. ඔය කොමිසම සම්පූර්ණ වාර්තාව එළියට දාන්න. දේශපාලන සූදු කෙලින්නේ නැතිව...
ඒ කියන්නේ ඒකත් කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ වැඩක්.
මහ බැංකු කොමිසන් වාර්තාව එලියට දාන්න බය මොකද? ඔය කියන අන්දමට කලින් හිටපු කට්ටිය එක්ක අලුත් ආණ්ඩුවක් හැදුවොත් ඒ කාලයේ උනා කියන වැරදි වලට දඬුවම් කරන්නත් බැරිවෙයි නේද?
පහුගිය ආණ්ඩුවේ බිලියන 981 ක බැදුම්කර වංචාවක් ගැන කතා කරලා පසුව ඔවුන් එක්කම සන්ධාන හදන්න හදන ජනාධිපති කෙනෙක් තමයි මෙහෙම කියන්නේ.
දින 50 ආණ්ඩුව හැදුවෙ ඒකටද?
ජනාදිපති ගේ අසරණකම මේ වචන වලින් මනාව ඔප්පුවෙනවා. 2020 කොන්ද පන ඇති කෙනෙක් පත් කර ගනිමු.
මේ මහතා කියන කිසිවක් අප ගණන් ගත යුතු නැහැ. ජානදිපති වෙන්න කලින් වේදිකා වල කියපු එක දෙයක් වත් කලාද?
2015 ඉදන් පැවතෙන ආණ්ඩුවේ නායකයා කව්දැයි කියල ජනතාවට තවම කියල නැහැනේ . කිසිම කෙනෙක් මේ බව දන්නේත් නැහැ , හරි පුදුමයි . ඒ කියන්නේ රාජ්ජය නායකයෙක් නැති ශ්‍රී ලංකාවක් .
ජනතාව ඔබට ඡන්දෙ දුන්නේ රටට අවශ දේ කරන්න. තැන තැන රටේ තිබෙන තත්වය ජනතාවට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ . ඒවා ජනතාව දන්නවා . කරුණාකරලා වැඩ කරන මිනිස්සු තේරුම් අරගෙන ඒ අය සේවයට යොදවල වැඩ ගන්න . ඉන්පසු තම කල වැඩ හා වෙනස් කල තත්වයන් පිළිබද කතාකරන්න .
රටක මුලික නීතිය වත් දන්නේ නැතුව ඉබාගාතේ වැඩ කරන මිනිහෙක් එක්ක මොන රට පාලනයක් ද? කයිවාරු විතරයි. 2015 දී කරපු කතා ඇහුවොත් අපිට හිතෙන්නේ මෙයා මොලේ මාරු කරපු කෙනෙක් කියල.
ආණ්ඩුව? කැබිනට් ඇමති ධුර කීයක් දරනවද? දැන් එතකොට ඔබතුමා ඉන්නේ කොතැනද?