ජපානයේ වෙසෙන වයස අවුරුදු සියය පසුකළ පුද්ගලයින් සංඛ්‍යාව ප්‍රථම වරට 80,000 ඉක්මවා ඇතැයි එරට රජයේ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.


සැප්තැම්බර් 1 වැනිදා වන විට මූලික නේවාසික ලේඛනයේ ඇතුළත් දත්ත අනුව මෙම තොරතුරු හෙළිවිය.

ඒ අනුව වයස අවුරුදු සියයේ පසුවන හෝ එය ඉක්මවූ පුද්ගලයින් සංඛ්‍යාව 80,450 කි.

මෙම සංඛ්‍යාව පසුගිය වසරට වඩා පුද්ගලයින් 9,176 දෙනෙකුගේ වැඩිවීමකි.

මේ අතරින් 88% ක් හෙවත් පුද්ගලයින් 70,975 දෙනෙකු කාන්තාවන් වන අතර පිරිමි පුද්ගලයින් සංඛ්‍යාව 9,475 ක් වේ.

1963 වසර වන විට ජපානයේ වයස අවුරුදු 100 ඉක්ම වූ පුද්ගලයින් සිටියේ 153 දෙනෙකු පමණි.

ප්‍රථම වරට 1998 වසරේදී එය 10,000 ඉක්වනු ලැබීය.

ඒ අනුව වාර්තා තබමින් වර්ධනය වූ මෙම වයස්ගත පුරවැසියන්ගේ සංඛ්‍යාව මෙවර අඛණ්ඩ 50 වැනි වසරට සිය වාර්තාව අලුත් කර තිබේ. 

ජපානයේ මේ වන විට ජීවත්වන වයස්ගතම පුද්ගලයාගේ වයස අවුරුදු 117 කි. 

-226-

(එන්එච්කේ ඇසුරෙනි)