
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වී මිල තීරණය කරන්න නිවැරදි මිල සූත්‍රයක් සකස් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
වී වලට ලබා දෙන සහතික මිල ගණනය කිරීමේ දී බරපතල ගැටලු රැසක් ඇති නිසා ඊළග කන්නයේ සිට වී සඳහා හොඳ ප්‍රබුද්ධ මිල සුත්‍රයක් සකස් කරන ලෙස යෝජනා කරන්නේ යැයි විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ආණ්ඩුව කියන ආකාරයේ ලාභයක් ගොවියාට නොලැබෙන බවත් මේ සහතික මිල හරහා ගොවියාට බරපතළ පාඩුවක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කවුරු ආණ්ඩුවේ හිටියත් මේ ගැටලු වලට විසදුම් අවශ්‍ය යැයිද දැන් පවතින මිල සූත්‍රය දෝෂ සහිත නිසා ඊට වැඩපිළිවෙළක් යොදන ලෙස ඉල්ලා සිටින්නේ යැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd