(ආරියරත්න රණබාහු)
 
විශාල බලාපොරොත්තු ඇතිව පිහිටුවා ගන්නා ලද ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා දූෂණයවීමට කතානායකවරයා සහ අගමැතිවරයා වගකිව යුතු යැයි එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා කොළඹදී අද(14) පැවසීය.
 
කොළඹ 10 ආනන්ද රාජකරුණා මාවතේ තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි මාධ්‍ය මධ්‍යස්ථානයේදී අද (14) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුව අමතමින් දිසානායක මහතා ඒ බව පැවසීය.