කොරෝනා වයිරසය ව්‍යාප්තවීමෙන් ලොව පුරා පුද්ගලයන් 4,000ක් මිය ගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති.
එසේම, පුද්ගලයන් 113,000කට වයිරසය ආසාදනය වී ඇත.
චීනයේ පුද්ගලයන් 80,700ක් ආසාදිත තත්වයේ පසුවන අතර 3,100දෙනෙකු මිය ගොසිනි.
කෙසේවෙතත් රටවල් 95කට මේ වනවිට වයිරසය ව්‍යාප්තවී ඇති බව වාර්තා වේ.
ඇමෙරිකාවේ පුද්ගලයන් 550ක් ආසාදිතයන් බවට පත්ව ඇත. වොෂින්ටන් ප්‍රාන්තයේ 22දෙනෙකු, ෆ්ලොරීඩා ප්‍රාන්තයේ දෙදෙනෙකු සහ කැලිෆෝනියා ප්‍රාන්තයේ දෙදෙනෙකු වශයෙන් 22දෙනෙකු මිය ගොසිනි. එසේම, ඇමෙරිකාවේ ප්‍රාන්ත 22කට මේවනවිට වයිරසය ව්‍යාප්තවී ඇති බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ වනවිට ජපානයේ 1,210දෙනෙක් ආසාදිත තත්වයේ පසුවෙති.
මිය ගිය පුද්ගලයන් බහුතරය අවුරුදු 70 සහ ඊට වැඩි පුද්ගලයන් බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.
(සීඑන්එන් ඇසුරිනි)
16844
COMMENTS
මේ වෛරසය බෝ වෙන්න පටන්ගෙන සතියක් යන කොට මම කොමන්ට් එකක් දැම්මා ඉතා භයානක තත්ත්වයක් ලෝක ආර්ථිකයට ඉතා විශාල බලපෑමක් එල්ල වනවා නියතයි කියලා චීනය නිසා. ඒකට ලයික් වගේ 3ගුණයක් විතර ඩිස්ලයික් තිබුනා. දැන් තත්ත්වය මොකක්ද?
මම දැන් ඉන්නේ කටුනායක එයාර් පෝර්ට් එකේ. මේ වයිරසෙන් බේරෙන්න දියුණු රටවල් තමන්ගේ නගර පිටින්ම අගුලු දානවා. තව සමහර රටවල් අසාදනය වූවන් ඝාතනය කරනවා. මේ අතර අපේ ආණ්ඩුවත් ඉතාම හොද තීරණයකට ආවා සමහර රටවල්වලින් එන අයව අද ඉදන් දවස් 14 කට නිරෝධායනය කරන්න. ඔන්න පළමු ගුවන් යාමට අද උදේ කටුනායකට ලගා උණා. මෙන්න බොලේ මෙතන මර ගන්නවා නිරෝධායන මධස්ථාන වලට යන්න බැරිලු. ඒවල කන්න කෑම නැතිලු. සැප නැතිලු. සමහරු මරණ ගෙවල් වලටලු ආවේ. මම මේ බලන් ඉන්නේ මේ ඔක්කොම මේ ඇවිල්ලා ඉන්න හමුදාවෙනුයි, පොලීසියෙනුයි ගේම ඉල්ලන්නේ තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් රටේ මිනිස්සු බිලිදෙන්න ඕන කියලා නේද? මේ මිනිස්සු නිදහස් සමාජයට ගිහින් ඒ සමාජේ ඉන්න අහිංසක මිනිහෙක්ට මේ මාරාන්තික රෝගය හැදුනට මේ අයට ගාණක්වත් නැහැ. ඇත්තටම රජයේ වැරැද්ද මේ මිනිස්සුන්ව ආපහු රටට ගෙන්න ගත්ත එක. ගිය විදිහටම ඒ ඒ රටවල මේ ලෙඩේ සමනය වෙනකම් ඉන්න දෙන්නේ නැතුව.