
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා නව දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද පියවර ගත්තේය. එය සෑම දිනකට පෙරවරු 7.00 ට වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කරයි.
මෙසේ ආරම්භ කරන නව දුම්රිය ගමන් වාරය හේතුකොට ගෙන තමන්ට ආරක්ෂිතව රාජකාරිය සඳහා ගමන් කිරීමේ අවස්ථාව හිමිවනු ඇති බවට එම දුම්රියේ ගමන් කළ මගීහු සඳහන් කළහ.
දුර ගමන් සේවා දුම්රියන් වේයන්ගොඩ දුම්රිය ස්ථානයට පැමිණෙන බොහෝ අවස්ථා වන විට මගීන්ගෙන් පිරී ඉතිරී පැවතීම හේතුකොටගෙන තමන් දැඩි අවදානම් තත්ත්වයක ගමන් කළ බව ද දුම්රිය මගීහු සඳහන් කළය.
ආරම්භ කළ නව දුම්රිය ගම්පහ, ගනේමුල්ල, රාගම, හුණුපිටිය, කැලණිය, මරදාන හා කොළඹ කොටුව යන දුම්රිය ස්ථාන වල නැවැත්වීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය .
වේයන්ගොඩින් ගමන් ආරම්භ කරනවිටත් මගීආසන සියල්ල පිරී පැවතිනි. දුර ගමන් දුම්රියන් හි මඟින් ඉතා අනාරක්ෂිතව ගමන් කරනු දැකිය හැකි විය.
රඹුක්කන, පොල්ගහවෙල, සහ අඹේපුස්සෙන් ගමන් ආරම්භ කරන දුම්රියන් මීරිගම පසුකරන විට මඟීන්ගේ පිරීයාම නිසා, වේයන්ගොඩින් සහ ගම්පහින් දුම්රියට ගොඩවෙන අධික මඟී පිරිස එම දුම්රියවලට දරාගත නොහැකි තරම් වැඩිවීම පිලිබදව පසුගිය දින කිහිපය පුරාම මඟී ජනතාවගෙන් එල්ල වූ චෝදනා වලට ප්‍රායෝගිකව ප්‍රතිචාර දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාට විශේෂයෙන් ස්තූති කරන බව වේයන්ගොඩ දුම්රිය මගී සංගමය සදහන් කලේය.
COMMENTS
හතට වේයන්ගොඩින් ඇවිත් වැඩට යන්න පුලුවන්ද අට වෙන කොට ...
මොනවා කලත් දුම්රිය පොකුරක් ඇත ලගයි .ඔය එකක් දාලා හරි යනවද මහත්තයෝ .1මිලි මීටර් වත් ඉඩ නැහැ ගිහින් බලන්න කියන්න ඇමතියාට
දැන්ද මේවා ක්‍රියාත්මක වෙන්නේ .සම විනාඩි 20 කට වරක් වත් දුම්රියක් උදය සහ සවස් කාලයේ යෙදවීමට හැකි රටක් වේවා
මඟී ජනතාවගෙන් එල්ල වූ චෝදනා වලට ප්‍රායෝගිකව ප්‍රතිචාර දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාට විශේෂයෙන් ස්තූති කරන බව වේයන්ගොඩ දුම්රිය මගී සංගමය සදහන් කරයි.
වෙනත් රටවල කරනවා වගේ මෙට්‍රෝ සේවා සහ නගරාන්ත සේවා වශයෙන් දුම්රිය වර්ගීකරණය කරන්න පුලුවන්නම් මේ ප්‍රශ්නය අවම කරගන්න පුළුවන් කියල හිතනවා.
වේයන්ගොඩ සිට නව කාර්යාල දුම්රිය ආරම්භ කිරීමට සම්බන්ධ වූ සියලු දෙනාම ඉතාමත් අගය කොට සලකමු. වසර 22 ක සිට අපි දැඩි දුෂ්කරතාවයට මුහුණ දී ඇති අතර අධික මගීන් පටවා ගත් දුම්රිය අප් ලයින් සිට එන විට භාවිතා කළෙමු. දැන් අපට ඉතා පහසුවෙන් සහ ආරක්‍ෂිතව ගමන් කළ හැකිය. නැවත වරක් ඔබට ස්තුතියි. කාරුණික සුභ පැතීම. අනුර කුමාරසිරි