IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ව්‍යාජ බීඩී නිෂ්පාදනය කළ ස්ථානයක් වටලා අයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ප්‍රසිද්ධ  බි.ඩි නිෂ්පාදන  සමාගමක වෙළඳ නාමය වෙළඳ සලකුණ භාවිතා කරමින් ව්‍යාජ ලෙස බීඩි නිෂ්පාදනය කළ මාලඹේ හෝකන්දර උතුර ස්ථානයක් වටලා බීඩි 38,000 ක සහ ඇසුරුම් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පොලිස් භාරයට ගත් බි ඩි වල වටිනාකම ලක්ෂ තුනකට අධික බවත් පොලිසිය සඳහන් කරයි.මිරිහාන  කොට්ඨාස දූෂණ මර්දන අංශය සහ විෂ මත්ද්‍රව්‍ය ඒකකය ඒකාබද්ධව වැටලීම සිදුකර ඇත .

මීගමුව ප්‍රදේශයේ බලපත්‍රලාභී අදාළ සමාගම විසින් කරන ලද පැමිණිල්ලක් අනුව වැටලීම සිදුකර ඇති අතර ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන  බීඩි සඳහා ප්‍රසිද්ධ වෙළෙඳ ආයතනයේ වෙළඳ නාමය ලාංඡනය සහ දුරකථන අංකය මෙන්ම ආයතන හිමිකරුවන් නමද භාවිතා කරමින් මෙම කූට ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

 අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය 

 



අදහස් (0)

ව්‍යාජ බීඩී නිෂ්පාදනය කළ ස්ථානයක් වටලා අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site