(තිළිණි ද සිල්වා)
ව්‍යාජ ගුවන්ගමන් බලපත‍්‍ර භාවිතා කොට චෙන්නායි සිට ලන්ඩන් බලා ගුවන්ගත වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික යුවළක් චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බව ‘‘ටයිම්ස් ඔෆ් ඉන්දියා ’’ පුවත් සේවය අද (18) වාර්තා කළේය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නිකුලම් ප‍්‍රදේශයේ පදිංචිව සිටින විජයාන් සහ යසෝධා නැමැති ලාංකික යුවළකි.
මෙම යුවළ ව්‍යාජ ලෙස සැකසූ මැලේසියානු ගුවන් ගමන් බලපත් මාර්ගයෙන් ලන්ඩන් බලා පිටත්ව යාමට සූදානම්ව සිටියදී චෙන්නායි ගුවන්තොටුපළ බලධාරීන් සිදුකළ සෝදිසියකදී මෙම යුවළ අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ ලාංකික යුවළ 2009 වසරේ දී ලංකාවේ පැවති සිවිල් යුද්ධයට සම්බන්ධ වූවන්ද යන්න ගැන චෙන්නායි ත‍්‍රස්ත විමර්ශන ඒකකය වැඩිදුරටත් සොයා බලමින් සිටින බවද ටයම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත් වාර්තාවේ දැක්වේ.
තමන් ලංකාවේ සිටින සංචාරක නියෝජිතයෙකු හරහා මෙලෙස ව්‍යාජ ලෙස සැකසූ ගුවන් ගමන් බලපත් සකස් කොට චෙන්නායි සිට ලන්ඩනය වෙත බලා ගුවන්ගත වීමට සැලසුම් කළ බව එම ලාංකික යුවළ චෙන්නායි ආගමන විගමන බලධාරීන්ට දැනුම් දී ඇත.
වැඩිදුර ප‍්‍රශ්න කිරීම සඳහා ලාංකික යුවළ චෙන්නායි ආගමන විගමන බලධාරීන් බාරයේ රඳවා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සිට යුරෝපයට යන බොහෝදෙනා දැන් භාවිතා කරන්නේ මේ උපක්‍රමය බව ඉරිදා බ්‍රිතාන්‍ය රුපවාහිනි වර්තාවක පෙන්වාදී තිබුනා. එසේ පැමිණෙන බොහෝ දෙනෙකුට හරි හමන් රස්සාවක් සොයා ගන්නට බැරි කමත් කිසිදු පිටස්තර උදව්වක් නොලැබීමත් හේතුවෙන් කර කියාගත හැකි දෙයක් නැතුව අගුපිල් ගානේ රස්තියාදු වෙමින් දහ දුක් විඳිමින් දුක්බර ජීවිත ගෙවන්නට සිදුවී ඇති බවයි එම වාර්තාවට අදහස් දැක්වූ කාන්තාවක් කීවේ.