IMG-LOGO

විමල්ට එරෙහි නඩුව අගෝස්තු 8 දා කැඳවයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

ඇමැතිවරයකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම්  හා  ආදායම්  වලින්  උපයාගත  නොහැකි, අල්ලස් මඟින්  උපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවකුව සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු දෙකක හා රක්‍ෂණ සංස්ථාවේ පරිගණක දත්ත පරීක්‍ෂා කිරීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා එම නඩුව අගොස්තු මස 8 වැනිදා කැඳවීමට නියම කළේය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා හැටන් නැෂනල් (ප‍්‍රධාන කාර්යාලය) හා මහජන බැංකුව (දෙල්ගොඩ) යන බැංකු වලටද රක්‍ෂණ සංස්ථාවේ (ප‍්‍රධාන කාර්යාලය) ටද එලෙස නියම කළේය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2009 වසරේ සිට 2014 වසර දක්වා වු වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි 7 1/2 කට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ  චෝදනා පත‍්‍රයේ  සඳහන් වේ.

2009 ජනවාරී මස පළමු වැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යානුකූල වත්කම් හා ලැබීම් වලින් උපයාගත නොහැකි රුපියල් 744,80,017/- මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස් වලින් බවත් අධිචෝදනා පත‍්‍රයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මුදල් උපයාගෙන ඇති ආකාරය හා දේපළ උපයාගෙන ඇති ආකාරය දැක්වෙන උපගොනු දෙකක්ද අධිචෝදනා පත‍්‍රය සමඟ අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් ආයතන කිහිපයකින් ඉදිරිපත් කර ඇති වාර්තාවල නිවරද්‍යභාවය පරීක්‍ෂා කළත් බැංකු දෙකක හා රක්‍ෂණ සංස්ථාවේ පරිගණක දත්ත පරීක්‍ෂා කිරීමට අවසර දීම එහි නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කළ බවත් දැනුම් දුන්නේය.

එහෙයින් හැටන් නැෂනල් (ප‍්‍රධාන කාර්යාලය) හා මහජන බැංකුව (දෙල්ගොඩ) යන බැංකු වලටද රක්‍ෂණ සංස්ථාවේ (ප‍්‍රධාන කාර්යාලය) ටද මෙම නඩුවට අදාළව එම ආයතන වලින් නිකුත් කළ  පරිගණක දත්ත පරීක්‍ෂා කිරීමට අවසර දෙන්නැයි ද එමෙන්ම එම දත්ත තිරයේ දැක්වෙන ඡායාරූප (ස්ක‍්‍රීන් ෂොට්) ගැනීමට තමන්ට අවසර දෙන්නැයි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සළකා බලමින් ඊට අවසර දුන් විනිසුරුවරයා මෙම නඩුව ලබන අගොස්තු මස  8 වැනිදා කැඳවීමට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සුනේත‍්‍රා ජයසිංහ මහත්මිය සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය පෙනී සිටියාය.

විත්තිකරු වෙනුවෙන් නීතීඥවරු කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා පෙනී සිටියේය.



අදහස් (17)

විමල්ට එරෙහි නඩුව අගෝස්තු 8 දා කැඳවයි

sirimal Monday, 29 July 2019 11:06 AM

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වත්ද?

:       1       59

Chanak los angelesMonday, 29 July 2019 08:57 PM

ඇමරිකන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. මන්ද මොහුගේ බුද්ධිය පොහොසත්කම ඇමරිකාවට මරුපහරක්...

:       0       0

sharm warn Monday, 29 July 2019 11:23 AM

වැදගත් ප්‍රශ්නයක්...

:       1       6

thushara Monday, 29 July 2019 11:23 AM

අර මුස්ලිම් දොස්තරලා... මුස්ලිම් ඇමැතිවරු කෝටි ගණන් හොයලා තියෙන්නේ... ඉඩම් අක්කර 2000-3000ක් ගත්තේ කොහොමද? ප්ලාස්ටික් බෑග් 1 කොළඹට රෙදි ටික ගෙන අාපු අය... ඒ අයට මේ නීතිය අදාල නැද්ද..?

:       374       603

Chanak los angelesMonday, 29 July 2019 04:10 PM

වැරදි පීල්ලේ ගිහින් තිබෙන්නේ කියලා තිබෙන්නේ දොස්තර කෙනෙක් ගැන නොවෙයි. බමුණා වගේ මෝඩක් වෙන්න එපා.

:       508       375

d.upul Monday, 29 July 2019 11:51 AM

මෙයා අනුන්ගේ කුණු හොයන්නේ නම් තමන් හරියට සාන්තුවරයෙක් වගේ කියලා හිතාගෙන...

:       37       212

Prabha Monday, 29 July 2019 11:52 AM

93 වසරේ මා හට තිබුණු කමිස තුනෙන් එකක් ඇදගෙන ගිය කෙනාද මේ?

:       69       140

Hafeel Monday, 29 July 2019 11:54 AM

ඉතින් මෙයා දේශප්‍රේමියක්ද?

:       2       148

ravi Monday, 29 July 2019 12:38 PM

මේ.. පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා කියලා මුළුරටම බියවද්දපු "තුම්මුල්ලේ අයිය" නේද? අපි බලාගෙනයි ඉන්නේ...!

:       140       135

dilan Monday, 29 July 2019 01:32 PM

අගමැතිතුමා බලයේ ඉන්න ගමන් පෞද්ගලික ව්‍යාපාර ගණුදෙනු ආණ්ඩුවත් එක්ක කරනවා. එතුමාගේම ප්‍රධානත්වයෙන් මහබැංකුව සූරා කාලා නට්ටන් කරලා දානවා. රජයේ ඉඩම් සහ දේපල මුස්ලිම් ඇමතිවරුන්ට අල්ලස් විදියට දෙනවා. සාෆිලා අවුරුදු 5ක් ඇතුළත කෝටි 50ක මුදල් උපයනවා, මේවට විරුද්ධව මහජනතාව දහස් ගාණක් පොලිසියට දිනපතා පැමිණිලි කරනවා TV වල පෙන්නනවා. ඒත් "නෝ ඇක්ෂන්",... ඔන්න ඒ අස්සේ කරපු පෙනෙන හොරකමකුත් නැතුව විමල්ට වත්කම් නඩුවක් දාලලු. මෙහෙමත් අපිට ආතල් දෙන රජයක්...

:       70       347

athuraTuesday, 30 July 2019 07:19 AM

කම්බා හොරෙක් කවද්ද මහත්මය පේන්න හොරකම් කරන්නෙ. ඔබතුමා නොදැනුවත් බව පෙන්නුවට මෙයාගේ තරම දන්නෝ දනිති.

:       0       0

chinthaka Monday, 29 July 2019 01:34 PM

ආ, ඔය කස පුපුරන්නේ.... වන්දිභට්ටයින් කමෙන්ට් දාන්නේ... ඇත්තටම ඡන්දෙ අතළඟ කියලා දැන්නම් ෂුවර්...

:       2       19

chinthaka Monday, 29 July 2019 01:40 PM

කස පුපුරන හඬ... විමල්ගේ කේස් එනවිට ගොඩ... තජුදීන් දානකොට ගොඩ... ඡන්දෙ ළඟ බව ඇඟවෙන හඬ...

:       1       57

Gamarala Monday, 29 July 2019 03:36 PM

අනේ කලේ වනේ වාසේ කියලා කියන්නේ මේවට තමයි !

:       0       25

Chanak los angeles Monday, 29 July 2019 10:34 PM

අසාධාරණ පොහොසත් වීම නීතියට විරුද්ධයි කියා සියල්ල දන්නවා කියමින් උගුරු දණ්ඩ පුප්පගෙන කෑ ගහන මේ උගතා නොදන්නවා වෙන්න බැහැ.

:       0       0

rohana Tuesday, 30 July 2019 01:17 AM

චින්තකත් අර බමුණා වගේ රාජපක්ෂලට කඩේ යන කෙනෙක් වගෙයි.

:       0       0

Rizwan Tuesday, 30 July 2019 03:48 AM

මේක අනිවාර්යෙන්ම අධිරාජ්‍යවාධී කුමන්ත්රණක්. විමල්ට ඔය වගේ වැඩ කරන්න දන්නේ නැහැ. එයා හරිම අහිංසකයි. ඕනෙනම් උප්පැන්න දෙක තුනක් හදාගෙන ඇති. නැත්තම් පාස්පොර්ට් දෙක තුනක් හදාගෙන ඇති.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site