(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය අද (24) සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
විපක්ෂ නායක කාර්යාලයේ සිටි කාර්ය මණ්ඩලය සෞඛ්‍ය උපදෙස් මත නිරෝධායන කටයුතු සඳහා යොමු කර සිටින බවද මහ ලේකම්වරයා සඳහන් කරයි
විපක්ෂ නායක කාර්යාලය විසබීජහරණය කර සෞඛ්‍ය උපදෙස් මත කඩිනමින් ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට කටයුතු කරන බවත් ඔහු කියයි.
මේ අතර ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බවත් මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්නත විදින්න බයේ.. එපා කියලා කිව්වට සාමාන්‍ය මිනිස්සුන්ට ලාබෙට වාහනයක් ගන්න නෑ කියලා... මෙයාලා කවදාවත් තීරුබදු රහිත වාහන නම් එපා කියලා තියෙනවද ?
මේ ටිකම ඇති රටේ ජනතාවට කොරෝනා වෛරස් බෝ කරන්න.
කීයක් හම්බ වුණාද දන්නේ නැහැ කොරෝනා අරමුදලින්?