(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට  ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පහරදීමට උත්සහ  දරන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය පක්ෂයේ  මන්ත්‍රීවරු  පාර්ලිමේන්තු සභා ගැබින් අද පස්වරුවේ  පිටව ගියහ.

එහෙත් විපක්ෂය  නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් තබා ගැනීම් දිගටම රැඳී සිටිනු දක්නට ලැබිණ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙසේ සභා ගැබෙන් පිටව ගියේ  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුවය.