(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
වන අලි වැඩිවීමේ ප්‍රශ්නයට විසඳුමන් ලෙස වනඅලි හීලෑ කර විදේශ රාජ්‍ය නායකයන්ට තෑගි වශයෙන් දෙන්නැයි පාලකයන්ට යෝජනා කරන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ටී.බී ඒකනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය.
ඒකනායක මහතා මේ බව පැවැසුවේ ආනයන - අපනයන (පාලන) පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.
ටී.බී ඒකනායක මහතා මෙසේද කීය.
‘‘අද රටේ වනාන්තර වල අලින් වැඩිවෙලා.මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට වන අලින් හීලෑකර විදේශ රාජ්‍ය නායකයන්ට තෑගි වශයෙන් දෙන්න කියලා මම යෝජනා කරනවා.
අපේ නායකයෝ දෙන්නා අද තරගෙට වගේ රට යනවා.ඒ නිසා ඒ වැඩේ කරන්න අද හරිම ලේසියි. ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි වැඩි වෙලාද? අලින්ට ජිවත් වෙන්න තියෙන කැලෑ ඉඩම් ප්‍රමාණය අඩු වෙලාද?
මේ වගේ අයව පාර්ලිමේන්තු යවපු උදාර ජාතියට මගේ ප්‍රණාමය...!!!
මෙන්න ප්‍රශ්න වලට විසඳුම් හොයන හැටි. මේක කොපමණ මෝඩ යෝජනාවක්ද? අද රටේ වනාන්තර වල අලින් වැඩිවෙලා කියන්නේ මොන බොරුවක්ද? වනාන්තර අඩු වෙලා අලින්ට ඉන්න තැනක් නැතිවෙලා බව කවුද නොදන්නේ? විදේශ රාජ්‍ය නායකයන්ට තෑගි වශයෙන් දුන්නම ඒ මිනිස්සු ගෙදර ගිහින් තියා ගන්නවද? ඉස්සර දීපු අලින් එක එක රටවල දුක් විඳින හැටි දකින්නේ නැත්තේ මොකද?
ඔය මොකක්ද කරන්න හදන්නේ? වැඩ නැතිවට වැඩ, අලින්ට උන්ගේ පාඩුවේ කැලේ ඉන්න දෙන්න. සව්දි අරාබියේ රජුට අලියෙක් තෑගී දීලා වැඩක් තිබෙනවාද?
ඉස්සෙල්ලම මෙයාව ස්වාසිලන්තෙට දෙමු...
වන අලි කියන්නේ මේ රටේ ක්‍රම ක්‍රරයෙන් වද වී යන ජාතික සම්පතක්.
ඇයි කණාමදිරියෝ අල්ලලා බෝතල් කරලා රට යවමු .
කියපු කෙනාව හුරතලේට ඇති කරන්න දෙන්න තියෙන්නේ අප්‍රිකාවට...
මෝඩකමට බෙහෙත් නැහැයි කියනවානේ.