(දයාරත්න ඇඹෝගම)
වන අලියෙකු පහර දිමෙන් සිවිල් ආරක්ෂක භටයෙකු මිය ගොස් ඇතැයි මහවිලච්චිය පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නිරෝෂන් ජයරත්න(35)නැමති සිවිල් ආරක්ෂක භටයෙකි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් පේමඩුව ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ගොවිපලේ සේවය කරමින් සිටි මෙම සිවිල් ආරක්ෂක භටයා ගොවිපලට කඩා වැදුණ වන අලියෙකු එළවා දැමිමට ගිය අවස්ථාවේදි අද (16) අලුයම මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය කියයි.
වන අලියාගේ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහු මෙලෙස මිය ගොස් තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd