(මුදිතා දයානන්ද)
ඉදිරියේදි පැවැත්වෙන මහමැතිවරණයකදී තම පක්ෂය ඉදිරිපත් වන්නේ සීනුව ලකුණින් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා අද (26) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ ඉදිරියේදි පැවැත්වෙන මහමැතිවරණයකදි එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් පක්ෂයක් සමඟ ඇති කරගන්නා පෙරමුණු වලින් තරඟ වැදීමට ජවිපෙ සුදානම් දැයි පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ හේරත් මහතා ජනතා විමුක්ති පෙරමුණ සිවිල් සංවිධාන, බහුජන සංවිධාන හා විද්වතුන් කලාකරුවන් එකතු කරගත පුලුල් පෙරමුණක් ලෙස ඉදිරි මහමැතිරවණයකදි තරග වදින්නට බලාපොරොත්තු වන බවද පැවසිය.
එහෙත් එහිදි තම පක්ෂයේ ලකුණ වෙනස් කිරීමේ බලාපොරොත්තු නැති බවද අනෙකුත් දේශපාලන පක්ෂවල ප‍්‍රගතිශීලි හා වාමාංශික මතයන් දරන අයටද තමන් සමඟ එකතු විය හැකි බවද හේරත් මහතා තවදුරටත් පැවසීය.
( වීඩියෝ 356)
COMMENTS
සීනුවෙන් අාවත් ඝණ්ටාරෙන් අාවත් මෙ පාර නම් ඉවරයි. ඔයාලා රතු අලි බව ජනතාව දැන් අවබොධ කරන් ඉන්නෙ යු.එන්.පි .එකට දුන්නත් වමෙ පාවෙන ඡන්ද ඔයාලට නමි දෙන්නෙ නැහැ නැහැම තමා...
ජයවේවා!!! රට පෙරට ගෙනියන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ...
සමාජවාදී රතු අලි පැටවුන් මෙදාපාර සීනුව එල්ලගෙන ආවත් මහත්තුරු ටික ගෙදර යවන්න බලාගෙන තමයි ඉන්නේ. සහෝදරයින් ටික මෙදාපාර තමයි ජනතාවගෙන් ඉතිහාසයේ කවරදාකවත් ඉගෙන ගත්තේ නැති පාඩමක් ඉගෙන ගන්නේ. මෙදාපාර නම් ජනතා විමුක්ති පෙරමුණට අඹ සරණයි.!!! රටේ ජනතාව තමුන්නාන්සේලා වගේ මොඩයින් කියලා හිතන්න එපා. එදා 88,89 කාලයේ හිටිය ජනතාවට වඩා අද ඉන්න ජනතාව තමුන්නාන්සේලාට වඩා බුද්ධිමත් කියලා මතක තියාගත්තොත් හොඳයි. රටේ වෛරී දේශපාලනය වපුරලා දැන් ඉතින් තමුන්නාන්සේලා ජනතාව අතරට යන්නේ රෙදි ඇඳගෙනද කියලා දැනගන්න කැමතියි.
ජයවේවා!
අපි ජවිපෙ එකට.
ජවිපෙට අබ සරණයි.
වෙනත් සබඳතා කීවේ ඩොලර් වලින් ඇති වූ සබඳතා වෙන්න ඇති....
තම අනන්‍යතාව රැකගෙන පක්ෂයේ ගරුත්වය රැකගෙන රටේ මේ ඇතිවී ඇති ව්‍යවසනය නැතිකර දැමීමට ජනතාවට හෙට ගැන බියකින් තොරව ජීවත් වීමට ඔබගේ දේශපාලන ශක්තිය යොදවන්න කියා ජවිපෙ නායකත්වයෙන් අපි ඉල්ලා සිටිමු.
අලියගෙන්ම ඉල්ලුවා නම් ඉවරයිනේ...
සීනුව අලියාගේ පස්සේ එල්ලන්න. එනවා මෙතන ජනතාව අන්දන්න! නාලා එන්න මහත්තයෝ ජනතාව බලාගෙන ඉන්න දෙන්න කොහු ඉදල් පාර...
ජ වි පෙ මන්ත්‍රීවරු 06 ෙදනා ගැන අපට අාඩම්බරයි මුදලට පක්ෂය මාරු නොකරන සත්‍යය කථාකරන විනයගරුක කණ්ඩායම ඔබලාෙග් කණ්ඩායම පමණයි ජයෙව්වා!!!
මෙයා හරියට චන්ද ටික වත් ගත්ත කෙනෙක්ද?