විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට එජාපයේ සහාය
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන කල් තැබීමේ විවාදය අරඹමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස කතා කරයි.
විජිත් විජිතමුණි සොයිසා
අද ශ්‍රීලනිපය හැටියට මමත්, ලක්ෂ්මන් සෙනවිරත්න මන්ත්‍රීතුමත්, ඉන්දික බණ්ඩාරනායක මන්ත්‍රීතුමත් මේ රජයට සහාය ලබා දෙන්න ශ්‍රීලංකා නිදහස් පක්ෂය හැටියට එකතු වෙලා තියෙනවා. එහෙම එකතු වෙන්න බලපාපු කරුණු රාශියක් තිබෙනවා. මේ රටේ දේශපාලන ඉතිහාසයේ විශාල අස්ථාවරත්වයක් වුණා. එය දුප්පත් ජනතාවට විවිධ ක්‍රමවලින් දැනෙනවා. තවදුරටත් මේ රටේ වගකිව යුතු දේශපාලන පක්සයක් හැටියට ශ්‍රීලනිපයට , මන්ත්‍රීවරුන් හැටියට අපිට ලොකු වගකීමක් තිබෙනවා.
සමහර කුඩා දේශපාලන පක්ෂවල විඥානය ගැන අපි ගෞරව කළ යුතුයි. අපේ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, අනුශාසක මහින්ද රාජපක්ෂ සමඟ කටයුතු කිරීමේ කිසිම ගැටලුවක් නෑ. දැන් නම් එතුමා වෙන පක්ෂයක සාමාජිකයෙක් කියලා මම මාධ්‍යවල දැක්කා.

ශ්‍රීලනිපය හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා. අපි ශ්‍රීලනිප පාක්ෂිකයක් ආරක්ෂා කළ යුතුයි. අපි ශ්‍රීලනිප පාක්ෂිකයන් හැටියට අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මැදින් පීදුණු අයට පක්ෂය ගැන හැගීමක් නෑ. අපි උපතින් ශ්‍රීලනිප අය. මම 1971 ශ්‍රීලනිපයෙන් නගර සභාවට ඉල්ලුවේ කවුරුත් නැති, අපේකෂකයො නැති කාලේ. මම අපේකෂකයෙක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙද්දි කිසිම නායකයෙක් අපිට ඡන්දෙ දෙන්න කියලා.
අපි තනියම ගිහින් ශ්‍රීලනිප නිල්පාට කොඩිය ගත්තේ. රාජ්‍ය නීතියටත්, කැලෑ නීතියටත් එරෙහිව අපි නිල්පාට කොඩිය අරගෙන සිරිමාවෝ මැතිණිය අගමැති කරන්න වෙහෙසුණා. චන්ද්‍රිකා ජනාධිපති කරන්න අපි ගත්තු මහන්සිය මංගල සමරවීර, එස්බී දිසානායක දන්නවා.
එදා පාර්ලිමේන්තුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් මගේ තාත්තා ඉල්ලුවා. තාත්තයි පුතයි මේ වෙලාවේ ඡන්දෙට දාන්නේ ඇයි, උඹට දෙන්නම නැති වෙනවා කියලා අම්මට කට්ටිය කිව්වා. අපි ප්‍රජා අයිතිය නැති සිරිමාවෝ වෙනුවෙන් පෙනී සිටියා. රංජිත් මද්දුමබණ්ඩාරයි මමයි ගහගෙන අපේ කීප දෙනෙකු එල්ලුම්ගහට ගියා. අද මේ නයාටයි පොළඟටයි එකට වාඩි වෙන්න සිද්ධ වුණා. එහෙම වුණේ ඇයි? අපේ සංවිධාකවරු 100ක් විතර මට කතා කළා. අපි අපිව වැටට තියලා අමුඩේ ගහලා. අපිට ඉස්සරහට යන්නත් බෑ. පස්සට යන්නත් නෑ. එක්කො අමුඩේ ගලවන්න ඕනෑ. නැතිනම් වැට කපන්න ඕනෑ.
2001 වසරේ මැතිවරණයේ හම්බන්තොට, අත්තනගල්ල පරදිනකොට අපි මොනරාගල විතරයි ශ්‍රීලනිපය ජයග්‍රහණය කළේ. මම හිටපු ජනාධිපතිතුමාට ගරු කරනවා. ඔබතුමා සමඟ ඉන්න වෘක්කයන් හා සුනඛයන් එන්න මේ ගමන යන්න බෑ. වෙල්ලස්ස දියුණු කරන්න මොනවද දුන්නො ඇමැතිකම්, මට කැලෑ ඇමැති, පුෂ්පෙට පොල් ඇමති, සුමේධට කිහිලිකරු ඇමැති. මේ රටේ ජනතාව අරයා අගමැති කළා, මෙයා ජනාධිපති කළා, අහිංසක මිනිස්සු රජ වුණේ නෑ.
අපේ ආණ්ඩු කාලේ මට වැඩ කරන්න දුන්නේ නෑ. හැබැයි මට රංජිත් මද්දුමබණ්ඩාරවත්, ආනන්ද කුමාරසිරිවත් විරුද්ධ වුණේ නෑ. අපි වැව් 200ක් හැදුවා. බණ්ඩාරවෙල ගිල්වලා වතුර ටික හම්බන්තොටට ගෙනියන්න හැදුවා.
(මෑතකදී කළ වැඩ ලැයිස්තුවක් කියයි.)
අපිට ඕනෑ අපේ දිස්ත්‍රික්කයට වැඩ කරන්න ඕනා. ඔහෙලා හිතන්නෙපා මම යූඇන්පියට ආවා කියලා. අපි මේ අස්ථාවරත්නය නැති කරන්නයි ආවේ. අපි අද ජයග්‍රාහී පෙරමුණකට සම්බන්ධ වෙලා තියෙනවා.
දිනේෂ් ගුණවර්ධන - එක්සත් ජනතා නිදහස් සන්ධානයට තමයි ආණ්ඩු පක්ෂයට පසු වැඩිම මන්ත්‍රීවරුන් සිටින කණ්ඩායම යැයි කතානායක ප්‍රකාශ කළා. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා විපක්ෂ නායක ලෙස නම් කළ බවත් ඔබතුමා ප්‍රකාශයට පත් කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ඉන්න නිසා විපක්ෂ නායක වෙන්නේ නෑ කියලා බොළඳ තර්කයක් ඉදිරිපත් කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ලෙස සිටිය දී මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස කටයුතු කළා. මේ බොළඳ විරෝධතාවයන් සලකන්නේ නැතුව පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට කළා.
ලක්ෂ්මන් කිරිඇල්ල - චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කැබිනට් අමාත්‍ය ධුර දැරුවේ නෑ. ජනාධිපති විතරයි.
රවුෆ් හකීම් මහතා ද මහින්ද රාජපක්ෂ මහතාගේ පත්වීම ගැන නීතී තර්ක දෙකක් මතු කරයි.
සන්ධාන මන්ත්‍රීවරුන් වන විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක, ලක්ෂ්මන් සෙනවිරත්න යන මහත්වරු පාර්ලිමේන්තුව සභා ගැබෙන් ආණ්ඩු පක්ෂයට ගොස් අසුන් ගත්හ.
සුසිල් ප්‍රේමජයන්ත මහතා 
පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තේරී පත් වෙලා ඉන්නේ පක්ෂ 6කින්. එක්සත් ජනතා නිදහස් සන්ධානය තරඟ කළේ පක්ෂ කිහිපයක් එකතු වෙලා.
මේ පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙක් තමයි එක්සත් ජාතික පෙරමුණ අතර සම්මුතියක් ඇති කර ගත්තේ. ඒ අනුව තමයි අමාත්‍ය ධුර ගණන වැඩිකරගෙන තිබෙන්නේ. ශ්‍රීලනිපයෙන් මන්ත්‍රීවරුන් තේරී පත් වෙලා නෑ මේ පාර්ලිමේන්තුවට.
එක්සත් ජනතා නිදහස් සන්ධානය තමයි විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වෙන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයකුට විපක්ෂ නායක වෙන්න කිසිම ගැටලුවක් නෑ.
මහින්ද විපක්ෂ නායක කිරීම ගැන නීති ප්‍රශ්න දෙකක් මතුවෙයි
එම් ඒ සුමන්තිරන් මහතා
සභාවේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි කැබිනට් මණ්ඩලයේ සහ ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති. ජනාධිපති තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා. ජනාධිපති යටතේ අමාත්‍යංශ තුනක් තිබෙනවා. එනිසා එහි සාමාජිකයකුට විපක්ෂ නායක වෙන්න බෑ. ව්‍යවස්ථාවේ පැහැදිලිව එය කියනවා. ව්‍යවස්ථාවේ පැහැදිලිවම තියනවා තේරී පත්වූ පක්ෂයේ සාමාජිකත්වය අවසන් වූ පසු මාසෙකින් පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අවසන් වෙන බව.
මේ සම්බන්ධයෙන් ලිඛිතව ලබා දෙන්න. ඉන් පසු මම මගේ තීරණය දැනුම් දෙන්නම්.
කතානායක - ඒ ගැන මම හොයලා බලන්නම්
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
පාර්ලිමේන්තුවේ වෙනත් පිරිසක් ඉන්නවා. (ව්‍යවස්ථාව කියවයි) පාර්ලිමේන්තුවට තේරී පත් වුණු මන්ත්‍රීවරයෙක් ඒ තේරී පත් වුණු ව්‍යවස්ථාවෙන් ඉවත් වූ පසු ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වන බව ව්‍යවස්ථාවේ තියෙනවා.
මෙතැන බහුතරයක් පොහොට්ටුවේ
විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පිළිගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා නිවේදනය කරයි.
වේත්‍රධාරී සෙංකෝලය තැම්පත් කරනු ලැබීමෙන් අනතුරුව කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඪ වීමෙන් පසු පාර්ලිමේන්තුවේ කටයුතු ඇරැඹිණි.
පාර්ලිමේන්තුව අද පස්වරු 1ට ඇරැඹේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ද අද(18) පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන බව ප්‍රකාශ කර තිබේ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ ප්‍රශ්න පැත්තක තියලා තවදුරටත් මේ වගේ අමන තර්ක දාලා කාලය නාස්ති කරන්නද හදන්නේ.?
වසන්ත වගේම කෙනෙක් මෙයත්. ලැජ්ජාවක් නැති මනුස්සයෙක්.
මැති ඇමතිකම් නායකකම් ඕන හැටියට බෙදාගෙන රටට යහපත් කාරියක් ඉටු කරන්න. හැබැයි අර වංචනික 19 වැනි සංශෝධනය වගේ තවත් ව්‍යවස්ථා සංශෝධන විතරක් නම් ගෙන එන්න එපා. මේ ව්‍යවස්ථාවම ඊළඟ මැතිවරණය තෙක් ප්‍රමාණවත්. කරුණාකරල දැන්වත් ප්‍රමාද වෙච්ච පළාත් සභා ඡන්ද විට පවත්වන්න.
අප්පච්චි ආයෙත් මැරුණ නිසාද... ඊලග ඡන්දෙ ඔයත් මැරෙනවා බලන් ඉන්න
සොයිසා මහත්තයෝ... අපි ගොන්නු කියලනං හිතන්න එපා. ඔච්චර නිදහස් පක්ෂය ගැන කැක්කුමක් තියනවනං, නිදහස් පක්ෂය අමාරුවෙී වැටිල තියන මෙී අවස්ථාවෙිදි පක්ෂයත් එක්ක ඉන්න ඕන.
වේත්‍රධාරී සෙංකෝලය තැම්පත් කරනු ලැබීමෙන් අනතුරුව කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඪ වීමෙන් පසු පාර්ලිමේන්තුවේ කටයුතු ඇරැඹිණි. - වෙනදා වුනේ එහෙම නෙවෙයිද?
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුයි. එහෙම අහෝසි කලොත් අපේ රට තුනට හතරට කැඩෙන එක වලක්වන්න බෑ.
දැන් බලමු දින 100 වැඩේ කොහොමද කියලා.
අහෝසි වෙන්න ඕනේ විධායක ජනාධිපති කම නොවෙයි මුළු පාර්ලිමේන්තුවම. අපට ඕනේ අලුත් පාර්ලිමේන්තුවක පරණ මන්ත්‍රීවරු නොවෙයි පරණ පාර්ලිමේන්තුවක අලුත් මන්ත්‍රීවරු. නාමයෝජනා දීමේදී හොරුන්ට කුඩු කාරයින්ට නැවත වරම් දෙන්න තැත් කරන ඕනෑම පක්ෂයක් ඡන්දයේදී පරාජය කලයුතුයි.
පුද්ගලයකු එල්ල කරගෙන කරන මේ සංසෝධන රටට අහිතකරයි. තමන්ට ජනාධිපති තනතුර ලබා ගත නොහැකි නිසයි මෙහෙම කරන්නේ. කිසිම සත්භාවයකින් නොවේ. විධායක ජනාධීපති ක්‍රමය නිසයි මේ රට රැකිලා තියෙන්නේ. ඒ නිසා ඒක ආරක්ෂා කර ගත යුතුයි
දැක්කනේ දැන් සෙල්ලන් ආණ්ඩු හදල මාස දෙකක් රට අරාජික කරපු හැටි. දැන් මහජනතාව තමයි එකේ පව් කරගහන්නේ. නිත්‍යානුකුල අගමැති කෙනෙක් පත් වෙලත් තවම ඇමති මණ්ඩලේ පත්නොකර එකෙත් මාධ්‍ය සහ නිතිය සාමය එයාට ඕනලු. ඔය ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ඉතාම හොදයි.
ලංකාවට නාමික ජනාධිපති කෙනෙක් හොඳටම ඇති. විධායක බලතල වලින් වෙන්නේ පාර්ලිමේන්තුවත් එක්ක ගැටුමක් පමණි. රට ඉදිරිය ගෙන යා යුත්තේ බහුතර මතයට අනුව මිස එක පුද්ගලයෙකුගේ මතයට අනුව නොවේ. 1978 සිට 2018 දක්වා සිදුවයේ එක පුද්ගලයෙකුගේ මතයට පර්ලිමෙන්තුව අතුලු මුළු මහජනතාවම නැටීම පමණකි. එසේම පියවරෙන් පියවර රට ඒකාධිපති පවුල් රාජාණ්ඩු ක්‍රමයකට යොමුවීම පමණකි. ඒකාධිපති පාලනයක් ජනතා හිතසුව පිණිස සිදුවූයේද යන්න ප්‍රශ්නාර්ථයකි.
කොහොම හරි අලුත් ව්‍යවස්ථාව ගෙනේවි. පුදුම අවාසනාවක්.! රටේ දැවෙන ප්‍රශ්න තියෙද්දී මේකම අදින්නේ.