IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදුහල්පති පුරප්පාඩු ගැන ගුරු සංගමයෙන් චෝදනාවක්

(බිඟුන් මේනක ගමගේ) 
 
ජාතික පාසල් 302 ක විදුහල්පති පුරප්පාඩු ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභා සාමාජිකයන් අග්‍රාමාත්‍ය කාර්යාලයට කැඳවා ඇතැයි ද එය තනිකරම නීතිවිරෝධී මෙන්ම සදාචාරවිරෝධී ක්‍රියාවක් යැයි ද ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි.
 
පුරප්පාඩු පිරවීම සඳහා අයැදුම්පත් කැඳවීම අධ්‍යාපන අමාත්‍යංශය නිසායාකාරව නොකිරීම නිසා නැවත අයැදුම්පත් කැඳවීමට සිදුවීමෙන් මෙම අර්බුදය උද්ගතව ඇතැයි ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වේ. 
 
ඒ අනුව සිදුවිය යුත්තේ කොමිෂන් සභාව ලබාදී ඇති නිර්දේශ පදනම් කරගෙන කඩිනමින් අයැදුම්පත් කැඳවා මැතිවරණ කැඳවීමට පෙර පුරප්පාඩු පිරවීම වුවත් එය සිදු නොකොට අග්‍රාමාත්‍යවරයා තම කාර්යාලයට ස්වාධීන කොමිෂන් සභාවක නිලධාරින් කැඳවීම අනුමත කළ නොහැකි යැයි ද ලංකා ගුරු සංගමය පවසයි.
 
රාජකීය විදුහල ඇතුළු පුරප්පාඩු පවතින පාසල් සම්බන්ධයෙන් විවිධාකාර මත සමාජය තුළ මතුවෙමින් පවතින වාතාවරණයක රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ අනුව අයැදුම්පත් කැඳවන ලෙස ලංකා ගුරු සංගමය අවධාරණය කරන්නේ යැයි ද එහි සඳහන් වේ.
 
2012 දෙසැම්බර් 14 දින ජාතික පාසල් 105 කට ද 2015 අප්‍රේල් 01 දින ජාතික පාසල් 106 ක් සඳහා ද අයැදුම්පත් කැඳවා තිබුණ ද ඒ අනුව පත්වීම් ලබාදීම සිදු නොවුණි යැයි ද මෙවරත් එවැන්නක් සිදුවුවහොත් අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙහි බරපතල අර්බුදයකට එය හේතු වනු ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 


 



අදහස් (0)

විදුහල්පති පුරප්පාඩු ගැන ගුරු සංගමයෙන් චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site