IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


විදෙස්ගත ශ්‍රමිකයින්ටත් නව රක්ෂණ ක්‍රමයක්

(ඩයනා උදයංගනී)

කොවිඩ් අවදානම හේතුවෙන් රැකියා අහිමිවීමේදීත් අවස්ථාවලදීත් රක්‍ෂණ හිමිකම් ලැබෙන අයුරින් විදේශගත ශ්‍රමිකයින්ට යෝග්‍ය නව රක්‍ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා විගමනික ශ්‍රමිකයින් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදෙස් ශ්‍රමික රක්‍ෂණාවරණයක් සලසා දී ඇති අතර එමගින් ශ්‍රමිකයකුගේ මරණයකදී හා ආබාධිත තත්වයට පත්වීමකදී වන්දි ලබාදීම සිදුවුවත්, ශ්‍රමිකයින්ට වැඩබිම්වලදී සිදුවන කාර්මික හා ගෘහස්ත අනතුරු, විවිධ රෝගාබාධ, හාම්පුතුන්ගෙන් සිදුවන පීඩා හා හිරිහැර හේතුවෙන් ඇතිවන මානසික හා සෞඛ්‍ය ගැටලු මෙන්ම කොවිඩ් 19 හේතුවෙන් රැකියා අහිමිවීම් ආදියේදී ආවරණයක් නැති බැවින් මෙම තීරණය ගෙන ඇත.

පවතින රක්‍ෂණ ක්‍රමය යටතේ ශ්‍රමිකයකුගේ මරණයකදී රුපියල් ලක්‍ෂ හයක් සහ සහ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රුපියල් ලක්‍ෂ හතරක් වශයෙන් උපරිමයකට යටත්ව වන්දි ගෙවීම් සිදුවේ.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

එමෙන්ම කොවිඩ් 19 වසංගත තත්වය යටතේ සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශයන්ට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාදයකින් තොරව සපයා ගැනීමට හැකි පරිදි ප්‍රසම්පාදන ක්‍රමවේදය වෙනස් කරමින් නව මාර්ගෝපදේශ ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 



අදහස් (15)

විදෙස්ගත ශ්‍රමිකයින්ටත් නව රක්ෂණ ක්‍රමයක්

mihira Tuesday, 18 May 2021 02:48 PM

ගානක් ගන්න වැඩක්...

:       0       5

parakkrama Tuesday, 18 May 2021 03:05 PM

ඔක්කොටෝම කළින් තමුන්ගේ යැයි සිතාගෙන ඉන්න බල ප්‍රදේශයේ ජනතාවගේ... ආරක්ෂාව ගැනත් සිතා බුද්ධිමත්ව කටයුතු ක‍ළොත් හොඳයි නේද?

:       0       4

බද්රානි Tuesday, 18 May 2021 03:25 PM

දැන් අර කලින් දාලා තිබුණු රක්ෂණයෙන් ඒ ජනතාවට මොකක්ද සිදු වුණු සේවය?. මැදපෙරදිග රැකියා කරන අහිංසක හිඟන ජනතාවගේ මුදල් සූරා කන්න නේද ඔය අර අඳින්නේ? අනේ ඇත්තටම මෙහෙම අයටත් මේ ලෝකේ ජීවත් වෙන්න තවමත් ඉර පායනවනේ?

:       0       0

sachith Tuesday, 18 May 2021 05:02 PM

පිළියන්දලට සංචරණ සීමා දැම්මා වගේ තියෙයි එහෙනම්..

:       0       0

Shan Tuesday, 18 May 2021 05:59 PM

තවත් සූරාගෙන කෑමක්...

:       0       0

Sri Lanka Tuesday, 18 May 2021 09:08 PM

මගේ යාලුවෙක් කටාර්වලදී වැටිලා පැරලයිස් වුණා. ලංකාවට ඇවිල්ලා රක්ෂණය ගන්න ගියාම කිව්වා රට ඉන්න කොට රක්ෂණය කල්ඉකුත් වෙලා.. ඒ හින්දා මුකුත් කරන්න බැහැ කිව්වා. කවුරු බයිලා ගැහුවත් අන්තිමට අපේ සල්ලි වලින් සැප විඳින්නේ දේශපාලකයෝ.. අපිට හුළං තමයි...

:       0       0

Puppa Tuesday, 18 May 2021 10:33 PM

බොරුවේ සීමාවක් තියෙනවා. මේක දැක්කාම අප්පිරියයි.

:       0       0

mp Wednesday, 19 May 2021 03:06 AM

දැන් දැන් ඉවක් බවක් නැතිව කෝවිඩ්වලින් මැරුණු අයට රක්ෂණ හැදුවොත් හොඳයි වගේ...

:       0       0

priyantha Wednesday, 19 May 2021 04:13 AM

මහන්සියෙන් හම්බකරගන්න තුට්ටු දෙකෙන් තවත් කීයක් හරි කඩාගන්න වගෙයි ලෑස්තිය..

:       0       2

Shahiwal Wednesday, 19 May 2021 04:23 AM

අනේ ලොක්කා, අපිට නං මොනවත් එපා. අපි හම්බකරගෙන අපි කන්නම්... අපි බලන් ඉන්නේ පුළුවන් ඉක්මනට ඔයාට කොරෝනා හැදිලා වලපල්ලට යන්නේ කවද්ද කියලා. කාලකන්නි නිසා තමයි අපේ රට ඔය තත්වේ තියෙන්නේ... මොනවා දෙනවා කිව්වත් අන්තිමට ගසකාලා ඇති අන්තිමට.

:       0       2

d Wednesday, 19 May 2021 04:24 AM

දැන් හරි වැඩේ දෙන්න හදන්නේ.. බෙල්ලටම දැන් ඔබලාට ඉතිරි වෙලා තියෙන්නේ ඕක විතරයි කරන්නේ. අපි ගන්න එකටත් විදපන්කෝ..

:       0       2

පප්ප Wednesday, 19 May 2021 06:15 AM

මේ කරන්නේ පට්ටපල් බොරු. කෝවිඩ්ට බැරිද මෙයා ගැන අවධානය යොමුකරන්න.

:       0       5

pathirana Wednesday, 19 May 2021 07:40 AM

අලුත් රක්ෂණ නම් එපා.. පුළුවන් නම් එන්නත් කරපු කට්ටිය නිරෝධායනයෙන් අයින් කරලා පෙන්නන්න. ඔට්ටුයි තමුන්නාන්සේට බැහැ.

:       0       3

Raveendra Wednesday, 19 May 2021 08:21 AM

ඕනෑම පක්ෂයක වැඩිපුරම සිටින්නේ කැස්වටුවන්, නරින්, හිවලුන් සහ දියබරියන්ය. මේත් එවැනිම සත්වයෙකි..

:       0       3

a.d.g.dushantha Wednesday, 19 May 2021 11:53 AM

මේක තවත් ගොන් වැඩක්.. අපි ගෙවන රක්ෂණයෙන් අපිට මොනවද ලැබෙන්නේ..? නිකන් බොරුවට කාලකණ්ණින්ට පඩි ගෙවන්න අපෙන් සල්ලි ගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31077 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13213 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 33 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site