IMG-LOGO

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අක්‍රමිකතා හොයන්න කමිටුවක්

(විනීතා එම් ගමගේ)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය සමයේ සිදුවී ඇතැයි කියන දූෂණ අක්‍රමිකතා ගැන සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට විදේශ සබඳතා නිපුණතා සංවර්ධන රැකීරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පියවර ගෙන තිබේ.

වෘත්තිය සමිති හා වෙනත් අංශ විසින් පෙන්වා දී ඇති කරුණු අනුව මෙම කමිටුව පත්කිරීම යෝග්‍ය බවට අමාත්‍යවරයා තීරණය කර ඇතැයි කම්කරු සබඳතා අමාත්‍යංශ්‍ය කියයි.

දේශපාලන අවශ්‍යතා මත උසස් වීම් ලබා දීම, තානාපති කාර්යාල සේවය සඳහා සුදුසුකම් නැති පුද්ගලයින් පත් කිරීම, සමහර සේවක සංගම්වල නිර්දේශ මත උසස් වීම් ලබා දීම, රන් පියාපත් ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති රාශියක් තුළින් කාර්යංශයේ මුදල් අවභාවිත කිරීම,  වැනි කරුණු පිළිබඳව මෙම කමිටුවේ අවධානය යොමු කරනු ඇතැයි කම්කරු සබඳතා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පවුල් පසුබිම් වාර්තා ලබාගත නොහැකි කාන්තාවන් 3500 කට අධික සංඛ්‍යාවක් විදේශගත කිරීමට කටයුතු කර ඇතැයි ද පන්නිපටිය පුහුණු මධ්‍යස්ථානය මුල් කරගෙන නුපුහුණු ශ්‍රමිකයන් විදේශගත කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කොට ඇතැයි ද මේ වනවිට හෙළි වී ඇති බැවින් ඒ ගැන සොයා බැලීම ද මෙම කමිටුව පත්කිරීමේ අරමුණු අතර වන බව හෙතෙම කියා සිටියේය.

එමෙන්ම 2014 වසර වනවිට වාර්ෂිකව 300000 කට අධික පිරිසක් රැකියා සඳහා විදේශ ගත වී ඇති නමුත් 2018 වනවිට එය දෙලක්ෂයකටත් වඩා අඩුවී  තිබීම මෙන්ම කාර්යංශයේ මුදල් අවභාවිත කරමින් අවාසි සහගත ලෙස කුලි පදනම යටතේ වාහන ලබාගැනීමේ සිද්ධියක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකරනු ඇතැයි එම නිලධාරියා කීය.

 

   



අදහස් (8)

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අක්‍රමිකතා හොයන්න කමිටුවක්

upali Tuesday, 31 December 2019 03:40 PM

සරල ප්‍රශ්න කිහිපයක් අසමි.ලියාපදිංචි නොමැති රැකියාවලට රටින් පිටවීම තහනම්ද ? එසේ පිටවීමෙන් අල්ලාගෙන ගමන් බලපත්‍රය බලහත්කාරයෙන් රදවා ගත හැකිද ? යුරෝපීය රටවල රැකියාවන්ට එම නීතිය බල නොපාන්නේ කිමද ?

:       0       35

sam Wednesday, 01 January 2020 01:45 AM

2014 වනවිට වාර්ෂිකව 300,000 විදේශ ගත උනාලු. 2018 වනවිට එය 200,000 දක්වා අඩු උනාලු. මේක ගැන හොයන්න නම් කමිටු අවශ්‍ය නැහැ. මේ තරමට රට යන්න මිනිස්සු කොහෙද ඉන්නේ ? ලංකාවේ ජනගහනය මි. 21.4 යි. වාර්ෂික ජනගහන වර්ධනය 1.1% යි .

:       0       0

Samare Wednesday, 01 January 2020 02:52 AM

මේක නම් වැඩකට ඇති ආයතනයක් නෙමෙයි. මේක නැතත් කමක් නැහැ කිසිම ප්‍රයෝජනයක් නැති එකක් ඕක. අපි රට යනකොට (මැද පෙරදිග පමණයි) අපේ පාස්පෝට් එක චෙක් කරන්න නම් බලාගෙන ඉන්නවා. නමුත් අපිට කරදරයක් වෙලා ලංකාවට එද්දී බලන්න කිසි කෙනෙක් පළාතක නැහැ. අනේ ගරු ජනාධිපතිතුමනි, ආර්.එම්.වී. එකට වගේම මේකටත් ගිහින් බලන්න කියා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

:       0       263

Ruwan Wednesday, 01 January 2020 03:36 AM

බොහොම හොඳ තීරණයක්. ඕකත් අයිස් ගුහාවක්.

:       2       14

lal Wednesday, 01 January 2020 07:57 AM

පසුගිය සමයේ වගේම පසුගිය සමයට පෙර සමයෙත් සිදුවුණු දූෂණ අක්‍රමිකතා ගැන සොයා බැලීම කරන්න. කවුරු කළත් දුක්විදින මිනිසුන්ගේ සල්ලි හොරා කන ඕවයින් සැප විදින බහුතර කට්ට්ය ඉන්නේ මේකේ.

:       0       54

ජන හිත Wednesday, 01 January 2020 08:54 AM

කිසිම තේරුමක් නැති තවත් සල්ලි කඩාගන්න ආයතනයක්... දුප්පත් අපේ සල්ලි වලින් ජීවත් වෙන නිකම්මු ටිකක්...

:       0       38

indra Wednesday, 01 January 2020 08:58 AM

විදේශ විනිමය සොයන කිසිම කෙනෙකුට සහනයක් මේ රජයෙන් නෑ... දුන්නු සහන දීලා තියෙන්නේ තියන කෙනාටමයි, වාහනයක් ලබා ගන්න දුන්නු සහනය මාසිකව ඇමරිකන් ඩොලර් 5000ක් ලංකාවට බැර වෙන්න ඕනේ... වසරක් මෙය නොකඩවා එවන්න ඕනේ... ජනාධිපතිතුමනි, මෙය ඔබතුමාගේ අවධානය පිණිසයි. මෙතරම් වැටුපක් ලබන කෙනෙකුට මෙවන් සහනයක් ඕනද? මැදපෙරදිග ලාංකිකයන් කොපමණ සිටිනවද? මේ අය වෙනුවෙන් සහනයක් නැද්ද පුංචි මිනිහට වාහනය සිහිනයක්ද? මෙය අකැපද? මෙය වෙනස් විය යුතු කරුණක්... මෙවන් සහනයක් දුන්නොත් මේ අය ඉතිරි කිරීමකටද පෙලඹෙනවා නොඅනුමානයි... විදේශ ඇමැතිතුමනි., ඔබගේද අවදානය පිණිසයි..

:       0       11

Senarath Wednesday, 01 January 2020 11:34 AM

සංචාරක වීසාවලින් මැදපෙරදිග යන උදවියටත් මොවුන් කරදර කරනවා. ඒ උදවිය එමගින් මුහුණ දෙන ප්‍රශ්න ගැන මොවුන් හිතන්නේ නැහැ. සමහරුන්ට යන්න දෙන්නේ නැහැ. වුන්ගේ ගුවන් බලපත් අහෝසිවෙලා ලොකු අමාරුවක වැටෙනවා. නිලධාරීන්ට කිසි ගාණක් නැහැ.

:       0       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 79 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site