(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාව වෙත ඔක්සිජන් ටොන් 140ක ප්‍රමාණයක් කඩිනමින් ලබාදීමට කටයුතු කිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට රජයට ස්තුතිවන්ත වන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ආසාදිත රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවය සපුරාලීම සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් ටොන් 100ක් රැගත් ඉන්දීය ශක්ති නෞකාව ඊයේ (22) දිනයේදීත් තවත් ඔක්සිජන් ටොන් 40ක් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අද (23) දිනයේදීත් මෙරටට පැමිණි අතර මෙතරම් කඩිනමින් ඔක්සිජන් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාවට මෙරට ජනතාවගේ ස්තුතිය ද හිමිවන බව ඇමතිවරයා සඳහන් කළේය.
කොවිඩ් 19 අසාධිත රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් ධාරිතාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා, ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් මෙරටට කඩිනමින් රැගෙන ඒමේ ක්‍රියාවලිය නාවික හමුදාව මගින් සිදු කරන ලෙසට ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාට උපදෙස් දී තිබූ අතර ඒ අනුව නාවික හමුදාපතිවරයාගේ මැදිහත්වීමෙන් ඉන්දීය නාවික හමුදාවේ හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව මෙම ඔක්සිජන් තොගය මෙරටට රැගෙන ඒම සිදුකෙරිණි.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මෙන්ම ඉන්දීය හා ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරුන් ඇතුළු මෙම ක්‍රියාවලියට සම්බන්ධ වූ සියලු දෙනාට ස්තුතිවන්ත වන බව ද ඇමති ජී.එල් පීරිස් මහතා කීවේය.
අතීතයේ සිටම දුෂ්කර අවස්ථාවන්හි දී ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සහයෝගය හිමිවූ බව කී ඇමතිවරයා එම සහයෝගය අඛණ්ඩව ඉදිරියේදීත් අපේක්‍ෂා කරන බව පැවසීය.
ඉන්දියාව යනු ශ්‍රී ලංකාවේ සැබෑ කලාපීය මිතුරකු වන අතර එම සබඳතා අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යාම තම අරමුණ බව ද විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.
තමා විදේශ අමාත්‍යධූරයේ වැඩ භාරගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හමුවූ බවත් එම අවස්ථාවේදී ද ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය ගැන එරට රජයට ස්තුතිය පළ කළ බවත් හෙතෙම පැවසීය.
2025 දෙසැම්බර් මස 18
253
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදේශ ඇමති ඉන්දියාවට තුති පුදයි
Sri Lanka Monday, 23 August 2021 03:30 PM
අධ්‍යාපන ඇමති විදිහට මොනවද කලේ.?
Kcn Monday, 23 August 2021 04:01 PM
"ඇති ඇති බටර් ගෑවා.. කීයක් ද ණය ඕන කියපන්" - ඉන්දියාව
ganegoda Monday, 23 August 2021 05:53 PM
ඉන්දියාවට වඳිමින්, ඉන්දියාවට බනිමින්, ඉන්දියාවට ස්තූති කරමින්...!!! නුඹලා මොක්කුද යකෝ?