
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ශ්‍රී ලංකා වෛද්‍ය සභා නිලවරණය පැවැත්විම වළකාලමින් දී තිබූ වාරණය විසුරුවා හරින්නැයි ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානයක මහතා කොළඹ දිසා අධිකරණයට මෝසමක් ගොනු කර ඇත
එම මෝසම සලකා බැලීම සදහා ලබන 15 වැනිදා කැදවීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා අද (10) දින නියම කළේය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභා නිලවරණය මේ මස 30 සහ 31 යන දිනයන්හී පැවැත්වීම වළකාලමින් කොළඹ දිසා විනිසුරු අරුණ අළුත්ගේ මහතා ඉකුත් 02 වැනිදා වාරණය නියෝගයක් නිකුත් කළේය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභා නිලවරණය පැවැත්වීමට එරෙහිව වදුරඹ , පහළ ලේල්වල , ගල්කඩුල්ල පදිංචි වෛද්‍ය රයන් ජයලත් මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ නියෝගය නිකුත් කෙරිණි.
එකී වාරණ නියෝගය විසුරුවා හරින්නැයි ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා මෙම මෝසම ගොනු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd