
(නිමල කොඩිතුවක්කු)
ආසියානු පැසිපික් රටවල සාමාජිකත්වය දරණ ගෝලීය කාලගුණික වෙනස්වීම් පර්යේෂණ පිළිබඳ ආසියානු පැසිපික් ජාලයේ උප සභාපතිත්වයට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ.
මෙම පත්වීම් කරනු ලැබුයේ සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ ආසියා පැසිපික් ජාලයේ අන්තර් රාජ්‍ය රැස්වීම්වාරයේ දීය.
ගෝලීය විපර්යාස පර්යේෂණ සඳහා ආසියා- පැසිෆික් ජාලය යනු ගෝලීය විපර්යාසයට අදාළ ප්‍රතිපත්ති- නැඹුරු පර්යේෂණ සහ ධාරිතා වර්ධන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරන අන්තර් රාජ්‍ය ජාලයකි.
ශ්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවල් 22 කින් එය සමන්විත වේ. ආසියා පැසිපික් ජාලය හට එක්සත් ජනපදය, ජපානය, කොරියානු ජනරජය සහ නිව්සීලන්ඩ් රජයන් වෙතින් මූල්‍ය දායකත්වය ලබා දෙන අතර කලාපීය සහයෝගීතාවය ගෝලීය විපර්යාස පිළිබඳ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම මෙන්ම දිරිගැන්වීම සඳහා විද්‍යාත්මක කරුණු හඳුනා ගැනීම එමගින් සිදුකරනු ලබයි.
වෛද්‍ය අනිල් ජාසිංහ මහතා 2020 වර්ෂයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උප සභාපතිවරයෙක් වශයෙන් ද කටයුතු කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝලීය කාලගුණික වෙනස්වීම් සිදුවෙන්නේ පරිසර හානිය නිසා බව තේරුම් ගත යුතුවේ.
මේ අපූරු රටේ කොරෝනා සම්බන්ධව හමුදාව කටයුතු කරන අතර දොස්තර මහත්වරුන්ට කාලගුණය පිළිබඳව වෙනත් රැකියා සොයා යන්නට වී ඇත.
අපේ රටට, අපිට ආඩම්බරයක්.... තෙරුවන් සරණින් සියලු කාර්යයන් සාර්ථක වේවා..!!!
එතුමාගේ දැනුමින් අපේ රටට වැඩක් කරනවා කියලා තේරෙන්න ඇති සුද්දන්ට..
වැඩ්ඩන්ට යන්තම් හරි සුදුසු තැනක් දෙන්නේ පිටරට අය තමයි.
මේ කැලෑ කපන වේගෙට ලංකාවට තව ටික කාලෙකින් වතුර හොයාගන්න වෙන්නෙත් එරෝප්පෙන් තමයි.
ලෝකෙට සේවය කරන්න අපිට අඩු නැතිව කට්ටිය ඉන්නවා. රටට සේවය කරන්න කට්ටිය පිට රටින් තමයි ගේන්න වෙන්නේ.