IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානය හෙට

(නිමල කොඩිතුවක්කු)

‘‘විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානය - 2019’’ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සුමංගල මන්දිරය කියවීම් ශාලාවේදී හෙට (3) පස්වරු 3.00 සිට පැවැත්වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සිංහල හා ජනසන්නිවේදන  අධ්‍යනාංශය සංවිධානය කෙරෙන විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙන  සේවාර්ජිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් මුඛ්‍ය දේශනය සිදුකිරීමට නියමිතය.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමීව මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය පැවැත්වේ.

2000 වර්ෂයේ දී සේවාර්ජිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ සංකල්පයකට අනුව දිවංගත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාගේ පූර්ණ සහයෝගයෙන් විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල ආරම්භ කෙරිණි.

ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක් මඟින් පවත්වන ජාතික මට්ටමේ ප‍්‍රථම හා එකම සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවය මෙය වන අතර මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය අවසන් වරට 2015 දී පැවැත්විණි.

විශිෂ්ටතම කාව්‍ය සංග‍්‍රහය, විශිෂ්ටතම ගේය පද සංග‍්‍රහය, විශිෂ්ටතම කෙටිකථා සංග‍්‍රහය, විශිෂ්ටතම නවකතාව සහ විශිෂ්ටතම තීරු ලිපි සංග‍්‍රහය යන විෂය ඛාණ්ඩ පහක් යටතේ මෙවර සම්මාන ප‍්‍රදානය කිරීමට නියමිතය.



අදහස් (0)

විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානය හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site