(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
සාහිත්‍ය මාසය වෙනුවෙන් බස්නාහිර පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ සාහිත්‍ය තරඟාවලිය “කෝට්ටේ සාහිත්‍යාවලෝකනාභිමානී’’ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී අද (30) පැවැත්විණි.
මෙහිදී සිංහල හා දෙමළ මාධ්‍ය නියෝජනය කරමින් පාසැල් දරු දැරියන් විශාල පිරිසක් චිත්‍ර, කථික, ගායනා, නැටුම් වැනි විෂයන් සඳහා පැවති තරඟ සදහා ඉදිරිපත් වූ අතර ජයග්රාහකයින්ට ත්‍යාග පිරිනැමීමක් ද සිදු කෙරිණ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙහිදී දරු දැරියන්ට කෝට්ටේ යුගයේ සිට ස්මාර්ට් යුගය දක්වා සාහිත්‍ය විකාශනය පිළිබඳ විශේෂ මුඛ්‍ය දේශනයක් ද සිදු කළ අතර පළාත් පාලන අමාත්‍යංශ ලේකම් චන්ද්‍රනී සමරකෝන් ,පළාත් පාලන කොමසාරිස් කසුන් ඈපා සෙනෙවිරත්න ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්වුහ.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.