IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


විත්ති වාචකයක් නොකැඳවාම හෙරොයින් ජාවාරම්කරු නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)

හෙරොයින් ජාවාරම් කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිස් සටහන් පොත් වල අසත්‍ය සටහන් යෙදූ බවට දෙහිවල පොලිසියේ නිලධාරියකු අධිකරණය හමුවේ පිළිගැනීම හේතුවෙන් විත්ති වාචකයක් නොකැඳවාම ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළේය.

හෙරොයින් ප්‍රමාණය කිරා බැලුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේදී නම් විත්තිකරු අත්අඩංගුවට ගත් ස්ථානයේදී හෙරොයින් වල බර ප්‍රමාණය සටහන් වල යෙදුවේ කෙසේදැයි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතාගේ හරස් ප්‍රශ්න හමුවේ තමා විත්තිකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අසත්‍ය සටහන් යෙදු බව දෙහිවල පොලිසියේ නිලධාරියා පිළිගැනීම නිසා විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.

පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේදී විත්ති වාචකයක් හෝ නොකැඳවාම මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ එච්.එම්. අතුල බණ්ඩාර කුමාරසිංහ නමැත්තෙකි.

2014  අගොස්තු මස පළමු වැනිදා දෙහිවලදී හෙරොයින් ග්‍රෑම් 51.75 ක් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී දෙහිවල පොලිස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව දෙහිවල පොලිසියේ නිලධාරීන් පිරිසක් දෙහිවල පැරකුම්බා පාරේ නිවසක් අසලට රාත්‍රී 11.00 ට පමණ ගොස් පසුදා උදේ 7.45 පමණ වනතුරු ඒ අසල කෙසෙල් පඳුරක් යටට වී සිටි බවත් එසේ සිටියදී විත්තිකරු තවත් පුද්ගලයකු සමඟ නිවසින් එළියට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවත් දෙහිවල පොලිසියේ නිලධාරීන් මෙම නඩුවේ සාක්කි දෙමින් පැවසුහ.

විත්තිකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සටහන් යොදන ලද්දේ ඔහු අත්අඩංගුවට ගත් දෙහිවල පැරකුම්බා පාරේ නිවස ඉදිරිපිටදී පොලිස් කැබ් රථයේ තබාගෙන බවත් විත්තිකරු සන්තකයේ තිබී අල්ලා ගත් හෙරොයින් ප්‍රමාණය කිරා ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ගිය බවත් ඔහු අතේ තිබු බෑගයේ හෙරොයින් ග්‍රෑම් 101.84ක් තිබූ බවත් අදාළ සටහන් යෙදු පොලිස් නිලධාරියා පැවසූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතා හෙරොයින් ප්‍රමාණය කිරා බැලුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේදී නම් විත්තිකරු අත්අඩංගුවට ගත් ස්ථානයේදී තැබූ සටහන් වලදී හෙරොයින් වල බර ප්‍රමාණය සටහන් කළේ කෙසේදැයි ප්‍රශ්න කළ විට මුලින්ම නිරුත්තර වු එම නිලධාරියා පසුව විත්තිකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමා අසත්‍ය සටහන් යෙදු බව පිළිගත්තේය.

පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේදී අධිකරණය ඇමතූ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතා මෙම නඩුවේ සාක්කි විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දුන් දෙහිවල පොලිසියේ නිලධාරීන් දෙදෙනාගේ සාක්කි වල ප්‍රබල පරස්පරතාවයන් ඇතැයි පෙන්වා දුන්නේය.

විත්තිකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දෙහිවල පොලිසියේ නිලධාරීන් අසත්‍ය සටහන් යෙදු බව පිළිගෙන ඇතැයි කී නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතා මේ තත්වය යටතේ විත්ති වාචකයක් නොකැඳවාම විත්තිකරු නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා විත්ති වාචකයක් නොකැඳවාම විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.

විත්තිකරු වෙනුවෙන් නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතා පෙනී සිටියේය.

 

 

 



අදහස් (7)

විත්ති වාචකයක් නොකැඳවාම හෙරොයින් ජාවාරම්කරු නිදහස්

de silva Monday, 09 March 2020 03:40 PM

අනිවාර්යයෙන්ම පොලීසිය පගාව අරගෙන නඩුව අවුල් කරලා.

:       0       1

Mahee Monday, 09 March 2020 07:46 PM

මොනවා, බොරු සටහන් යෙදුවා කියලා උසාවියේදී පිළිගත්තා? ඉතින් මිනිහා හිනාවෙවී යන්න ගියාද?

:       0       1

sayura Tuesday, 10 March 2020 02:36 AM

කුඩු වලට මරණ දඬුවම දෙන්නත් පුටුවක්. අහිංසක මිනිස්සු නිරපරාදේ හිරේ යනවා කුඩු නිසා. කුඩු නවත්තන්න වෙන ක්‍රමවේදයක් නිර්මාණය කරන්න ඕනේ.

:       0       1

Anu Tuesday, 10 March 2020 02:37 AM

අධිකරණය ස්වාධීන බව ඇත්ත. කොහොම හරි මොහු ළඟ හෙරොයින් තිබිලානම් සමාජයට විපතක් නොවෙයිද ඒක.

:       0       61

rocky Tuesday, 10 March 2020 03:27 AM

බොරු කල පොලිස් නිලධාරීන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි!

:       6       4

lalithm Tuesday, 10 March 2020 04:23 AM

මෙහෙම පොලිස් නිලධාරීන් විසින් විනාශ කළ අසරණ ජීවිත කොතරම් ඇතිද? මොවුන් එවෙලේම නිලයෙන් පහකර සිරගත කිරීම සඳහා නීති අත්‍යවශ්‍යයි. මහජන ආරක්ෂාවට එයත් වැදගත් නේද?

:       1       5

Walter White Tuesday, 10 March 2020 05:37 AM

මේ රටේ පිරිහීම, නින්දිත තත්වය නැවත නැවත පෙන්නුම් කරනවා. මිනිස්සු කට පියාගෙන සිටීමේ වැරැද්ද. එක දේශපාලකයෙක් කිව්වා රටක් සංවර්ධනය වෙනකොට දූෂණය ඉහල යනවා කියලා. එහෙම තක්කඩියන් නිසා තමයි මේ රට මෙතරම් පහත වැටෙන්න හේතුව.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1720 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 513 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site