(සුජිත් හේවාජුලිගේ )

ගම සමග පිළිසදර පළමු වැඩසටහන පැවැත්වූ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල වෙලංවිට ග්‍රාමයේ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ගම්මානයේ චාරිකාවක අද ( 26 ) නිරත විය.

ගම සමග පිළිසඳර පළමු වැඩසටහන වෙලංවිට ග්‍රාමයේ දී පැවැත්වුණේ ඉකුත් සැප්තැම්බර් මස 25 වැනිදාය .

එම වැඩසටහනේ දී ජනතාව පෙන්වා දුන් ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට එදින උපදෙස් දුන්නේය.

එම උපදෙස් හරියාකාරව ක්‍රියාත්මක වී ඇද්දැයි සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා එම ගම්මානයට මෙසේ පැමිණි බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපතිවරයා එම ගම්මානයට පැමිණියේ ගම සමග පිළිසඳර වැඩසටහන පවත්වා හරියටම මාස හතකට පසුවය.

ජනතාව ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව යුද හමුදාව විසින් ඉදි කෙරුණු කොටබෝගස් ගන්න ක්‍රීඩාංගණයෙන් ජනාධිපතිවරයා නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළේය.

හපුතලේ සිට වෙලන්විට දක්වා බස් රථ දෙකක් ධාවනයට එක් කිරීම ද ඊයේ සිදු කෙරිණ. නිරීක්ෂණ චාරිකාවේ නිරත වු ජනාධිපතිවරයා මග දෙපස රැස්ව සිටි ජනතාව ගෙන් තොරතුරු විමසීය.

(පෙර)