
(අංජුල මහික වීරරත්න)
ඉදිරි ජනාධිපතිවරණයේදී වැදගත් වන්නේ පුද්ගලයා නොව රට ගොඩ ගන්නා වැඩ පිළිවෙල යැයි ද රට ගොඩ ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන ඒම රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුව බවද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
ආණ්ඩුව සහ විපක්ෂය එකතු කරගනිමින් එජාප නායකයා රට ගොඩ නැගීමට පාර කියනු ඇතැයි ද විජයවර්ධන මහතා කියයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීම සම්බන්ධයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා කීවේ පාර්ලිමේන්තුව වර්තමානයේ වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා රට වෙනුවෙන්ද ජනතාව වෙනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතාට හොඳ සටනක් කළ හැකි බවයි. එතුමාගේ පාර්ලිමේන්තු ආගමනය රටටත් එක්සත් ජාතික පක්ෂයටත් විශාල ශක්තියක් බව කිව ද විජයවර්ධන මහතා පැවසීය.
COMMENTS
ඔක ඉතින් අපි කලින්ම කිව්වා
රනිල් කරපු හැටි අපි දැක්කා. නායකකම බදාගෙන තණ්හාවෙන් හිටියා. අන්තිමට බලවත්ව තිබූ යු.ඇන්.පී. යත් නැතිවෙන තැනට වැඩ සිද්ද කෙරුවා...
"ඉදිරි ජනාධිපතිවරණයේදී වැදගත් වන්නේ පුද්ගලයා නොව රට ගොඩ ගන්නා වැඩ පිළිවෙල යැයි ද රට ගොඩ ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන ඒම රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුව" රනිල් වසර 43ක්ම පාර්ලිමේන්තුවේ හිටියේ මේකට තමයි, පස්වතාවක් අපි අගමැති කලේ මේකට තමයි.., දැන් ඉතින් කියවලා වැඩක් නෑ.. අපි හිත හදාගත්තා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැනි පරිණත පළපුරුදු නායකයකු පාර්ලිමේන්තු පැමිණීම කිසිවකු නොසිතු දේශපාලන පෙරළියක ආරම්භයක් වනු ඇත...
එතකොට බලයේ හිටපු කාලයේ මොනවද ගොඩ නැගුවේ...?