(නිමන්ති රණසිංහ)
සංචරණ සීමා හේතුවෙන් බලපත‍්‍ර ලබාදුන් වෙළෙඳසැල් අධික මිලකට භාණ්ඩ විකුණුන්නේ නම්, වහාම එම බලපත‍්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
ඒ අනුව, එම බලපත‍්‍රය ප‍්‍රදේශයේ වෙනත් වෙළෙඳසැළඛට ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කොවිඞ් වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් දිවයින පුරා ක‍්‍රියාත්මක කර ඇති සංචරණ සීමා නිසා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම වෙනුවෙන් ග‍්‍රාමසේවා වසමකින් වෙළෙඳසල් දෙක බැගින් විවෘත කිරීමට රජය පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.
දිවයින පුරාම ජංගම බෙදා හැරීම්, දුරකථන ඇමතුම් මගින් භාණ්ඩ නිවසට ගෙන්වා ගැනීම් ද මෙම කාලසීමාව තුළ සිදුකර ගතහැකි බවත්, මෙම සේවා මගින් යමකු අධික මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික කටයුතු අධිකාරියේ ක්ෂණීක ඇමතුම් අංක 1977ට ලැබෙන ඇමතුම් අනුව මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
394
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
444
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැඩි ලාභ ගන්න ගියොත් වැඩ වරදී
Susanne Friday, 28 May 2021 09:52 AM
මාළිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේ කඩවල් වල හාල් ගිනි ගණන්. 5 kg හාල් රුපියල් 250 කින් වැඩි කරලා විකුණනවා. හරිම අසාධාරණයි. බලධාරින් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා...