(යොහාන් භාසුර සහ මහින්ද නිස්සංක)
වැඩි මිලට භාණ්ඩ අළෙවි කිරීම සහ මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු චෝදනා යටතේ කඳාන සහ රාගම ප්‍රදේශවලදී ජංගම වෙළඳ රථ දෙකක බලපත්‍ර අවලංගු කළේ යැයි පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ (පාරිභෝගික කටයුතු සහ තොරතුරු) අසේල බණ්ඩාර මහතා පැවසීය.
පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ කාර්යාලයේ ප්‍රධානී ප්‍රදීප් කළුආරච්චි මහතාගේ අධීක්‍ෂණයෙන් කළ මෙහෙයුමකින් මෙම බලපත්‍ර අවලංගු කිරීම කළ බවත් රට පුරා වැටලීම් සිදුකරමින් සිටින බවත් අසේල බණ්ඩාර මහතා පැවසීය.
ජංගම අළෙවි රථවලින් සහ වෙළෙඳසල්වල වැඩි මිලට භාණ්ඩ අළෙවි කරන බවට පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි ලැබෙමින් තිබෙන බවත් ජනතාවට සාධාරණ මිලට භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බවත් අසේල බණ්ඩාර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දේ රට පුරාම කළයුතුයි. ගොවියාගෙන් තුට්ටු දෙකට අරගෙන ගිනි ගණන්වලට විකුණනවා..