(නිමන්ති රණසිංහ)
අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියක අසුන යට සඟවා රැගෙන යමින් සිටි එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රබල නායකයෙක් පොලීසිය විසින් මුලතිව් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම පුපුරණ ද්‍රව්‍ය කිසියම් ප්‍රහාරයක් සැලසුම් කිරීම සඳහා රැගෙන යමින් සිටියේදැයි ආරක්ෂක අංශවලට ප්‍රබල සැකයක් මතුව ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි උතුරු පළාතේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් රැගෙන මුලතිව් සිට පුදුකුඩුඉරුප්පු දක්වා සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි මෙම සැකකරු මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ලද තොරතුරකට අනුවය.
ඉටි බෑගයක දමා හොඳින් ආවරණය වන පරිදි ඔතා තිබූ මෙම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගය ගෙවත්තේ වල දමා තිබියදී හමුවූ බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
මෙම පුපුරණ ද්‍රව්‍ය රැගෙන යන ස්ථානය සම්බන්ධයෙන් පොලිසිය විමසීම් කිරීමේදී ඒවා රැගෙන යන ස්ථානය පිළිබඳව නිවැරදි තොරතුරක් ඉදිරිපත් කිරීමට සැකකරු අසමත් වී ඇතැයි ද උසස් පොලීස් නිලධාරියෙක් පැවසීය.
මෙම පුපුරණ ද්‍රව්‍ය සහ සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශනය කිරීමට අවශ්‍ය බැවින් පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත ප්‍රකාරව දින 7 ක රැදවුම් නියෝගයක් මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය පවසයි.
මුලතිව් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාර හක්මන මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී මුලතිව් 1 විතාරණ මහතාගේ උපදෙස් මත මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂක චිරාන් චිත්ත්‍රක පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් මුලතිව් පොලීසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මදුසංඛ මහතා ඇතු`ථ නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 04
620
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
525
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෙඩි බෙහෙත් සමග හිටපු කොටියා අල්ලයි