(අජන්ත කුමාර අගලකඩ)
සංවර්ධන කමිටු සභාපතිධූර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් අද (10) පැවැති කැබිනට් රැස්වීමේදී දෙවන වරටත් ප්‍රතික්ෂේප වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම යෝජනාවට අද පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි විරෝධය පළකර ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
සංවර්ධන කමිටු සභාපතිධූර දරන මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා පළාත් පාලන පළාත් සභා හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.
මෙම කැබිනට් පත්‍රිකාව මීට සති කිහිපයකට පෙරද අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබූ අතර එහිදීද ජනාධිපතිවරයා ඊට දැඩි විරෝධය පළකර තිබිණි.
සංවර්ධන කමිටුවල සභාපතිධූර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 23 දෙනෙකුට මෙම දීමනාව ගෙවීමට අනුමැතිය ඉල්ලා ඇති බවද වාර්තාවේ.
එම යෝජනාවට විරෝධය පළකර ඇති ජනාධිපතිවරයා මේ අවස්ථාවේ එවැනි දීමනාවක් ගෙවීමේ හැකියාවක් නැතිබවත් එවැන්නක් ගෙවීමෙන් රාජ්‍ය නිලධාරීන්ද කලබල විය හැකි බවත් පවසා ඇත.
එහිදී අදහස් දක්වා ඇති ඇමැති වජිර අබේවර්ධන මහතා සංවර්ධන කමිටු සභාපති ධූර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසය වන විට තෙක්ම මෙම දීමනාව ගෙවා ඇති බව සඳහන් කර ඇත.
COMMENTS
නැවතත් අපට සඳහන් කිරීමට ඇත්තේ මීට පෙර මෙම නිවට ක්‍රියාව සඳහා දැක්වූ අදහස්මය. මේ "ඇමතියා" රෙද්දක් ඇඳගෙනද මේවගේ ඉල්ලීමක් කරන්නේ? මිනිසුන් කන්න නැතිව දුක්විඳිනවා. මේ අයට වාහන ගන්න සංදේශ ඉදිරිපත් කරනවා. අනේ මේවගේ කාලකන්නිද අහිංසක මිනිසුන් මහජන නියෝජිතයන් හැටියට පත්කරගෙන තියෙන්නේ?
ඉල්ලීම දුන්නේ නැති නිසා වැඩ වර්ජනයකට ගිහින් උද්ඝෝෂණයක් කරන්න.
කමිටු සංවර්ධන සභාපති?... රට මෙතරම් ණය ගොඩක තියෙද්දී.. මොවුන් කරන සංවර්ධනය මොකක්ද? කමිටුවද? රටද? මේ සිංහල රට ඉදිරියට ගෙනයාමට හිතක යන්තමින් වත් නැති කාලකන්නි...
ඇමැති වජිර අබේවර්ධන මහතා හදන්නෙම කීයක් හරි වියදම් කරන්න. ගිය වතාවේ පරාද වෙච්ච මන්ත්‍රී වරුන්ට ඩියුටි ෆ්‍රී වාහන අරන් දෙන්න හැදුවා. මේ වතාවේ දැනටමත් පඩි ගනිමින් ඉන්න අයට තව ගෙවන්න කියනවා.
මේවා ප්‍රබල ලෙස ජනතා අප්‍රසාදයට ලක්වෙන යෝජනා. මේවා නිසා වෙන්නේ එජාපය ජනතාවගෙන් ඈත්විමයි. ඒ ඇතිවීමට ප්‍රබලම වගකිව යුත්තේ අගමැතිවරයා සහ ඔහුට සමීප ඇපැති පිරිසයි. චන්දෙයක් පෙනි පෙනී මේ වාගේ යෝජනා ගෙන්නේ එජාපය තවත් වලපල්ලට යවන්නද
දුප්පත් මිනිසු ඉන්න රටක කරන මහා අපරාද නේද මේවා
ඇමැති වජිර අබේවර්ධන මහතා? මහතා? මේ ගොයියා හිතාගෙන ඉන්නේ එයාගේ අප්පාගේ වතුවලින් එන සල්ලි කියලා. මේවා මහජන මුදල්. සංවර්ධන කමිටුවල වලින් වැඩකර ගන්න තමයි තමු සෙලාව පාර්ලිමේන්තු යැව්වේ. නැතුව කැන්ටිම හිස් කොරන්නේ නොවෙයි. මේවා බල බල තවත් මේ කාලකන්නි හැතිකරයට ඡන්දෙ දෙන්න හදන හරක් අපි අතර ඉන්නවානේ.
වහාම මොහු ඇමතිධූරයෙන් නෙරපනු. එහෙම නැත්තම් විරුද්ධ පක්ෂය මොහුට විරුද්ධව විශ්වාස භංගයක් ගේනු.
ඇමතිතුමෝ නුඹට අබමල් රේණුවක තරම්වත් මොළයක් නැද්ද? රටේ අනාගතය භාරගැනීමට සිටින සිසුන්ගේ අධ්‍යාපනය නතරවෙලා විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැටුප් සම්බන්ධ ප්‍රශ්ණයක් ඉදිරිපත් කරමින් දින නියමයක් නැතිව වර්ජනය කරන නිසා. සියළු උපභෝග, පරිභෝග සම්පත් භුක්තිවිඳින. පරිපාලන සේවයේ උන්දැලාත් පඩිමදි කියමින් වර්ජනයේ යෙදෙනවා එහෙම තිබියදී. තමාගේ හෙයියන්ට සැලකීමට වඩා රටේ දැවෙන ප්‍රශ්න ගැන සිතා ඒවා විසඳීමට කටයුතු කළොත් නරකද? ජනාධිපති තුමාට ජයවේවා!!!
මොන වැඩද? කොල්ලෝ ටික දැනටමත් ගණන් හදාගෙන ඇති සල්ලි කොහොමද? වියදම් කරන්නේ කියලා තමුන්ගේ වැඩවලට... ඔය සල්ලි වලින් සතයක්වත් රටේ වැඩවලට යෙදෙන්නේ නැහැ. එ්කයි සත්‍ය...
මේ වජිර එජාපය වලපල්ලට යවන තවත් එක ඇමති කෙනෙක්. මහජන මුදල් ගසා කාලා... ගසා කාලා මේ දෙගොල්ලොම රට මහා විශාල ට්‍රිලියන 12ට වැඩි ණය උගුලක හිරකරලා දැන් තියෙන්නේ. හැබැයි මේ ගොල්ලන්ට දෙන දඬුවම මහජනතාව අතේ තියෙන්නේ. එ්ත් මේ රටට වෙන මහා විනාශය දැක දැක මේ අයට ඡන්දෙ දෙන මහජනතාවම තමයි ගොන්නු...
සංවර්ධන කමිටු මන්ත්‍රීවරුන් එම කමිටුව කටයුතු කරන ආකාරය පිළිබඳව දන්නේ නම් දීමනා නොව ගල් මුල් වලින් තමයි සැළකිය යුතුයි.
වජිර ඔයාගේ අමතර ආයාදම් වලින් ඔය ඹ්න ගෙවීමක් කර ගන්න. මහජන මුදල් නැතුව. මොකද සංවර්ධන කමිටු වල ඉන්න අයව පත්කළේ ඒක කරන්න තමයි. එක වැටුපක් ගෙවනවනේ. වැඩේම සල්ලි ගෙවන්න ආණ්ඩුවට බල කරන එකමනේ. සංවර්ධන යෝජනා , ජනතා සේවය ඒවට යෝජනා නෑ. මිනිස්සුන්ගේ සල්ලි වලට විදින්න තමයි අදහස් ගලන්නේ. ඡන්දෙකට ආවම සලකන්නම් හොඳට .
රුපියල් 25 න් දාහක් විතර ඉල්ලූව නම් සාධාරණයි. දැනටමත් පඩිය ලක්‍ෂ 4 ක්ලූ.
යූ .එන්. පි. යේ යහපාලනයේ වංචා ගැන කියකොට සමහරු පළාතකවත් නෑ.
එත් සුපුරුදු පරිදි අපේ රටේ දෙවන පුරවැසියානම් එයාගේ ගෝලයෝන්ගේ මෙවැනි යෝජනා කිසි දෙයකට විරුද්ධ වෙන්නේ නැහැ .
මට හිතාගන්න බැහැ ඇයි මේ යෝජනාවට මිනිස්සු විරුද්ධ කියලා. මන්ත්‍රීකමක් ගන්නේ මොන තරම් අමාරුවෙන්ද.
පුත්තලම. අනුරාධපුර පැත්තේ පාසැල් දරුවන්ට බොන්න පිරිසිදු වතුර ට්කක් නැහැ . හරියට වැසිකිළියක් නැහැ . මේක නිකම් හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා වැටිලා වගේ .
වජිරට මොකද වෙලා තිබෙන්නේ ?
රටේ මිනිස්සු කන්න බොන්න වත් හරියට නැතිව ඉද්දි මෙයා මේ කරන්න හදන්නේ මොන තරම් නොගැළපෙන වැඩක්ද? මේ වගේ ගොන් හරක් නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ.
ජනතාව මත බදු පනවමින් මැති ඇමතිවරුන්ට වාහන ගෙවල් පඩි වැඩිකිරීම් හා අනෙකුත් දීමනා හා වරප්‍රසාද ගැන කලකිරී සිටින ජනතාව පාන්පිටි මිල ඉහළ යවමින් ජනතාවගේ මුදල් මෙහෙම බෙදන්න ගියාම ඒ ජනතා අප්‍රසාදය තව තවත් වැඩිවෙන බව මේ ඡන්දේ කටේදිවත් වටහාගන්න බැරිද ? මොවුන් දේශපාලනයෙන් ඉවත් කිරීමට ජනතාව පෙළ ගැසෙනු ඇත. මෙවර ජනපතිවරණයෙන් කිසිවෙකුට නියමිත ඡන්ද ප්‍රමාණයක් නොලැබෙන බව පැහැදිලිය. ජනතාවට 225 ම එපා කරවලා තියෙන්නේ මේ වගේ අය තමයි.