(විනීතා එම් ගමගේ)
විජයදාස රාජපක්ෂ මහතා ලියූ රාජ්‍ය පාලනයේ විකාශය හා ශ්‍රී ලංකාවේ අනාගතය ග‍්‍රන්ථය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වූ ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට හේතුවක් වනු ඇතැයි සැක සිතෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.
එවැනි පරීක්ෂණයක් පැවැත්වුවහොත් තමන්ටත් සාක්ෂි දෙන්නට සිදුවිය හැකි යැයි ද සිරිසේන මහතා කීය.
බෞද්ධ රටක් ලෙස අප අද සිටින්නේ කොතැන දැයි යන්න පසුගියදා පොලොන්නරුවේ දී විසි හැවිරිදි මවක් දරුවාට කිරිදෙන්නට මත්කුඩු ඉල්ලා සිටි අන්දමින් වටහා ගත හැකි යැයි පැවසූ ජනාධිපතිවරයා රට පත්ව ඇති තත්ත්වය වෙනස් කරන්නට එකමුතුවීම සියලූ දේශපාලඥයින්ගේ වගකීම යැයි ද කියා සිටියේය.
එසේ නොවුනහොත් කෙටි කාලයක් තුළ මෙකී අර්බුද සමඟ බලාපොරොත්තු නොවු විශාල අර්බුදයකට රටම වැටෙන්නට ඉඩ කඩ ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ලියු ග‍්‍රන්ථ ත‍්‍රිත්වයක් හා ඔහුගේ නිර්මාණ ඇතුළත් සංයුක්ත තැටි ත‍්‍රිත්වයක් ජනගත කිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදීය.
මහා සංඝරත්නය ද, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසකගේ මෙම උත්සවයට සහභාගි වූහ.
ඡායාරූප - ගයාන් අමරසේකර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට වැඩක් ඇති දෙයක් කරන්න දැනිවත්. ඔය ආඩපාලි රටේ සාමාන්‍ය ජනතාවට වැඩක් නැහැ.
අපේ පක්ෂවල නායක කාරකාදීන් විනය පරීක්ෂණ තියන්නේ තමන්ට අවනත නැති එකාව මෙල්ල කරගන්න පුලුවන්ද බලන්නයි. එහෙම නැතුව පක්ෂ විනය රැකගැනීමේ චේතනාවකින් නෙමෙයි. රැකගන්න තරම් විනයක් එකම පක්ෂයකටවත් තියෙනවද? විනයගරුකයි කියලා බෙරිහන් දෙන ගොයියලත් එහෙමම තමයි.
ඔබතුමා එකමුතුවෙන්න කල කැපකිරීම විශිෂ්ටයි. එ්ත් බැරිවුණා නේද?
කරපු වැඩ කරන්... හිතන් ඉන්න වැඩ වගේ තේරුමක් ඇති දේවල් කතාකරන්න මහත්තයෝ. රටේම ලොකුම පුටුවට ගිහින් අඳෝනාවක් වෙන්නේ නැතුව...
මේ ලොකු උන්නැහේ, අපට එක එක්කෙනාගේ ශරීර වලින් පිටකරන වසුරු ගොඩවල් වල තිබෙන ඇසට නොපෙනෙන කොකුපණු බිත්තර ප්‍රමාණය වැඩක් නැහැ. දැන්වත් රටට ප්‍රයෝජනවත් දෙයක් කතා නොකරම කරන්න බලමු නේද?
පාස්කු ප්‍රහාරය වගේ රටේම ජනතාවට වැදගත් වෙන පරීක්ෂණයට සාක්කි දෙන්න කැමැත්තක් නම් නැහැනේ ..
දැන් යහපාල යනයන තැන ඉන්න ළඟම හිතමිතුරා... ඔහුව අඩි 6 ක් පොළව යටට යවන්න සැලසුම් කර තිබුණා කියූ සාටකයි.
විජයදාස මහතාගේ කෘතිය විතරද පෙනෙන්නේ ? රටේ ඉතිහාසය වෙනස්කරපු පෙළපොත් ගහපුවා ගැන කතාකරල ඒවා නිවැරදි කරන්න පියවර ගන්නේ නැතිද ? රටේ ඉතිහාසය මකල දමන්න කරන පැරණි වෙහෙර විහාර බලෙන් අල්ලාගෙන ඒවා කුඩුපට්ටම් කරන ඒවා පෙනෙන්නේ නැතිද ? අනෙක එක අවජාතක මවක් කරපු අමන වැඩක් අල්ලාගෙන රටේ මුළුමහත් ගැහැණු සංහතියම ඒ ගොඩට දමල කතාකරන එක හරිද ? සමහර අම්මල ඉන්නවා පොල්ගස් නැගල තමන්ගේ දරුවාගේ බඩගින්න නිවන. රටේ නායකයෝ බොරුවෙන් ජනතාව රවටල වැඩකරන කොට, ජනතාවත් නීතිවිරෝදී වැඩකරලා ජිවත් වෙන්න බලන එක පුදුමයක් නෙමෙයි.
ඒකෙනුත් දේශපාලන වාසි ගන්න දඟලනවා. මොන බංකොලොත්භාවයක්ද මේ.
ඔවු ඉතින් ඔබතුමාගේ පාලන කාලයේ කුඩු කාරයෝ එල්ලලා කුඩු මර්ධනය කරලා , ග්ල්ය්ෆොස්ට් , ඇස්බැස්ටෝස් ටහනම් කරලා , අරචන්දෙට කලින් කියපු හොරු අල්ලලා හිරේ දමල ඔක්කොම ප්‍රශ්න නිරාකරණය කරලා නේ තිබෙන්නේ , දැනට රටේ තිබෙන එකම ප්‍රශ්නය අනාගතයේදී විජේදසට එරහිව කරන්න යන විනය පරීක්ෂණය නේ , එකත් ඔබතුම විසදන එක අපට විශ්වාසය .
ජනාදිපති තුමා මොන ලෝකෙකද ඉන්නේ කියල හිතෙනවා. විජේදසට හා රතන හාමුදුරුවන්ට විනය පරීක්ෂණ කරන තීරනයකොට දැන් සති තුනක් පමණ වෙනවා.
ප්‍රතිපතියක් නැති අවස්ථාවාදී තමන්ගේ පටු පරමාර්ථ වෙනුවෙන් දැනුම අව භාවිත කරන පුද්ගලයෙකු ලියන පොත්වවල ඇති වැදගත් කම කුමක්ද?
අන්දරේ නැවත ඉපදිලා රජවුණා වගේ වැඩක්නේ මේක.. අපේ රටේ පහළ වුණු ලොකුම කවට සම්මානය ඔබට පිරිනැමීමට මම නිර්දේශ කරමි...!!!
අරාබි රටවල් තෙල් ලෝකෙට යවා ධනය උපයමින් ලෝකේ සමග ආඩම්බරයෙන් බලවතුන්ව ඉන්නා සේ තියා රජයේ සේවකයින්ටත් ලෝකෙට නය වී පඩි ගෙවන හිගන අඩියට වැටිලා ඉන්නා විශ්වගම්මනයේ රටක් වන අපේ රටේ නායකයා වෙච්චි ඔබ 2015 ඉදලම කියපු කතා ඊට ඉස්සර කියපු කතාවලට වඩා කව්රුත් දනිති. ඔබේ සගයා වූ ඩිල් දාස නොහොත් විජේ දාස ගැනත් රටවැසියෝ එසේම දනිති. ඊට වඩා කිව්වට තේරුම් ගත්තත් තමන්ගේ පම්පෝරිය ගහන්න ඒ හැම දෙයක්ම යොදාගන්න පුහු මිනිසුන් වූ ඔබලා වැඩක් නැත මේ රටට.
නොදකින්ග් මගේ බල්ලාටවත් මෙයාටනම් ආයේ චන්දයක් දෙන්නේ නෑ.