IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විජයකලා ජනපති කොමිසමට

ඡායාරූපය - ශාන්ත රත්නායක

 

(දසුන් රාජපක්ෂ)

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ විභාග වෙමින් පවතින පැමිණිල්ලකට අදාළව වග උත්තරකාරියක ලෙස නම් කර සිටින  එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය අද  (17) එම කොමිසම හමුවේ පෙනී සිටියා ය.

මෙලෙස ඇය කොමිසම හමුවේ පෙනී සිටියේ චුන්නාකම් පොලිසියේ සේවය කළ ඥාන ලිංගම් මයුරන් නැමැත්තෙකු කර ඇති පැමිණිල්ලකට අදාළව ය.

තමා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමට විජයකලා මහේෂ්වරන් මහත්මිය මැදිහත්වීම මගින් තමාගෙන් දේශපාලනිකව පළිගෙන ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පොලිස් කොස්තාපල් ඥාන ලිංගම් මයුරන්, බන්ධනාගාර නිලධාරීහු අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූහ.

ඥානලිංගම් මයුරන් මහතා පැය 5 කට ආසන්න කාලයක් කොමිසමේ සාමාජිකයන් සහ නීතිඥවරුන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සිය සාක්ෂිය ලබා දුන්නේය.

 



අදහස් (10)

විජයකලා ජනපති කොමිසමට

Nuwan Thursday, 17 September 2020 10:09 AM

කොරෝනාවට වඩා විෂබීජයක් තමයි. ගිය ආණ්ඩුවට ගෙදර යන්න පාර කපපු ගුණවත් මහත්මියක්... ඉන්දියාවෙන් ආපු.

:       179       230

NuwanuThursday, 17 September 2020 02:01 PM

ඉන්දියාවෙන් ආපු අය මට ඩිස්ලයික් දාලා..

:       42       63

Dasa PThursday, 17 September 2020 09:16 PM

ඔයා ආවේ එරොප්පෙන්ද?

:       0       0

BamunuarachchiFriday, 18 September 2020 01:01 PM

දාස අපි ලංකාවේ උපන් මිනිස්සු. ඔය ඩිස්ලයික් දැන්නේ ඒරොප්පෙන් ආපු අය නෙවෙයි... එජාපයෙන් ආපු අයයි.

:       0       1

Prabha Thursday, 17 September 2020 11:58 AM

සිරිසේන උන්නැහේගේ හයිය අරන් කරපු වැඩ වගේ..

:       0       21

Champa Thursday, 17 September 2020 05:23 PM

ඥාණසාර හාමුදුරුවෝ ගුරුකන්ද පන්සල සම්බන්ධ අධිකරණ නියෝගයක් කඩකළා කියලා නඩු... හැබැයි ඊට කලින් පන්සල කිට්ටුවට යන්න එපා කියලා එම අධිකරණයම දීපු නියෝග කඩ කළ දෙමළ දේශපාලකයින්ට මුකුත් නැහැ. විග්නේශ්වරන් කීපාරක් අධිකරණ නියෝග කඩකරමින් එල්ටීටීඊ සමරු උත්සව පැවැත්තුවාද? අන්න දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා. හැබැයි ඥානසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තු යන එක නවත්තන්න විශාල කුමන්ත්‍රණයක් යනවා. විජයකලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කළා. රාජ්‍ය උත්සවයකදී ජාතික කොඩිය ඔසවන එක ප්‍රතික්ෂේප කළා. දෙමල දැරියක් සමූහ දූෂණය කල එල්ටීටීඊ කාරයෙක්ට හිරෙන් පැනලා යන්න පොලිසියට බලපෑම් කළා. හැබැයි අපේම සිංහල දේශපාලකයෝ, අපේම දේශපාලකයෝ, සිංහල ඥාණසාර හාමුදුරුවන්ට විරුද්ධව කරන කිසිදෙයක් දෙමළ දේශපාලකයන්ට විරුද්ධව කරන්නේ නැහැ. කවුද කියන්නේ දෙමළ මිනිස්සුන් දෙවෙනි පෙළ පුරවැසියන් කියලා. ඔවුන්ට සිංහලයින්ට වඩා බලයක් තියෙනවා අධිකරණයෙන් දඬුවම් නොලබා ඉන්න.

:       0       0

Champa Thursday, 17 September 2020 05:53 PM

අධිකරණයට අපහාස කළා කියලා දෙමළ පුද්ගලයෙක් විග්නේෂ්වරන්ට විරුද්ධව කරපු පැමිණිල්ල ඉවත් කරගත්තා කියලා විග්නේෂ්වරන් ගෙදර යනවා. එතකොට විග්නේෂ්වරන් අධිකරණයට අපහාස කළාද? නැත්ද? ඒහා සමානවම, අධිකරණයට අපහාස කළා කියලා වෙන දෙමළ පුද්ගලයෙක් ඥානසාර හාමුදුරුවන්ට විරුද්ධව කරපු පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තේ නැති නිසා, හාමුදුරුවන්ගේ නඩුව අහනවා. මොකක්ද මේ දෙබිඩි නීතිය? අධිකරණයට අපහාස කළ බවට කරපු පැමිණිල්ලේ ඥානසාර හාමුදුරුවන් එක්කම හිටපු අනිත් විත්තිකරුවන් දෙන්නා, පැමිණිල්ලේ ඒක පාක්ෂික තීරණයකට අනුව නිකම්ම නිදහස් වෙලා ගෙදර යනවා. එතකොට පැමිණිල්ලද මේ නඩුව අහන්නේ? දැන් හාමුදුරුවන්ට විරුද්ධව විතරක් ඒ නඩුව අහනවා. මට නම් තේරෙන්නේ නැහැ මොකක්ද මේ නීතිය කියලා... හරි නම් විග්නේෂ්වරන්ට විරුද්ධ අධිකරණ අපහාස නඩුවේ පැමිණිලිකාරයාව හිරේ දාන්න ඕනේ අනුග්‍රහශීලි හේතු මත පැමිණිල්ල ඉවත් කර ගත්තා කියලා. ඒ වගේම ඥාණසාර හාමුදුරුවන්ට විරුද්ධ නඩුවේ පැමිණිලිකරුවත් හිරේ දාන්න ඕනේ වරණීය හේතු මත විත්තිකරුවන් දෙන්නෙක්ට විරුද්ධව විතරක් පැමිණිලි ඉවත් කර ගත්තා කියලා. එමගින් ඉතුරු විත්තිකරු වන ඥානසාර හාමුදුරුවන්ට අගතියක් වුණු නිසා.., නඩුව විසි කරන්න ඕනේ...

:       0       0

bandara Thursday, 17 September 2020 07:29 PM

එජාපය ලැබූ අන්ත පරාජයේ මහා පහන්ටැඹ... ඔබට අපගේ ස්තුතිය..

:       0       0

විජේ Friday, 18 September 2020 02:07 AM

විජයකලා යහපත් චේතනාවෙන් දෙමළ මිනිස්සුන්ව නියෝජනය කළා කියලා හිතන්න බෑනේ ඉතින්. මට හිතෙන විදිහට සරා ගොයියා යුද්දේ දිනවලා, ජාතික වීරයෙක් වෙලා ඉඳලත් හාමුගේ ගුලිය කෑවා වගේ විජයකලාවත් කවුරුහරි කාලා වීසිකලා. ඔයා පව්. දැන් ඔයාගේ 'ජය' නෑ, නිකම්ම නිකං "වි'කලා" විතරයි.

:       0       0

නෙවිල් Friday, 18 September 2020 03:02 AM

විද්‍යා දැරියගේ ඝාතකයා සම්බන්ධයෙන්ද නම කියවුණා මතකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site