IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


විජමු කළේ විරුද්ධවාදීන්ගේ හිත් නොරිදවා තම මතය ජනගත කිරීමයි

(බන්ධුල ඉලේපෙරුම)

 

විරුද්ධ මතවාදීන්ගේ හිත් නොරිදා මතයක් ජනගත කිරීමේ සුවිශේෂී හැකියාවක් වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා සතුව තිබූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

අගමැතිවරයා මේ බව පැවසුවේ අභාවප්‍රාප්ත වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා වෙනුවෙන් අද (25) පාර්ලිමේන්තුවේදී ශෝක ප්‍රකාශ කිරීමේ අවස්ථාවේදීය.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.


“1977 හපුතලේ ආසනය ජය ගනිමින් එජාපයෙන් දේශපාලනයට පිවිසෙන වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමා, දේශපාලනඥයකු ලෙසත් සිය දේශීය ලැදියාව අත් නොහැරි විශිෂ්ටයෙක්. අමාත්‍යධුර තනතුරු වරදාන ලැබෙන විට කතානායකතුමනි ඇතැමෙක් වෙනස් වෙනවා. එහෙත් වි.ජ.මු එහෙම වුණේ නැහැ. වාද විවාදවල යෙදෙද්දී පවා තමන්ගේ භාෂා සාහිත්‍ය දැනුම දේශපාලන වේදිකාවට ගෙන එන්න එතුමා සමත් වුණා. විරුද්ධ මතවාදීන්ගේ හිත් නොරිදා මතයක් ජනගත කිරීමේ සුවිශේෂී හැකියාවක් වි.ජ.මු ට තිබුණා. මේ නිසා ජනතාව ඉදිරියේ එතුමා දක්ෂ දේශකයෙක් විදියටත් ඇගැයීමට ලක්වුණා.

ආණ්ඩුවේ දේශීය වෛද්‍ය, අධ්‍යාපන, සංස්කෘතික, ප්‍රවෘත්ති වගේ ක්ෂේත්‍රයන් එදා භාර වුණේ වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමාට. එතුමා ඒ සෑම අමාත්‍යාංශයකින්ම මතක තියෙන දෙයක් රටට දායාද කරන්න සමත් වුණා. මට මතකයි සිංහල හින්දු අලුත් අවුරුද්දට හිස තෙල් ගෑමේ චාරිත්‍රයට රාජ්‍ය අනුග්‍රහය දීලා ඒ චාරිත්‍රය ජනගත කරන්න එතුමා විශාල කාර්යභාරයක් කළා. ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ කොළ කැඳ වීදුරුවෙන් පටන්ගෙන ඔසුපැන් ජනතාව අතරට ගෙන යන්න ආරම්භය තැබුවේ වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමායි. ඒ විතරක් නෙමෙයි දුරකථන ඇමතුමට ආයුබෝවන් කියලා ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තේ එතුමාගේ මැදිහත්වීමෙන්.

මට මතකයි අපි ඇතැම් වෙලාවට වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමාගෙන් ඇතැම් වචනවල අර්ථය විමසනවා. ඒ වෙලාවට වචනවල අර්ථය විතරක් නෙමෙයි ඊට අදාළ පාලි, සංස්කෘත හා ඉංග්‍රීසි වචනය පවා කියලා දෙන්න වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමා සතුව විශාල දැනුමක් තිබුණා. අලුත් පරම්පරාවට දේශීය සංස්කෘතිය ලබාදෙනවා පමණක් නෙමෙයි ඔවුන් ලවා දේශීයත්වය ආරක්ෂා කරගත යුතු යැයි එතුමා කල්පනා කළා. ඒ නිසාම තමන්ට අමාත්‍යාංශ වගකීම පැවරුණු අවස්ථාවල ත්‍රිපිටක ධර්මය සිංහලට පරිවර්තනය කර නැවත මුද්‍රණය කරන්නත්, වීර චරිත පිළිබඳ . ‘පූජිත ජීවිත’ ග්‍රන්ථය හඳුන්වා දෙන්නත්, සුභාෂිතය, ලෝකෝපකාරය, අමාවතුර, වදන් කවි පොත සහ සකස්කඩය වැනි ග්‍රන්ථ නැවත මුද්‍රණය කිරීමටත් වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා මූලිකත්වය ගත්තා.”



අදහස් (6)

විජමු කළේ විරුද්ධවාදීන්ගේ හිත් නොරිදවා තම මතය ජනගත කිරීමයි

siri Thursday, 25 February 2021 12:01 PM

ඒක වෙන්න ඇති ඒ කාලයේ ඔබතුමාගේ සුහද, කීකරු ගෝලයෙක්ව සිටි දැන් අමනාප වෙලා ඉන්න හිටපු ඇමතිතුමෙක් පාර්ලිමේන්තුවේදී ලොකුබණ්ඩාර කතානායකතුමාට ගෞරවනීය අන්දමට ආමන්ත්‍රණය කලේ...

:       0       0

කපුරුහාමි Thursday, 25 February 2021 12:04 PM

තමුන්ටත් වි.ජ.මු. ගෙන් ඉගෙන ගන්න හුඟක් දේවල් ඇතිනේ...

:       0       0

suriya bandara - haputhale. Thursday, 25 February 2021 12:45 PM

88-89 කාලයේදී කරපු වැඩ බලලාද ඔබ උතුරේ වැඩ ඇල්ලුවේ...?, ඔයාටත් ටිකට් එක එනවලු...

:       0       0

Rata Perata Thursday, 25 February 2021 03:40 PM

ඒත් අපි රාජපක්ෂලා අයින් කරලා දානවා... නැද්ද?

:       0       0

nihal Friday, 26 February 2021 02:43 AM

තම මතය ජනගත කිරීම යනු අපේ රට ප්‍රපාතයට අරන් යන අයට උදව් කිරීමයි. මොවුන්ගෙන් රටට යහපතක් වී නොමැත.

:       0       0

kamal Friday, 26 February 2021 05:30 AM

ඒ කියන්නේ දිය යටින් ගින්දර ගෙනියන්න පුළුවන්කම තිබුණු කෙනෙක් කියන එකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1193 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1189 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 437 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site