(නිමල කොඩිතුවක්කු)
රාජ්‍ය තාන්ත‍්‍රිකයකු, සිවිල් නිලධාරියෙකු සහ නීතීඥයකු වන ආචාර්ය වික‍්‍රම වීරසූරිය මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත විය.
කොළඹ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වූ වීරසූරිය මහතා ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ හිටපු මහකොමසාරිස්වරයා ලෙස ද කටයුතු කළේය.
ආර්ථික විද්‍යාව පිළිබඳ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් 1972 වසරේ දී ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇති වික‍්‍රම වීරසූරිය මහතා මෙරට සහ විදේශීය විශ්ව විද්‍යාල රැසක ආචාර්යවරයකු ලෙස ද කටයුතු කළේය.
ජේ. ආර් ජයවර්ධන රජයේ සැලසුම් ක‍්‍රියාත්මක කිරිමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළ ඒ මහතා මෙරට පළමු රක්ෂණ ඔම්බුට්ස්මන්වරයා ද වේ.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතාගේ උපදේශකවරයකු ලෙස ද ඔහු කටයුතු කළේය.
දේහය අංක 10, ක්ලෙසන් පෙදෙස කොළඹ 05 ලිපිනයේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් රාජ්‍ය නිලධාරියෙකුට මගේ ශෝකය!
නොයෙකුත් විෂයන් උගත් ගුරුවරුන් අතරින් ඔබත් විශේෂ ගුරුතුමෙකි...... ව්‍යාපාර නීතියට අමතරව ප්‍රගුණ කල භාෂාව පසු කාලීන වෘත්තීන්ට මහගු උපකාරයක් විය...... ඊට මගේ තුතිය..... වියෝව කණගාටුව දනවයි එහෙත් ජීවිතය යනු මෙයි සසර අග ඔබට නිවන් සුව පතමි!!!!!!!!!!!!!!!