(යොහාන් භාසුර)
ලේ බැංකුවේ පවතින ලේ හිඟය පියවීම සඳහා ඉදිරි සතියේ සියලූම ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානවලට පැමිණ ලේ පරිත්‍යාග කරන්නැයි තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.
එහි පළමු පියවර ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජාතික රුධිර මධ්‍යස්ථානයේදී ඊයේ (19* ලේ පරිත්‍යාග කළේය.
ලේ හිඟය පවතින බව ජාතික රුධිර මධ්‍යස්ථානය කළ නිවේදනයට අනුව ක‍්‍රියාත්මක වූ අමාත්‍යවරයා තරුණ ප‍්‍රජාව සහ ඒ සඳහා හැකියාව ඇති පිරිස දිරිගැන්වීමට සියලූම යොවුන් සේනාංක මධ්‍යස්ථාන ලේ පරිත්‍යාග කිරීමේ ස්ථාන බවට පත්කර තිබේ.
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ලේ පරිත්‍යාග කිරීමෙන් අනතුරුව මෙසේ අදහස් දැක්වීය. ‘‘කොරෝනා වසංගතයක් සමඟ ලංකාවේ බොහෝ තැන්වල ලේ පරිත්‍යග කිරීමේ සායන පැවැත්වීමට නොහැකි වුණා. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ වෛද්‍යවරුන් ලේ හිඟයක් තිබෙන බව අප වෙත දැනුම් දුන්නා.
ඒ වෙනුවෙන් අපට කළ හැකි දේ නම් පැමිණ ලේ පරිත්‍යාග කිරීමයි. ඉදිරි සතියක කාලයේ රට පුරා පිහිටි ජාතික යොවුන් සේනාංකය මධ්‍යස්ථානවලට පැමිණ ඔබ ලබාදෙන එම ලේ පරිත්‍යාගයෙන් වටිනා ජීවිතයක් බේරාගැනීමේ පුණ්‍ය කර්මයට ඔබට දායක විය හැකියි.
ඒ සඳහා හැකියාව ඇති සියලූදෙනාටම ළඟම තිබෙන මධ්‍යස්ථානය සම්බන්ධ කරගෙන ඔබට හැකි පිරිස ඒ සඳහා යොමු කර ලේ හිඟය කඩිනමින් පියවා ගැනීමට ලේ පරිත්‍යාග කිරීමට මැදිහත් වන ලෙෂ මම ආරාධනා කරනවා.
සංචරණ සීමා පවතින කාලය තුළ අදාළ කටයුතු සම්බන්ධීකරණ සඳහා තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යංශය, ජාතික රුධිර මධ්‍යස්ථානය, ප‍්‍රජා පොලිස් ඒකක, ග‍්‍රාමීය කමිටුව සහ ජාතික යොවුන් සේනාංකය එක්ව කටයුතු කරනවා’’



2025 නොවැම්බර් මස 17
28
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලේ දෙන්න තැන් මෙන්න